කොහොඹ කොළ සම පැහැපත් කරනවා කොහොඹ රුකේ මල් පිපූණට මී මැස්සා රොන් ගනීද ?

කොහොඹ පිළිබඳව සටහන් කරන්නට සූදානම් වනවිට මට පැරණි කවියක කවි පද දෙකක් සිහිපත් විය. එසේ සිහිපත් වූණේ කොහොඹ ශාකයේ මල්වල රොන් පවා මී මැස්සා නොගන්නේ එහි සැබෑ තිත්ත රස රොන්වලද තිබෙන බැවිනි.

ඒ කොහොම නමූත් කොහොඹ ආයූර්වේදයේ දී ඔසූවක් විදියට වැදගත් ස්ථානයක් හිමිවෙන බව නම් පැවසිය යූතුමය. කෙතරම් තිත්ත වූවද තිත්ත දේවල ගුණයකුත් තිබෙන බව අපේ වැඩිහිටි උදවිය පවසන්නේ නිකමට නොවේ.



කොහොඹ ගස ඇතැම් නිවෙස්වල වවා තිබෙන්නේ ඖෂධයක් විදියට ප්‍රයෝජනයට ගැනීම මෙන්ම එයින් ලැබෙන සිසිලස ඉතා සූවදායක බැවිනි. ඒ වගේම මෙය වාසනා ගුණය හෙබි ශාකයක් ලෙසටද පැරැන්නන් හඳුන්වනූ ලබයි. සෙන්ටිමීටර් 15-20 ත් අතර උසට වැඩෙන තද දුඹූරු පැහැති ඝනකම් පොත්තක් සහිතයි.

ඔසූ සඳහා ආයූර්වේදයේ ඖෂධවලට මෙම ශාකයේ පොතු, කොළ, මල්, ඇට, තෙල්, ගම් යොදාගනී.

පොතු

තිත්ත රසින් යූතුය. සෙම ඉවත්කිරීමේ ගුණය, මූත්‍රවලට හා පණූ රෝගවලට ගුණදායක වේ. කෘමීන් නසන ගුණය ඇත. ටැනින් අම්ලය ද ඇත. රතු පැහැයට හූරු දුඹූරු පැහැති ගම් විශේෂයක් ද පොතුවල දෑකිය හැකිය.

කොළ

කොහොඹ පත්‍රවල නිම්භරීන් පදාර්ථ අඩංගු වේ. ප්‍රෝටීන්, කෙඳි, කාබෝහයිඩේ්‍රටි, කැල්සියම්, යකඩ, තයිමින්, පොස්පරස්, පොටෑසියම් හා ග්ලුටැමික් අම්ලය අන්තර්ගතය.

තිත්ත රසින් යූතුවන පත්‍ර ඉතා හොඳ විෂබීජ නාශකයකි. අකෂි රෝගවලට ඉතාමත් ගුණ බවත්, බඩගින්න වර්ධනය කිරීමේ හැකියාවත් කොහොඹ කොළ සතුව පවතිනවා. එමෙන්ම කෘමි නාශකයක් විදියට ද භාවිත කළ හැක.

විශේෂයෙන් සඳහන් කරනවා නම් ලේ පිරිසිදු කිරීමේ මාහැඟි ගුණයක් කොහොඹ කොළ මදුරුවන් සඳහා දුම් ඇල්ලීමට ද කොහොඹ කොළ යොදාගනූ ලබනවා.

තෙල්

කොහොඹ තෙල් ද ඉතා හොඳ ඔසූවකි. මෙහි ද විෂබීජ දුරුකිරීමේ හැකියාව තිබෙන බැවින් දුම් ඇල්ලීමට යොදා ගන්නවා.

විශේෂයෙන්ම කුඩා බිළිඳු දරුවන් සිටින නිවෙස්වල දරුවාට හා මවට දුම් ඇල්ලීම සිදු කරන්නේ එබැවිනි.

භාවිතයට ගැනීම ආයූර්වේදයේ දී කොහොඹ යොදාගන්නේ පිත රෝග සඳහා සමේ රෝග සඳහා සමේ කැසීම්වලදී මැලේරියා වැනි විෂරෝග සඳහා වේ.

මෙය විෂබීජ නාශකයක් බැවින් සමේ තුවාල සූවකිරීමේ හැකියාවත් සම පැහැපත් කිරීමේ හැකියාවත් කෂය රෝගය සඳහාත් උදරයේ හටගන්නා පණූ රෝගවලදී ද ඉතාමත් ගුණ ඖෂධයක් ලෙස ආයූර්වේදයේ පෙන්වා දෙයි.

ආයූර්වේදයේ නිෂ්පාදනය කරන අරිෂ්ඨ වර්ග වලටද කොහොඹ යෙදා ගනී.

දත් මැදීම සඳහා දෑහැටි කූරු ලෙසද භාවිතයට යොදා ගන්නා කොහොඹ ගස ඉන්දියාව, ලංකාව වැනි රටවල සරුවට වැවෙන ශාකයක් ලෙස හඳුන්වන්නට පූළුවන්.

ආයූර්වේද වෛද්‍ය
උපේනද්‍රා දිල්රුකෂි

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment