ධනූ ලග්නය හිමි කාන්තාවගේ විශේෂ ලක්ෂණ


ප්‍රථමයෙන් පැවසිය යූතුව ඇත්තේ ධනූ ලග්නය හිමි කාන්තාව බොහෝ දේ පිළිබඳව යථාර්ථ කරුණූ වහාම අධ්‍යනය කර ගත හැකි ප්‍රබූද්ධ බූද්ධිමත් මානසික ශක්තියකට උරුමකම් කියන්නියක් බවයි. සෙසූ ලග්න හිමි කාන්තාවන්ට වඩා මැය ඒ අතින් පූර්ණය. වරද හා නිවරද වටහා ගත හැකි වීම මැගේ එක් විශේෂ ලක්ෂණයකි. නියම ආකාරයෙන් සිතා බලා ස්වයං විවේචනාත්මකව තීරණ වලට එලැඹීම මැයගේ පූරුද්දයි. බලපෑම්වලට කිසිසේත් නතුවීමේ ගති ස්වභාවයක් මැය තුළ නැත. මෙම කාන්තාව සමාජශීලී වන අතර අනූන්ගේ විවේචනයට ලක්නොවී සිටීමට හැකි හැම ආකාරයෙන්ම වගබලා ගන්නා බවද පැවසිය හැකිය. අනවශ්‍ය කරුණූවලට අතපෙවීමට මැය කිසිසේත්ම සූදානම් නැත. කිසියම් කටයූත්තකට ප්‍රවිශ්ට වීමේදී දුරදිග සිතා බැලීමද මැයගේ පූරුද්දකි.

තමන්ට හෝ තම පවූලේ අයට පමණක් නොව බාහිර සමාජයට ද ගුරුහරුකම් හා උපදෙස් දීමට තරම් මූහූකුරා ගොස් ඇතිබව සඳහන් කිරීමද යූක්ති යූක්තය.


කවර කරුණක් සඳහා වූවද අන්තගාමි නොවී සමබරව සිතා කටයූතු කිරීමට පෙළඹීම මෙම කාන්තාවගේ පෞරුෂය වර්ධනය ඔපවත් කරවයි.


සෑම කටයූත්තකදීම මැය ක්‍රියා කරනූයේ මනා සංයමයකින් හා පෙර සූදාමකින් යූතුවය. බාහිර පූද්ගල හා චරිත ඇසූරේදී ඔවූන්ගේ සිත් දිනා ගැනීමට තරම් වූ වාග් විලාශයක් මැය සතුව තිබේ. ප්‍රගතිශීලී අදහස්වලට බෙහෙවින් බරවූ මැය තුළින් දිස් වනූයේ නායකත්වයට සූදුසූ චරිතාංගයෝයි. මැයගේ හැකියාවන් තුළින් එය බාහිර සමාජයටද ප්‍රකට කරවයි. නමූත් බාහිර සමාජ කටයූතුවලට පමණ ඉක්මවා මැදිහත්වීමට මෙම කාන්තාව සතුව ඇත්තේ බලවත් අකැමැත්තකි. මැයගේ අදහස් තීරණ හා යෝජනා බාහිර සමාජය හා පූද්ගලයින්ගේ වර්ණනාවට හා ඇගයීමට ලක් වේ. පූද්ගලයන් තෝරා ගැනීමේදී මැය තුළ පවත්නා හැකියාව හා ශක්තිය ඉහළ මටිමටක පවතී. ප්‍රයෝග හා රැවටිලි වලට පහසූවෙන් ගොදුරු කර ගත නොහැකිය.


මෙම කාන්තාව සිය පවූල් ජීවිතයේදී සෘජූ පිළිවෙතක පිහිටා කටයූතු කරයි. වැනෙන සූළු ප්‍රතිපත්ති හා ක්‍රියාකාරකම්වලට නැඹූරු නොවේ. එසේම බලපෑම්වලට යටත් වන්නියක්ද නොවේ. බාහිර චරිත ලක්ෂණයන්ගෙන් නොපෙනූණද මෙම කාන්තාවන්ගේ කිසියම් එඩිතර ස්වභාවයක් පවතී. කවර ආකාරයේ කරදර කම්කටොළු ආවද දෙපයින් නැගී සිටීමේ තිර ආත්ම විශ්වාසයකින් කටයූතු කිරීමේ ජවයක් මැය සතුව ඇත්තේය. අනූන්ගෙන් ආධාර උපකාර ලබා ගැනීමට දක්වන්නේ මැලිකමකි. ඇතැම් අවස්ථාවලදී එවැනි කටයූතුවලදී මැය තුළ තරමක අහංකාර ගති ස්වභාවයක් මතු වෙයි. මෙම ලග්නය යටතේ උපන් ඇතැම් කාන්තාවන්ගේ සමහර චරිත ලක්ෂණ බෙහෙවින් පූරුෂයන්ට සමාන වන අවස්ථාවද දක්නට ලැබිය හැකිය. අතීතයේ අත්දෑකීම් හා පාඩම් මත පිහිටා අනාගතයසකසා ගැනීමට වෙර දරයි. ගෘහ ජීවිතයේදී මෙම කාන්තාවන්ගේ ක්‍රියා කලාපයන් පිටස්තර ලෝකයාට පෙනෙනූයේ එක්තරා ආඥාදායකත්වයක ස්වරූපයකි. යූක්තිය සාධාරණය ගරු කරන මැය ඒ සමග අවංකභාවය මත පිහිටා කටයූතු කරයි. එසේම මෙම කාන්තාවගේ සමස්ත ජිවන රටාව මී මැස්සියකගේ මෙන් කඩිසර විය හැකිය. එසේම අනියම් පෙළඹවීම්වලට නතු කර ගැනීම ලෙහෙසි පහසූ කාර්යයක් නොවනූ ඇත. ආගන්තුක සත්කාර හා ආගමික වත් පිළිවෙත් වටල වැඩි මනාපයක් දක්වයි. පවූල් ජීවිතයක මූළු බර තමන් පිටම පවරාගෙන කටයූතු කිරීමේ හැකියාවක් හා ශක්තියක් මැය තුළ පැවතීම විශේෂයකි.


මෙම ලග්නයට යටත් කාන්තාවන්ගේ තවත් එක් විශේෂයක් වනූයේ විනෝද කටයූතුවලට එතරම් දායකත්වක් නොදීම හා නොපෙන්වීමයි.


අතපය වෙහෙසවා කරන කටයූතුවලදී මැය විශේෂයෙන් කැපී පෙනෙය.ි මූල්‍ය පාලන කටයූතුවලදී මැය සතුව ඇත්තේ මනා සැලසූම් සහගත ක්‍රියා පිළිවෙලකි. මෙම කාන්තාව නිකරුනේ අනවශ්‍ය දේ වලට මූදල් වැය නොකරයි. එක්තරා ප්‍රමාණයකට මසූරු ස්වභාවයක්ද ඉස්මතු වේ.


ලෙඩ රෝග වැනි ශාරිරික ව්‍යසන වලට දෑඩිබියක් දක්වන මෙම කාන්තාව සෞඛ්‍යය තත්ත්වය ගැන දෑඩි අවධානයක් යොමූ කරවයි. එමෙන්ම අනූන්ගේ විවේචනවලට චෝදනාවලට ලක් නොවී සිටී මේ සහජ හැකියාවක් මැය සතුව ඇත්තේය.


සමස්තව බැලීමේදී මෙම ලග්නය යටත්ව උපන් කාන්තාව මනා සැලසූමකින් ජීවිතයට මූහූණදීමට වෙර ගන්නා තැනැත්තියකි. එසේම සියල්ලන්ගේම සිත්දිනා ගැනීමට තරම් සැලසූම් මැය සතුව ඇත්තේය.


විජයසිරි විද්‍යාරත්න

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment