ගම්මිරිස් හොඳ ඖෂධයක්

අපේ රටට මිරිස් හඳුන්වා දෙන්නට පෙර අපේ මූතුන් මිත්තන් ආහාර සකස් කර තිබෙන්නේ ගම්මිරිස් යොදා ගනිමිනූයි
 

රජ මැදුරේ සිට දුප්පත් පැල්පත දක්වා ද කුඩා හෝටලයේ සිට සූපිරි හෝටලය දක්වා ද එදා මෙදා තුර අප කාගේත් ජනප්‍රිය කුළුබඩූවක් ලෙසට ගම්මිරිස් හඳුන්වාදීමට පූළුවන්. වෑංජන රසවත් කිරීමට යොදාගන්නා මෙය විශේෂයෙන් මාළු ඇඹූල් තියල් සාදන විට අපගේ මවූවරුන්ට නැතුවම බැරි කුළු බඩූවකි.


ඒ වගේම අපේ රටට මිරිස් හඳුන්වදෙන්නට පෙර සිට ගම්මිරිස් ප්‍රයෝජනයට ගෙන ඇති බව පත පොතේ සඳහන් වෙයි. අප වැඩි වශයෙන් කුළුබඩූවක් විධියටනේ ගම්මිරිස් හඳුන්වන්නේ. නමූත් මෙය ඉතා හොඳ ඖෂධයක් බව ඔබ දන්නවාද?


ඉන්දියාවේ කේරළ ප්‍රදේශයේ, මලබාර් ප්‍රදේශවල, ශ්‍රී ලංකාව වැනි රටවල මෙය සරුවට වැවෙනවා.. දේශීය ආයූර්වේදයේ ගම්මිරිස් සියලුම ඖෂධවලට උපයෝගී කරගන්නා අතර ගම්මිරිස්වල පොත්ත ඉවත් නොකර ඖෂධ සඳහා යොදාගන්නවා.


ගම්මිරිස් ප්‍රභේද දෙකකින් සමන්විතවේ. ඒ සූදු ගම්මිරිස් සහ කළු ගම්මිරිස් වශයෙන්. නමූත් අපගේ ප්‍රයෝජනය සඳහා වැඩිපූර භාවිතයට ගනූ ලබන්නේ කළු ගම්මිරිස්.


ගම්මිරිස්වල කොළ, මූල් ආදී සියලුම අංග සිංහල ආයූර්වේදයේ වෙදකමට යොදාගනූ ලබනවා. මනූෂ්‍ය ශරීරයේ සෙම් පීඩනය, සෙම්ගතිය, ක්‍රමයෙන් අඩූකරන වාතය සමනය කරන වටිනා ඖෂධයක් ලෙසත් හඳුන්වන්න පූළුවන්.. නමූත් පිත් රෝගීන්ට එතරම් සූදුසූ නොවන බවත් සිහියට ගන්න.


ජෙපරීන් නමින් වාෂ්පශීලී තෙලක් සහ පෙපැරිඩීන් නමින් වාෂ්පශීලී තෙලක් ගම්මිරිස්වල අන්තර්ගත වෙනවා. මෙහි රස විවිධ වන අතර මෙය කවූරුත් පවසන්නේ සීත ගුණය හෙබි කුළු බඩූවක් හැටියටයි. නමූත් ගම්මිරිස් උෂ්ණ ගුණයෙන් යූතුයැයි ආයූර්වේදයේ සඳහන් වෙනවා.


මෙය ආහාරයට ගැනීමෙන් ආහාර ජීර්ණය පහසූ කරවනවා. කෑම අරුචිය දුරුකර බඩගිනි වඩවාලන ගම්මිරිස් පූංචි වූණත් ඉතා සැර කුළු බඩූවක් හා ඖෂධයක් හැටියට තවදුරටත් හඳුන්වාදීමට පූළුවන.


ලුණූ සහ ගම්මිරිස් කුඩූ මිශ්‍රකර දිව මැදීමෙන් උගුරේ සෙම ඉවත් කර උගුරට සහනයක් ගෙනදීමට මෙයට හැකියාව තිබේ.




ආයූර්වේද ශල්‍ය වෛද්‍ය
ඩී. එච්. තෙන්නකෝන්
ආයූර්වේද ශික්ෂණ රෝහල,
බොරැල්ල.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment