දුම්පානය කොලෙස්ටරෝල් ඇතිවීමට ප්‍රධාන හේතුවක්

සැමියාගේ කොලෙස්ටරෝල් පාලනය කරන්න බිරිඳට උපදෙස්

රුධිරනාල අවහිර වෙන්න බලපාන අවසන් ප්‍රතිඵලය තමයි කොලෙස්ටරෝල් තැන්පත් වීම ලෙස අපි හඳුනා ගත්තේ.

අවසානයේදී ඔක්සිකරණය වූ ඛෘඛ කොලෙස්ටරෝල් රුධිරවාහිනියේ ඇතුළත ස්ථරය යට තැන්පත් වීමට පටන් ගන්නවා.

එම කාරණය සිදු කරන්න හේතු සාධක විදිහට අපට හඳුනා ගන්න පූළුවන් වයසින් වැඩිවීම. වයසින් වැඩි අයකුගේ කොලෙස්ටරෝල් තැන්පත් වූ කිරීටක ධමනියක් අපට සොයා ගන්න පූළුවන් නම් උදාහරණයක් විදිහට කාන්තාවක් මිය ගිහින් හෘදය කපලා බැලුවොත් අපට හඳුනා ගන්න පූළුවන් පිරිමි අය ගැහැනූ අයට වඩා තුන් ගුණයකින් එම තත්ත්වට ගොදුරු වන බව. ගැහැනූ අයගේ හෝමෝන පද්ධතියේ ක්‍රියාකාරිත්වය අනූව මෙම තත්තවය ඔවූන්ට ලැබී ඇතැයි වෛද්‍යවරු විශ්වාස කරනවා. විශේෂයෙන් හොමෝන පද්ධතිය සහ ඔසප් චක්‍රය ක්‍රියාත්මක වන තාක්කල් ගැහැනූන් මෙයින් පරිස්සම් කරන්න ස්වභාව ධර්මයා විසින් නිර්මාණය කළ ක්‍රියාවක් ලෙසයි ගැහැණූන් කොලෙස්ටරෝල්වලට ගොදුරුවීම අඩූවීම මා දකින්නේ.

තවත් දෙයක් තමයි ගැහැනූන්, පිරිමින් තරම් කොලෙස්ටරෝල් තැන්පත් වීමේ රෝගයට ගොදුරු වූණොත් මානව වර්ගයා බෝකිරීමේ ක්‍රියාවලියටත් ප්‍රශ්නයක් ඇතිවෙනවා. සත්ත්ව විශේෂ ලෝකයෙන් තුරන්වෙන ගතියක් තියෙනවා. ඒ ක්‍රියාවලියට විරුද්ධව තමයි මා විශ්වාස කරන්නේ කොලෙස්ටරෝල් තැන්පත් වීම ලෙස හඳුන්වන රෝගී තත්ත්වයෙන් කාන්තා පාර්ශවය ආරක්ෂා කරන්නේ.

අනෙක් එක තමයි අධික කොලෙස්ටරෝල් විශේෂයෙන්ම ළඪළ වැඩිම ගණන් ගන්න පූළුවන්. එහිම කොටසක් තමයි ෑඪළ අඩූවන තත්ත්වය.

ට්‍රයි ග්ලසරයිඩ් කියන එක කෙලින්ම කොලෙස්ටරෝල් තරම්ම බලපෑමක් ඇති නොකළත් එයත් යම්තාක් දුරකට කොලෙස්ටරෝල් තැන්පතුවට බලපෑමක් ඇති කරනවා.

එමෙන්ම දියවැඩියා රෝගින්නේ කොලෙස්ටරෝල් තැන්පත් වීම වැඩියි. අධික රුධිරය පීඩනයත් ප්‍රවේනියත් කොලෙස්ටරෝල් තැන්පතුවට බලපානවා. පවූලේ සාමාජික සාමාජිකාවන්ට කොලෙස්ටරෝල් රෝග තත්ත්වය තිබිලා තියෙනවා නම් ඒ ගැන අවධානය යොමූ කිරීම වඩාත් හොඳයි.

මම මූලින් කතාකළ දියවැඩියාව, අධික රුධිර පීඩනය, ප්‍රවේනිය යන කාරණාවලට වඩා ඉතාම භයානක තත්ත්වයක් ඇති වෙනවා දුම්බීම නිසා. යම් කිසි කෙනෙක් තමන්ට කොලෙස්ටරෝල් තියෙනවා කියලා හරිහැටි දෑනගත්තාම ඔහූ දුම්පානය කරන කෙනෙක් නම් එයින් වැලකීම තමයි මූලින්ම කළ යූත්තේ.

ඉහත දෑක්වූ ප්‍රධාන සාධකවලට අමතරව එතරම් ප්‍රධාන නොවූ අතුරු විදිහට බලපෑම් ඇති කරන සාධකත් තියෙනවා.

ස්ථූලතාවය හෙවත් අධික තරබාරු බව අධික මානසික ආතතිය, ව්‍යායාම රහිත ජීවන රටාව කොලෙස්ටරෝල් තැන්පත් වීම කෙරෙහි තුඩූ දෙන සාධක විදිහට හඳුනා ගන්න පූළුවන්. මේවා තමයි කොලෙස්ටරෝල් තැන්පත් වීමට තුඩූ දෙන සාධක විදිහට වෛද්‍යවරු හඳුනාගෙන තියෙන්නේ.

කෙනෙකුගේ රුධිර වාහිනියේ ඇතුළත බිත්තියේ යට කොටසේ දිගින් දිගට කොලෙස්ටරෝල් තැන්පත් වෙනවා නම් රුධිර වාහිනිය සිහින් වෙනවා. මේක තමයි ඇන්ජයිනා ලෙස හඳුන්වන්නේ. තවත් එකක් තියෙනවා අන්ස්ටේ‍රිබල් ඇන්ජයිනා කියලා. එතනදී වෙන්නේ ලස්සනට තැන්පත් වන කොලෙස්ටරෝල් තැන්පතුව ඉරි තලලා ඇතුලේ තිබූණ කොලෙස්ටරෝල් මදය රුධිරයට නිරාවරණය වූ ගමන් රුධිර පටිටිකා මේ මදයේ ඇලෙන්න පටන් ගන්නවා. මේ ක්‍රියාවලිය දිගට සිදුවෙනවා. මේකට තත්ත්පර 30ක්වත් යන්නේ නැහැ. දීර්ඝ කාලීනව තැන්පත් වූ කොලෙස්ටරෝල් ස්ථරයක් මත තමයි හාටි ඇටෑක් එකකට හේතුවන අන්ස්ටේ‍රිබල් ඇන්ජයිනා තත්ත්වය ඇති වෙන්නේ. මේ ක්‍රියාවලියේ දී වෙන්නේ රුධිර පටිටිකා ඉරිතැලීමෙන් එළියට ආ කොලෙස්ටරෝල් මඳය මත ඉතාමත් ක්ෂණිකව තැන්පත් වෙලා රුධිර වාහිනියි සම්පූර්ණයෙන්ම අවහිරවීමක්. කොලෙස්ටරෝල් තියෙන පූද්ගලයෙක් පරිස්සම්වීම අවශ්‍යයි කියලා වෛද්‍යවරු උපදෙස් ලබාදෙන්නේ ඒ නිසයි.

කොලෙස්ටරෝල් අපේ ශරීරයේ තියෙනවද කියලා අපට දෑනෙන්නේ නැහැ. අපි කොලෙස්ටරෝල් පරීක්ෂාවකට යොමූවීමෙන් දෑන ගත යූතුයි. කොලෙස්ටරෝල් ප්‍රමාණය පූද්ගලයාගෙන් පූද්ගලයාට වෙනස් වෙනවා. තමන්ගේ වයස වැඩිනම් පරම්පරාවෙන් එවැනි රෝග උරුම වීමේ ලක්ෂණ තියෙනවා නම්, රුධිර පීඩනය, දියවැඩියාව වැනි රෝග තියෙනවා නම් එවැනි කෙනෙක් තමන්ගේ කොලෙස්ටරෝල් ප්‍රමාණය ගැන වැඩි සැලකිල්ලක් දෑක්වීම ඉතාම හොඳයි.

හෘද රෝග විශේෂඥ වෛද්‍ය
කණිෂ්ක කමලදාස

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

1 comments :

  1. දුම්පානය පොතක් කියවලා දැන් පහසුවෙන් නතර කිරීමට පුළුවන්.ඒ පොත කියවලා ඉවර උනාම ආයේ සිගරට් බොන්න හිතෙන්නේ නැහැ.පොත ඩවුන්ලෝඩ් කරගන්න මේ වෙබ් පිටුවට යන්න.
    you can stop smoking easily and permanently just by reading a magic book. after reading this book you feel no temptation to smoke again.To download this book visit
    http://www.facebook.com/easywaysrilanka

    ReplyDelete