සමේ රෝග ඇති අයට මිරිස් ගුණ නැහැ




වෑංජන රස ගන්වන්නට කොපමණ කුළු බඩූ වර්ග තිබූණද ඒවා භාවිත කළ ද අපේ උදවිය මිරිස් නොමැති නම් ආහාර ගැනීමත් ප්‍රතිකෙෂ්ප කරනවා නොඅනූමානයි. කොතරම් සැර වූවද සෑම නිවසකම මූළුතැන්ගෙයි පිසින ලද වෑංජනවලට එකතු කරන අනිවාර්ය කුළුබඩූවක් ලෙස සූවිශේෂී තැනක් මිරිස්වලට හිමි වී තිබෙන බව නොරහසකි.

එය අමූමිරිස් වශයෙන් සහ කුඩූකරගත් මිරිස් වශයෙන් ද ආහාරවලට එක්කර ගනී. විශේෂයෙන් මස් වෑංජනයක් කරවල හොද්දක් සාදන විට අපේ ගෘහනියට අත්‍යවශ්‍යම දෙයකි. හේතුව මිරිස්වල සැර, රස වගේම මිරිස්වල රත් පැහැය එම වෑංජනවලට අනිවාර්ය බැවිනි.

ශ්‍රීලංකාව, ඉන්දියාව වැනි රටවල වගා කරන මිරිස් ඉංග්‍රීසි භාවිතයේදී චිලි නමින් හැඳින්වෙයි. මූල් කාලයේදී කොළ පැහැති කරල් වන අතර ඉදුණූ පසූ රතු පැහැ වේ. එවිට දිලිසෙන ස්වභාවයක් ද දක්නට පූළුවන්.

මිරිස්, අප සිතන්නේ රසයත් සැරත් තිබෙන කුළුබඩූවක් හැටියටයි. නමූත් මිරිස්වල ප්‍රෝටීන්, මේදය, කාබෝහයිඩේ්‍රටි, ඛනිජ ලවණ, කැල්සියම්, විටමින් සී, යකඩ, පොස්පරස්, පොටෑසියම් අම්ල වර්ග සහ පෝෂක ගුණවලින් ද පොහොසත් බව ඔබ දන්නවා ද?

මෙය ආම්ලික බවින් යූතු වන අතර උෂ්ණ, තිත්ත රසින් ද යූතුය. ආයූර්වේදයට අනූව ආහාර ජීර්ණය ඇති කරවයි. බඩගින්න වඩවාලන, මෘදු විරේකය ඇති කරවන, කැස්ස, සෙම ඉවත් කරන ඔසූ ගුණයෙන් ද හෙබිය.

තවද මිරිස් හෘදයට ගුණදායක බවත් උණ රෝගීන්ට, ආතරයිටීස් රෝග ආදියට, බඩගින්න අඩූ අයට වගේම මැලේරියා උණ තිබෙන අයට ද ගුණ දායක වෙයි.

විශේෂයෙන් සඳහන් කරනවා නම්, අප රස කර කර කන සෝස් වර්ගත් මිරිස් රසින් නිෂ්පාදනය කර තිබේ. රසකාරක කුළුබඩූවක් ලෙස පාවිච්චි වූවද එය සීරුවෙන් භාවිත කළ යූතු වෙයි.

සිංහල අවූරුදු කාලය ලංවන විට අමූමිරිස් අපට නැතුවම බැරිය. ඒ සෑම නිවසකම පිළියෙල වන අච්චාරුවට අනිවාර්ය දෙයක් නිසාවෙනි.

අපගේ එදිනෙදා ආහාරවලට ඇතුවත් බැරි නැතුවත් බැරි මිරිස් බඩේ දෑවිල්ල, උදර දාහය, ගැස්ට්‍රයිටීස්, අර්ශස්, ආහාර මාර්ගයේ අන්ත්‍රගත තුවාල ඇති අයට, උගුරට එන අයට, වකුගඩූ රෝගීන්ට, දද, කුෂ්ට වැනි සමේ රෝග වැළදී තිබෙන අයට එතරම් සූදුසූ නොවන බවත් සඳහන් කළ යූතුය.

අයූර්වේද ශල්‍ය වෛද්‍ය ඩී.එච්. තෙන්නකෝන්
ආයූර්වේද ශිකෂණ රෝහල, බොරැල්ල

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment