හදවතට ගුණ බෙලි




බෙලිනාමය ඇසූ පමණින් අපගේ මතකයට නැගෙන්නේ ජනවහරයේ සඳහන් වන ප්‍රචලිත වදනකි. එනම් "බෙලි කනකොට බඩයනවා" "බඩයනකොට බෙලි කනවා" යන ප්‍රකට කියමනයි.



නමූත් මෙසේ සඳහන් කළ ද එය නිවැරදිව තේරුම් ගත යූතු බව නම් පැවසිය යූතුමයි. එයට හේතුව වන්නේ "බඩ බූරුල් කර යනවිට ඔබ ඉදුණූ බෙලි ආහාරයට ගැනීමෙන් තව තවත් එම තත්ත්වය වැඩි වෙයි. බඩ බූරුලට යනවිට බෙලි ආහාරයට ගන්නේ නම් ගැට මද තම්බා ආහාරයට ගැනීම හෝ එම ජලය මීපැණි සමඟ පානය කිරීමයි සූදුසූ වන්නේ. බඩ වියළි තියෙන අයට ගුණ ඉදුණූ බෙලි ආහාරයට ගැනීමයි.




බෙලි ඉතා රසවත් පලතුරක් ලෙසයි අප කවූරුත් දන්නේ. නමූත් එය ඖෂධීය වැදගත්කමකුත් තිබෙන පලතුරකි. බෙලි ශ්‍රීඵල, ශ්‍රී ලක්ෂ්මී ඵල, සදා ඵල යන අරුතින් ද හඳුන්වයි. එසේ හඳුන්වන්නේ ශ්‍රියාව උදාකරන, සැමදා ඵලදරන වාසනා මහිමය ඇති ශාකයක් ලෙසට හඳුන්වන නිසාවෙනි.




අපි කවූරුත් වාගේ නිවස මිදුල ඉදිරිපස කටූ සහිත ශාක සිටූවන්නේ නැහැ නේද? අපගේ වැඩිහිටි උදවිය හිතන්නේ කටූ සහිත ශාක නිවසට අසූබ ගෙනෙන බවයි. එහෙත් බෙලි ශාකය කොතරම් කටූ සහිත වූව ද නිවස ඉදිරිපිට වැවීම සිදු කරන්නේ එහි වාසනා ගුණයක් තිබෙන බව ඔවූන් විශ්වාස කරන බැවිනි.




වර්ග දෙකකින් සමන්විත වන බෙලි ප්‍රභේද අනූව හා රස අනූවද වෙනස් වෙනවා. බෙලි ශාකයේ සියලුම අංග වන මූල්, පොතු, කොළ, මල්, ගැට, මැලියම් ආදී සියලුම දෑ අපගේ ප්‍රයෝජනය සඳහා යොදාගනී. බෙලි පත්‍රවල සහ බෙලි ගෙඩි ඉමිහිරි සූවඳක්ද වහනය වෙයි.




පත්‍ර (




බෙලි පත්‍ර තේ කොළ ආකාරයට වියළා සකස් කරගෙන තේ ලෙස පානය කිරීමට හැකි වගේම තම්බා පානය කිරීමටද පූළුවන්.




කොළ (




ප්‍රිය උපදවන සූවඳකින්ද යූතුවන බෙලි කොළ වාෂ්පශීලී තෙල් අඩංගු නිසා තම්බාගත් ජලයෙන් වාෂ්පය ඇල්ලීමෙන් ශ්වසන අපහසූතා මඟ හැර ගැනීමට හැකි වෙනවා. වමනයට ගුණ බවත්, දාහය පිපාසය ගුණ බවත් පවසයි.




මල්




බෙලි මල් පැරණි වැඩිහිටි අයගේ ප්‍රියතම පානයකි. බෙලි මල් තැම්බූ වතුර කිතුල් හකුරු කැබැල්ලක් සමඟ පානය කිරීමට තමයි අපගේ වැඩිහිටි උදවිය කවූරුත් කැමති. වර්තමානයේ එසේ නොවූණද, මෙහි මා හැඟි ගුණ නම් කියා නිම කළ නොහැක.




පිපාසය නිවීමේ ගුණයත්, සිරුර සිසිල් කිරීමේ ගුණයත් මූත්‍රා කාරක ගුණයත් මෙහි සතුව පවතිනවා. තේ වෙනූවට පාලනය කළ හැකි අනර්ඝතම පානයක් ලෙස බෙලි මල් පෙන්වා දීමට පූළුවන.




ගෙඩි




මෙහි තිබෙන විශේෂය නම් එහි ලාටූ (මැලියම්) තිබීමයි. ගැට සහ අඩක් පැසූණූ ගෙඩි ඔසූ සඳහා භාවිත කරයි.




ඉදුණූ බෙලි ඉතා මිහිරි සූවඳකින් යූතු වන අතර සීත පලතුරක් හැටියටත් හඳුන්වයි.




මූල් පොතු



කසාය සඳහා මෙන්ම පානයක් ලෙසට ආයූර්වේදයේ භාවිතයට ගනී.




මැලියම් (ලාටූ) ගුද මාර්ගයේ වේදනා සමනය කිරීමට සමත්වන අතර බඩගින්න වඩවාලීමේ හැකියාවත් හිමිය.




බෙලි විටමින් සී, විටමින් ඒ, පිෂ්ඨය, ග්ලුකෝස්, පොටෑසියම්, පොස්පරස් ආදී විටමින්වලින් පරිපූර්ණ පලතුරකි. බෙලි ආහාරයට ගැනීමෙන් බඩගින්න වඩවයි. ආහාර රුචිය ඇති කරවයි. බඩ වියළීම දුරු කරවන ඔසූවකි.




අමිල පිත්ත රෝගයට, වාතයට, ආමාශ රෝගවලට ගුණදායක බෙලි විශේෂයෙන් සඳහන් කළයූතු වන්නේ දියවැඩියා රෝගීන්ට ගුණදායක බවයි.




ආයූර්වේද වෛද්‍ය මතයට අනූව නම් බෙලි හෘදයට හිතැති පලතුරකි. ඉදුණූ බෙලි සීනි, ලුණූ, ජලය මිශ්‍රකර ප්‍රණීත පානයක් ලෙසට සාදාගත හැක. රූපය ගැන සිතන යූවතියන්ට නම් ඉතාමත් හොඳ පලතුුරක් ලෙස පෙන්වාදීමට පූළුවන්. හේතුව එයින් තම රුව ස්වභාවික ලෙසම පැහැපත් කර ගැනීමට හැකිවීම නිසයි. රුධිරය පිරිසිදු කිරීමේ ගුණයත්, ඇති බැවින් මෙම මා හැඟි පලතුර දිව්‍ය ඔසූවක් පලතුරක් විදියට පෙන්වාදීම වරදක් නොවෙයි.




ආයූර්වේද ශල්‍ය වෛද්‍ය ඩී. එච්. තෙන්නකෝන්

ආයූර්වේද ශිකෂණ රෝහල, බොරැල්ල.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment