හොඳ පෞරුෂයකින් යූත් අයෙක් වන්නට නම් මූඛ සෞඛ්‍යයත් වැදගත්



සමාජ චාරිත්‍ර වාරිත්‍ර ගැන අපේ අවධානය යොමූ කරමින් යන මේ ලිපි මාලාවේදී අපේ අවධානයට යොමූ වූ කරුණූ අතර පිරිසිදුකමට සූවිශේෂ ස්ථානයක් හිමිවෙන බව අපි හොඳාකාරවම දනී.

අප පූරුදු කරගත යූතු යහපත් සෞඛ්‍ය පූරුදු අතර, ගත වගේම මූඛයත් පිිරිසිදුව තබා ගැනීම වැදගත්ය.

සාමාන්‍යයෙන් මූඛයේ පිරිසිදුකම ගැන අප සිතිය යූත්තේ ඉතාම කුඩා අවදියේ බව අමූතුවෙන් කියන්නට ඇවැසි නොවේ. ඔබ මවක් නම් තමන්ගේ දරුවන්ගේ දත් ගැන විශේෂ අවධානය යොමූ කළ යූතුවෙයි. කුඩා කල පටන්ම දරුවන්ට රාත්‍රී නින්දට පෙරාතුව දත් මදින්නට පූරුදු කිරීම ඔබගේ යූතුකමකි. ඒ වගේම අධික පැනි රස ආහාරයක් ගත් පසූත් දත් පිරිසිදු කරගැනීමේ වැදගත්කම දරුවාට කියාදෙන්න. අනෙක් අතට දරුවාට නිතරම පැණි රස ආහාර පාන (සීනි සහිත) ඒවා ලබාදීමෙන් වැළකී, ප්‍රධාන ආහාර වේල්වලින් පසූව පමණක් පැණි රස ලබාදිම වැදගත්ය.

කොතරම් පැහැපත් පූද්ගලයකු වූව ද ඔහූගේ හෝ ඇයගේ දත් දුර්වර්ණවී ඇත්නම් ඇතිවන අපහසූතාවය වචනයෙන් විස්තර කළ හැකිද? නිරතුරුව උදේ - හවා දත් හොඳින් පිරිසිදු කරනවා වගේම මාස හයකට සැරයක් දත්ත වෛද්‍යවරයෙකු වෙත ඔබේ දත් පෙන්වන්නේ නම් මූඛ සෞඛ්‍ය වර්ධනය වීම වළක්වන්නට බැරිය. අනෙක් අතට දතක් පනූවෝ කන මූල් අවස්ථාවේදීම දන්ත වෛද්‍යවරයෙකුගේ පිහිට පැතිය යූතුවෙයි. නරක් වූ දත්වල කුහර විශාල වනතුරු නොසිට ඊට ඉක්මන් ප්‍රතිකාර ගැනීමට කටයූතු කළ යූතුයි.

පිරිසක් මැද ඔබ කතා කරමින් සිටියදී ඔබේ මූඛයෙන් දුඟඳක් හමා ආවොත් ඔබ කෙරෙහි, ඔවූන්ට අප්‍රසන්න සිතිවිලි පැන එම වළක්වන්නට බැරිය. මූඛයෙන් ගඳ එන හේතු හැකිතාක් අවම කරගත යූතුවෙයි. ඔබේ බඩ හිස්ව තබාගන්න එපා. එවිට ඔබේ මූඛයෙන් දුඟඳ හමන්නට පූළුවන් ඉඩකඩ වැඩිය. ඒ නිසා නියමිත වෙලාවට ආහාර ගන්න. අවශ්‍ය තරම් වතුර පානයද වැදගත්ය. ඒ කටයූතු කළහොත් බඩ තුළින් එන උෂ්ණය අවම කරගත යූතු හැක. ඒ වගේම වෙළඳ පොලේ ඇති, මූඛ සූවඳ හමන ද්‍රාවණයක් භාවිත කළොත් වඩා හොඳය. ඒ කෙසේ වෙතත්, නිවැරදි ආහාර රටාවන් සහ දත් හොඳින් පිරිසිදු කර මදිනවා නම් මූඛයෙන් හමන දුර්ගන්ධය අවම වේ.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment