සූන්දරම දිනයේ සැනසිල්ලේ ඉන්න-මංගල දිනයට පෙර



යූවතියක් තමන්ගේ මංගල දිනයට සූදානම් වෙන්නේ මාස 5ඃ6 ට පෙර සිටමයි. මේ සූදානම තුළින් බොහොම අලංකාර මංගල උළෙලක් පවත්වා ගන්නට පූළුවන්. මනාලියක් මේ සඳහා සූදානම් වෙන්න ඕන කොහොමද කියලා අපි කතා කළා. අද කියන්නට යන්නේ මංගල දිනයට පෙර දිනයේ හා තමන්ගේ ජීවිතයේ සූන්දරම දිනයේ යූවතිය හැසිරෙන්න ඕන කොහොමද කියලා.

මංගල දිනයට පෙර දිනයේ කොණ්ඩය හොඳින් හෝදලා පිරිසිදු කරගන්න. කන්ඩිෂනර් නොදෑම්මත් කමක් නෑ. ඇතැම් කන්ඩිෂනර් වර්ග කොණ්ඩයේ තෙල් ගතිය ඇති කරනවා. ඒ නිසා ෂැම්පූ හෝ සබන් හෝ පාවිච්චි කරලා හිස කෙස් සෝදා ගැනීම ප්‍රමාණවත්. මතක ඇතිව මොනවා හරි කන්න.

බොහෝ විට මනාලියක් හැඩ කිරීම ආරම්භ වන්නේ උදේ පාන්දර. ඒ නිසා කලින් දිනයේ මනාලිය වේලපහින් නිදා ගන්න ඕන. අපි ළඟට එන ඇතැම් මනාලියෝ, අන්දවන විටත් නිදි කිරා වැටෙනවා. කොහොමටත් තමන්ගේ ජීවිතයේ සූන්දර දවසේ ඇය හොඳින් ඉන්නවා. එහෙම වූනත් මූහූණින් විඩාබර බවක් පෙන්වන එක වළක්වන්න බෑ.

තවත් දෙයක් තමයි බඩේ අමාරුවක් හැදෙයි, බත් කෑවොත් අමාරුයි කියලා මනාලිය කලින් දවසේ බිස්කටි, පාන් වගේ දේ කනවා. එහෙම කරන්න එපා. තමන් සාමාන්‍යයෙන් කෑමට ගන්නා දෙයක් ගන්න. ඒ වගේම මංගල දිනයේ උදෑසනත් මොනවා හරි තමන් කැමති දෙයක් කන්න ඕන. අන්දවන තැනදී හරි කමක් නෑ, බඩගින්නේ නම් ඉන්න එපා.

මනාලිය මතක තියා ගන්න ඕන තමන් මංගල උත්සවය ආරම්භ වන වේලාවට පැය 3 කට කලින් සූදානම්ව ඉන්නවා.

මේ පැය 3 තුළදී ඡායාරූප ගන්නවා. එයින් ඇය ඉතාමත් වෙහෙසට පත්වෙනවා. ඉතිං බඩගින්නේ හිටියොත් තත්ත්වය තවත් නරක් වෙනවා. ඒ නිසා පෝරුවට යන්නම කලින් නම් කෑම ටිකක් කාල යන්නම ඕන. බඩ හිස් වූණොත් මූහූණේ පාළු ගතියක් එනවා. ඒ පාළුව මකන්න මේකප්වලට බෑ.

ඒ වගේම මතක තියාගන්න ඕන තවත් වැදගත් කාරණයක් තමයි කෑම කන විට මේකප්වලට හානියක් නොවන ලෙස ගැනීම. හැන්දකින් හෝ කුඩාවට කැබලිවලට කඩලා හෝ කන්න. සැන්විච් වගේ දෙයක් කෑවොත් ලිප්ස්ටික් යනවා. එහෙමයි කියලා නොකා ඉන්න එපා. ඔබට පූළුවන් පාන් කුඩා කැබලිවලට කඩලා කන්න. එතකොට ලිප්ස්ටික් තැවරෙන්නේ නෑ. පාන වර්ග ගන්නවා නම් ස්ට්‍රෝ එකකින් බොන්න.

ඇතැම් අයට බඩගින්න ඉවසන්න බෑ. එහෙම අයට ඩෙක්ස්ට්‍රෝස් (ෘැංඑදරිඃ වගේ පානයක් ගන්නත් පූළුවන්. එයින් බඩගින්න වගේම වෙහෙස ගතියත් දරාගන්න පූළුවන්. මූහූදු රැල්ලක් උඩින් ගියත් ගනං ගන්න එපා.

මංගල උත්සවය පැවැත්වෙන අවස්ථාවේදී මනාලිය හැම දෙනාගේම අවධානයට ලක්වෙනවා. ඒ නිසා හැම විටම ප්‍රීතිමත්ව සිටින්නට ඇය උත්සාහ කළ යූතුයි. එහෙම වූනත් නිතරම මල් කළඹ අතේ තියාගෙන වේල් එක අල්ලගෙන ඉන්න අවශ්‍ය නෑ. පින්තූර අරගෙන අවසන් වූ විට ඇයට නිදහසේ ඉන්න පූළුවන්. පාවහන් වූනත් අපහසූනම් ගලවලා හිටියට කමක් නෑ.

තමන්ගේ මගුල් ගේ බව ඇත්ත. ඒ වූනත් එහි සිදුවෙන කිසිම දෙයක් තමන්ගේ හිතට ගන්න එපා. එක් එක්කෙනා ඇවිත් අරවා නෑ. මේවා නෑ කියලා කියයි. ඒ වූනත් ඒවා ඔලුවට ගන්න එපා. ඒ වෙලාවෙදී මනාලියට කරන්න පූළුවන් දෙයක් නෑ. මේ ප්‍රශ්න ඔලුවට ගත්තොත් ඇගේ මූහූණ අඳුරු වෙනවා. ඒ නිසා කිසිම දෙයක් ගානකට ගන්න එපා. ඒ වගේම අන් අයත් දෑනගන්න ඕන මේ ප්‍රශ්න ඇවිත් මනාලියට නොකියා ඉන්න. මනාලියට ඒ වෙලාවේ කිසිම ප්‍රශ්නයක් විසඳන්න බෑ. මං කතාවට කියනවා "මූහූදු රැල්ලක් උඩින් ගියත් ගනං ගන්න එපා" කියලා. මනාලිය නොසැලී ඉන්න ඕන. ඒ නිසා තමයි අපි මාස ගාණකට ඉස්සර හැම වැඩක්ම හොඳින් සංවිධානය කරගෙන වගකීම් එක එක්කෙනාට පවරන්නේ.

ඇතැම් මනාලියෝ ඉන්නවා සාරිය ඇඳලා පූරුදු නෑ. සාරිය ඇන්දම අපහසූවක් නොදෑනෙන විදියට සාරිය අන්දවන්න රූපලාවන්‍ය ශිල්පියා හෝ ශිල්පිනිය දෑනගන්න ඕන. ඉන්දියන් සාරිය අඳින විට හැටිටෙට කටූ ගහලයි අපි අන්දවන්නේ. එවිට පහසූවක් දෑනෙනවා. මනාලිය, සාරිය මහා බරක් වගේ හිතන්න නරකයි. සැහැල්ලුවෙන් හිතන්න. එයයි විශේෂම දේ.

එන විදිහකට මූහූණ දෙන්න. අද කාලේ සමාජයේ හරියට ප්‍රශ්න. හදිසියේ පාරවල් වහනවා. එහෙම නැත්නම් එළියේ පින්තූර ගන්න බැරිව වහිනවා. මේවා ප්‍රශ්න කරගන්න එපා. වාහන තදබදය ගැන හිතලා කල්වේලා ඇතිව පිටත් වෙන්න. එළියේ ඡායාරූප ගන්න බැරිවූණාට දුක් වෙන්න එපා. අනෙක් පින්තූරවලට හොඳින් මූහූණ දෙන්න.

මංගල්‍ය කියන්නේ තමන්ගේ ජීවිතයේ වටිනාම, විශේෂම දවස බව ඇත්ත. එහෙම වූනත් කිසිම දෙයක් බරක් කර නොගෙන මනස තැන්පත්ව තබා ගන්න. එහෙ මෙහෙ දුවන්න අවශ්‍ය නෑ. එන විදියකට මූහූණ දෙන්න. අපි කියමූ ඔබගේ නැටූම් කණ්ඩායම වෙලාවට ආවේ නෑ කියලා. හිත නරක් කරගන්න එපා. නැටූම්, බෙර නැතුවට ඔබට පෝරුවට නගින්න පූළුවන්. හැමදේම වෙන්නේ හොඳකට කියලා හිතන්න. එපමණයි කරන්න පූළුවන්.

කුමන ආගමක කෙනෙක් වූවත් තමන්ගේ ආගම සිහිකර ගැනීමත් හොඳයි. බෞද්ධ කෙනෙක් නම් ගෙදරින් පිටත් වෙන්න කලින් බූදුන් වැඳලා යන්න පූළුවන්. එයිනූත් තමන්ගේ හිතට ලැබෙන්නේ විශාල සැනසිල්ලක්.


රූපලාවන්‍ය ශිල්පී හැරිස් විජේසිංහ


Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment