කුරුලෑ ඔබටත් ප්‍රශ්නයක් වෙලාද?




සමේ රෝග විවිධාකාර වේ. රූපලාවන්‍ය ශිල්පීන් තමන්ට සූව කල හැකි රෝග හඳුනාගෙන අනිකුත් රෝග, ප්‍රතිකාර සඳහා සේවදායකයාව වෛද්‍යවරයෙකු වෙතට යැවීම සූදුසූයි. අද අපි කුරුළෑ ගැන කතා කරමූ. බොහෝ ස්ත්‍රීන්ට ඇතිවන ප්‍රශ්නයක් වූව ද දැන් පිරිමින්ටද මෙය බොහෝ සේ ඇති වූ විට ප්‍රශ්නයක් වී ඇත.

වැඩිපූරම තරුණ ගැහැනූ ළමූන් සහ පිරිමි ළමූන්ටත් කුරුලෑ දක්නට ලැබේ.

කුරුලෑ වර්ග රාශියක් ඇත. මෙය ඇතිවීමට ප්‍රධාන හේතුව නම් රෝම කූපවල ඇති තෙල් ග්‍රන්ථි පැසවා හැරව පිරීමය. මෙම කුරුළෑ මූහූණ, ගෙල උරහිස සහ පිටෙහි ඇතිවිය හැක.

කුරුලෑ වර්ග බොහොමයකින් කිහිපයක් නම්

ං ජෙනරාලිස් කුරුලෑ ඃ

ශරීරය පූරා සෑදෙන කුරුලෑ

ං රෝසාගේ කුරුලෑ ඃ

නාසයේ, කම්මූලේ සහ නිකටෙි ඉතාමත් තදබල ලෙස විශාල තුවල මෙන් ඇතිවන කුරුලෑ.

ංආටිෆිෂල් කුරුලෑ ඃ කැසීමක් තුවාල වූ සමට විශාල වශයෙන් බැක්ටීරියා ඇතුළු වූ විට හා අහිතකර රෙදි හෝ ද්‍රව්‍යය සම හා ගැටීමෙන් ඇතිවන කුරුලෑ.

ං ජිලියාරිස් කුරුලෑ ඇහිපිහාටූවල පමණක් සෑදෙන කුරුලෑ.

ං වල්ගාරිස් කුරුලෑ ඃ අනූදැනූමක් නැතිව කලු ලප (ඊක්ජන යැ්ාිඃ තුවාල කර එළියට ගැනීමට තැත් කළ විට එය පැසවීමෙන් සෑදෙන කුරුලෑ.

ං තරුණ වයසේ ඇතිවන කරුලෑ ඃ

මෙය හෝමෝන විපර්යාසයෙන් සමේ තෙල් ග්‍රන්ථි ක්‍රියාකාරිත්වය වැඩිවන නිසා ඇතිවන කුරුලෑ.

මෙවැනි කුරුලෑ එකිනෙක හඳුනාගත් පසූ ප්‍රතිකාර කල හැක. කුරුලෑ ප්‍රශ්නය විසඳීමට ඇති විශේෂතම විද්‍යූත් රූපලාවන්‍ය උපකරණය නම් හයි ෆ්‍රික්වන්සි උපකරණයයි. (්‍යසටය තරුූමැරබජහඃ

මෙමගින් ප්‍රතිකාර කිරීම ඉතා පහසූවන අතර අපූරු ප්‍රතිඵලද ලබාගත හැක. රූපලාවන්‍ය ශිල්පියා මෙම උපකරණය පිළිබඳව මනා දැනූමකින් නොසිට වැරදි ලෙස භාවිත කළහොත් ප්‍රතිඵලද භයානක විය හැක. උපකරණය ගැන යමක් කියනවා නම්, අධික සංඛ්‍යාවක් රුධිර හා ලිටිෆ් නාල සහ සමේ ක්‍රියාකාරිත්වයට බෙහෙවින් උපකාර වන අතර තත්පරයට වට 50,000 ක් කැරකේ. මෙය සමට කා නොවැදී සම ප්‍රබෝධමත් කර රුධිර සංසරණය දියූණූ කරයි.

මෙම අධි සංඛ්‍යාත තරංග බැක්ටීරියා විනාශ කර සජීවී ෙසෙල විනාශ නොකරයි. නමූත් අවශ්‍ය තරමට වඩා භාවිත කළහොත් චර්මීය ෙසෙල විනාශ විය හැක.

මෙම තරංග ක්‍රම 2 කට භාවිත කළ හැක.

1 අඛණ්ඩ තරංග ඃ මෙය භාවිත වන්නේ කුරුලෑ සහිත සමටයි. මෙමගින් බැක්ටීරියා සහ අපවිත්‍ර ද්‍රව්‍ය ඉවත්කර සමේ ක්‍රියාකාරිත්වය වැඩි කෙරේ.

2 අඛණ්ඩ නොවන තරංග ඃ මෙම ක්‍රමය භාවිත වන්නේ අතින් කරන සම්භාහන ක්‍රමවලදීය. මෙහිදී සේවාදායකයා ඉලෙක්ට්‍රෝඩය අතින් අල්ලා සිටි විට ශිල්පියා සම්භාහණය කරයි. ධාරාව ශරීරය තුළින් ගලා යන නමූත් ශිල්පියාගේ අත් සමට ගැටෙන ස්ථානවලට පමණක් ධාරාව ක්‍රියාත්මක වේ.

තුඩූ සහිත පැසවූ කුරුලෑ සහිත මතුපිට ඇති ෙසෙල ලිහිල් කිරීමට මධ්‍යම ශක්තියෙන් යූතු ධාරාවන් වරින් වර පතිත වන ලෙස භාවිත කෙරෙන උපකරණය භාවිත නොකළ යූතු අවස්ථා.

1 මීමැස්මොර රෝගය, හෘද වස්තු රෝග හා ඇඳුම රෝගය ඇති අයට.

2 සිතෙහි බය ඇති අයට.

3 නොදන්නා සම් රෝග ඇති අයට.

4 අලුතින් දත් පිරවූ අයට.

5 ගර්භණී මවූවරුන්ට.

සෑම සේවාදායකයින්ගේ ආරක්ෂාව මෙන්ම සියලු උපකරණද ආරක්ෂා කර තැබීම අත්‍යවශ්‍යය වේ. ප්ලග් එක ගලවා විෂබීජ නාශක ගැල්වූ පූළුන් කැබැල්ලකින් පිස දමා වීදුරු ඉලෙක්ට්‍රෝඩ ආරක්ෂා ලෙස තබන්න. මේ සඳහා පාවිච්චි කළ සියලු භාජන තුවා හා නොයෙකුත් දෑ ජීවානූහරණය කරගත යූතුයි.

සමක ව්‍යූහය හා සම පිළිබඳව අපි ලබන සතියේ කතා කරමූ. සම පිළිබඳව නොදැන සමේ ඇතිවන කිසිදු රෝගයක් සඳහා ප්‍රතිකාර කල නොහැක.




ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී,
ජැකී අපොන්සො

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment