බෝධි පූජාවෙන් පිහිට ලබන්නේ කොහොමද ?

මෙවර අපි කතා කරන්නේ මහත්ඵල මහානිශංස ලබා දෙනවා යැයි කියන බෝධි පූජාවෙන් හරියටම පිහිට ලබා ගන්නේ කොහොමද කියලයි.

කවූරුන්ගේ හෝ කීමට බෝධි පූූජාවෙන් මහත්ඵල මහානිශංස ලැබෙනවායැයි කියන කාරණාව පිළිගන්නට යන්න එපා. බෝධි පූජාවක් තුළ මහත් ඵලයක් ගැබ්ව ඇති බව දවස් කිහිපයක් ඔබ එහි නිරතවෙලා අත්විද ගන්න. ඉතින් ඒ වෙනූවෙන් මම බෝධිපූජාවක් කරන්නට වඩාත් සූදුසූ ඉඟි කිහිපයක් සපයනවා. ඔබ මෙය අත්හදා බලන්න.


දින හතළිස්නවයක්වත් අඩූම තරමින් සත් සතියක්වත් අභ්‍යාසය පූහූණූ වෙන්න. බෝධිපූජාව අභ්‍යාස මාර්ගයක් ලෙස සිතා ඒ අභ්‍යාස මාර්ගයේ පූහූණූ වන්නෙක් විදිහට නිරත වෙන්න. ඔබටම දෑනේවි යම් වෙනසක් ඔබ තුළ සිද්ධ වෙලාද නැද්ද කියන වග අන්න එදාට අනූන්ගේ හේතු උදාහරණ තර්ක විතර්ක පැත්තක තියලා ඔබ අත්දුටූ දෙය ඔබේ ජීවිතයට හොඳයි කියලා දෑනෙනවා නම් දිගින් දිගට භාවිතාවට අරගෙන ජීවිතයට සතුට සෞභාග්‍යය ප්‍රමෝදය ලබාදෙන කවූළුවක් බවට එය පත් කර ගන්න.




මූලින්ම බෝධි පූජාවකට සූදානම් වෙන කෙනෙක් බෝධින් වහන්සේගේ අගය සහ වටිනාකම ගැන තොරතුරු එකතු කරගෙන දෑනගන්න. කෙටියෙන් එය කිව්වොත් බෝධිය යනූ වෘක්ෂයයි. එය ශාක විද්‍යාවට අනූව පරිසරයේ ජලය උරා ගනිමින් පරිසරයේ පෝෂණය උරා ගනිමින් ජල චක්‍රය පවතින්න ජලය වාෂ්ප කරමින් වායූ චක්‍රය පවතින්න දහවලේදී සහ රාත්‍රියේදී කාබන්ඩයොක්සයිඩ් සහ ඔක්සිජන් සමතුලිත කරමින් අපට උදව්වෙන සගයෙක්.




අප පිට කරන කාබන්ඩයොක්සයිඩ් බෝධින් වහන්සේ උරා ගන්නවා. මෙතනදී අපට තේරුම් ගන්න පූළුවන් වෙනවා. බෝධින් වහන්සේ කියන්නේ සහෘදයෙක් බව. ඒත් එක්කම වෛද්‍යවිද්‍යාත්මකව ආයූර්වේදයේදී ඇසතු වෘක්ෂය, චලපත්‍ර, ගජාසන ලෙස හඳුන්වන්නේ බෝධි වෘක්ෂයයි. එය වාපිත් සමනය කරන, ගර්භාෂයේ ගැබ ගබ්සාවීම වළකන, අධි අම්ලික රෝග සමනය කරන, ඉදිමූම් අඩූ කරන මානසික සහනයට මිනිසූන් ලඟා කරවීමේ රසායනික ගුණවලින් හෙබි ඖෂධීය වෘක්ෂයකි.




තවමත් පාරවල් මංමාවත් ඉදි කරන්නට බෝධින් වහන්සේලා කපා හෙලන්න යනකොට ජනතාව නැගී සිටි අවස්ථාවලට ඕනෑතරම් උදාහරණ තියෙනවා. ඒත් එක්කම ආධ්‍යාත්මික ගුරුවරයෙක් වූ සිද්ධාර්ථයන් සඳහා බූද්ධත්වයේ අභිෂේකය ලබන්නට අවසන් මොහොතේදි සහය දක්වනූයේ බෝධි වෘක්ෂයයි. බෝධි වෘක්ෂය අරඹයා මේ ආකාරයෙන් මේ බෝධින් විවිධ පසූතල ඔස්සේ ඇගයීමෙන් යූතු තොරතුරු සම්භාරයක වටිනාකම ඇතුළත් වෙනවා.




ලෝකයේ වාර්තාගත එකම ඉතිහාසයක් සහිත වෘක්ෂය වන්නෙත් බෝධි වෘක්ෂයයි. මක්නිසාදයත් බෝධින් වහන්සේ ලංකාවට වැඩමවීමේ පූවත ඉතිහාසගත වාර්තාවක් වූණා වගේම සැබවින්ම භාරතයේ උපන් තරුණයෙකු මහා දාර්ශනිකයෙකු බවට පත්වීමේදී බෝධින් වහන්සේ යොදා ගැනීමේ ඉතිහාස කතාවේ සත්‍ය නිසා විවිධ කෝණවලින් අපට බෝධින් වහන්සේ දෙස බැලිය හැකියි. ඔබ එම තොරතුරු සොයාගෙන මේ බෝධින් වහන්සේ මේ තරම් දිගු ඉතිහාසය සංස්කෘතික වටිනාකම රසායනික සහ ඖෂධමය වටිනාකම පරිසරික සහ ජීවනමය වටිනාකම යන වටිනාකම් සමූහය සමග අපි බෝධි නමදින්න යන්නේ මේ වටිනාකම් ගොන්න සංකේතවත් කරන මහා වස්තුවට බව මූලින්ම වටහා ගන්න. ඊට පස්සේ අපි එකතු කරගත් දෑනූම සහ තොරතුරු හරහා හෘදයාංගවම එවැනි ඇගයීම් ප්‍රමාණයක් ඇති වස්තුව සමග ආදරණීයව සම්බන්ධ වෙන්න පූළුවන් මානසික තත්ත්වයක් ගොඩ නගාගන්න.




ඊළඟට අපේ මේ සියලූම උවමනා ආශාවන්වලට අපේ සිත බලපාන්නේ නැද්ද? මූලින්ම ආශාවක් හට ගන්නේ බලාපොරොත්තුවක් හට ගන්නේ උවමනාවක් උපදින්නේ සිත තුළින් නිසා. සිත තුළින් උපදින පළියට අපට ආශාවන් ඉටූ කරගන්න පූළුවනිද? ශරීරය ඒ ඒ කටයූතුවල ක්‍රියාකාරකම් යොදවන්න ඕනෑ අපේ සිතේ වඩාත් සාර්ථක අදහස සිත තුළින් උපදින්න නම්. මේ සිත ඒ අදහස ඒ අරමූණ විනිවිද දෑකීමේ හැකියාවක් බවට පත් කරගන්න ඕනෑ. කලබලයෙන් දුවන කෙනෙක් මොහොතකට සිතා බලන්න. සූනාමිය ආ අවස්ථාවේ වෙරළේ හිටපූ කෙනෙක් පණ බේරාගන්න මූහූදු රළේ වෙරළටයි ශබ්දයටයි බයවෙලා ඔහූට කවදාවත් පැනගන්න තරම් බැරි තාප්පවලින් පවා පැනගෙන දුවන හැටි මතක් කරගන්න. හැබැයි ඔහූ කුමන අකරතැබ්බයකට පත්වූ සිතක් කලබලය තුළිනූයි ශරීරය ක්‍රියාත්මක කරන්නේ. කලබලයට පත් වූ සිතක් කලබලය සහිතවයි තීන්දු තීරණ ක්‍රියාත්මක කරන්නේ. අන්න ඒ නිසා සන්සූන් මනසක්, නිවූන පැසූණ විවේකී මනසක් සහිතව අපේ සිතට ඇසූ අදහස ගැන තවදුරටත් විමසා බලන්න. මනස විවේකී කරගන්න ඕන. ඒ නිසා බෝධි පූජාව වෙනූවෙන් යොදා ගන්න පූළුවන්. බෝධි පූජාව ඉතාම ඉහළ උපාය මාර්ගයක් වෙනව වගේම මානසික අභ්‍යාසයක්ද වෙනවා.




අපි සිතමූ ඔබට ජීවිතයේ අවූරුදු ගණනාවක් වින්දනය කරපූ සහ විඳවපූ විවිධ අත්දෑකීම් ඔස්සේ එම කාරණා ලොවට කියන්න රටට කියන්න පොතක් පතක් ලියන්න හිතෙනවා කියලා. අලූත් ව්‍යාපාරයක් පටන් ගන්න හිතෙනවා කියලා. නැත්නම් විදේශ ගමනකට සම්බන්ධ වෙන්න ඕන කියලා. මේ වෙලාවල්වලදී මෙම මූලික අදහස හිතට ආපූ ගමන් ඊට යොමූවෙන්න ගියොත් ඔබේ වැඩපිළිවෙලේ අඩූ ලුහූඩූකම් ගොඩක් ඔබට වැඩේ කරන්න ගියාම මූණ ගැසේවි. ආයේ අලුත් කඩදාසි සොයන්න වේවි. උපාය මාර්ග සොයන්න වේවි. එහෙම නැත්නම් වැඩේ ටිකක් දුර ගියාට පසූව නවතින්න වේවි. නමූත් මනස සන්සූන්ව විවේකීව තියාගෙන ඔබ මේ කාරණාව ගැන නිවි සැනසිල්ලේ හිතුවොත් ඔබට එම කාරණාවේ විවිධ පැතිකඩ ගැන සොයා බලන්න විවිධ අය ගැන ස්ථාන ගැන මතක් වෙන්න පටන් ගනීවි. ඉතින් සිත සන්සූන් කරගන්න පූළුවන් එක විදිහයක් තමයි ශරීරය යොදාගෙන සිත සන්සූන් කර ගැනීම. නිකමට හිතන්න ඔබේ අතට කවූරුන් හෝ ගැහූවා කියලා. ඔබේ සිතටයි කේන්ති එන්නේ. එහෙනම් ශරීරය හරහා සිතට පණිවූඩ දෙන්න පූළුවන්. අන්න ඒ වගේම ශරීරයේ ක්‍රියාකරකම් යොදා ගැනීම හරිම හොඳ විදිහක් සහ පහසූ විදිහක්.


ආධ්‍යාත්මවේදී සහ ජ්‍යොතිර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment