මිල අධික නැති වැඩිම ගුණයක් ඇති කෙසෙල්

කෙසෙල් අපගේ ජීවිතයට ඉතා සමීප පලතුරක් හැටියට සලකන්න පූළුවන්. නිවසක කෙසෙල් ගසක් අනිවාර්යයෙන්ම තිබෙනවා ඔබ දෑක ඇත. තවද අපගේ විවිධ උත්සවවලට නැතිවාම බැරි පලතුරක්. ඒ වගේම ඉතා ගුණ පලතුරක් හැටියටත් කෙසෙල් හඳුන්වන්න පූළුවන්.
 

අප ආහාරයට ගන්නා කෙසෙල් වර්ග බොහොමයක් තිබෙනවා. ඒ අතුරින් අලු කෙසෙල් , කෝලි කුටිටූ, ඇඹූල්, සූවදෑල්, ආනමාළු,රත් කෙහෙල් පූවාලුවලට ප්‍රධාන තැනක් හිමි වේ. කෙසෙල් ගුණ පිළිබඳව සඳහන් කරනවා නම් එය සීත ගුණය හිමි හා රසයෙන් මධූරයි.


මෙම පලතුර කුඩා වූවත් මෙය මේද අන්තර්ගත වෙනවා. ඒ වගේම බර පිෂ්ඨය ඇති පලතුරක් හැටියටත් හඳුන්වන්න පූළුවන්.


මෙහි තැනික් අම්ලය සහ ගැලික් අම්ලය අඩංගුයි. එමෙන්ම ශාර පදාර්ථ සහ විටමින් සී, විටමින් බී, පොටෑසියම් අන්තර්ගත වෙනවා.


කෙසෙල් ආහාරයක් වශයෙන් පිත නැති කිරීමේ ගුණය දාහය සංසිඳීමේ ගුණය ස්නායූ පද්ධතියට වාගේම බූද්ධි වර්ධනයට ද උපකාරි වේ.


ශරීරයේ රුධිරය පිටවන රෝගීන්ට, කාන්තාවන්ගේ යෝනි මාර්ගයේ සූද යෑම වැනි රෝග වලටද ඉතා ගුණ වන අතර පූරුෂ ශක්තිය වර්ධනය කිරීමේ හැකියාව ද කෙසෙල් සතුව ඇත.


ශරිරයේ ශක්තිය වර්ධනය කිරීමේ හා පෘෂ්ටිමත් කිරීමේ ගුණයත් කෙසෙල් වලට හිමිය.


ආයූර්වේදයේ සඳහන් වන පරිදි ආමාශ දාහයට ඇඹූල් කෙසෙල් සූදුසූ නොවේ. දියවැඩියා රෝගීන්ට අලු කෙසෙල් ගුණවන අතර අලු කෙසෙල් අලය ඉතා ගුණදායකයි.


මෙම රෝගීන්ට ආහාරයට ගැනීමට සූදුසූ වන්නේ ඇඹූල් කෙසෙල් පමණක් බවත් මතක තබා ගන්න.


ලංකාවේ බහූලව භාවිත කරන්නේ ඇඹූල්ය. මෙයින් මළ පහ කිරීම පහසූව හිමිය. අපේ රටෙි පැරණිම කෙසෙල් වර්ගය ලෙස හඳුන්වන්නේ සීනි (වල් සූවදෑල්) කෙසෙල් ය. එය කුඩා දරුවන්ට ඉතා සූදුසූ ය. නමූත් මෙය දියවැඩියා රෝගීන්ට සූදුසූ නොවේ.


ආනමාලු සහ ඇම්බූම් සීත ගුණයට හිමි කෙසෙල් ගණයට වැටෙි. මෙය ශරීරය නිවන (සිසිල්) කරන පලතුරක් හැටියට හඳුන්වන්න පූළුවන්. ඇදුම, පීනස, රෝගීන්ට සූදුසූ නොවේ.


කෙසෙල් පලතුරක් විදිහට ආහාරයට ගත්තද කෙසෙල් මූවත් අපගේ ජනයාගේ ප්‍රියතම ආහාරයකි. කෙසෙල් මූවට අද වෙළෙඳ පොළේ වැඩි ඉල්ලුමක්ද පවතී. කෙසෙල් මූව ඉතා ගුණවත් ආහාරයකි.


ඒ වගේම ඔබට තවත් විශේෂ දෙයක් සඳහන් කළ යූතු වෙනවා. පැණි රස ආහාර සඳහා කෙසෙල් පිටි යොදා ගන්නා බව ඔබ දන්නවාද?


ඉදුණූ කෙසෙල් බීම වර්ග සාදා ගැනීමටත් යොදා ගනී.


කෙසෙල් බඩ ඉතා ගුණවත් වගේම රසවත් ආහාරයකි. විශේෂයෙන් කෙසෙල් දඩ වහල්ල (පිත්ත) ආයූර්වේදයේ ඖෂධවලට යොදාගනූ ලබනවා.


මේ කරුණූ අනූව ඔබට වැටහෙනවා නේද? කෙසෙල් ගෙඩිය පමණක් නොව මූළු ශාකයම අපට ප්‍රයෝජනවත් වග.


වෙළෙඳ පොළේ එතරම් මිල අධික නොවන පලතුරක් නිසා ඔබ සහ ඔබේ පවූලේ සියලු දෙනාට දිනපතා ආහාරයට ගැනීමෙන් ගුණයකුත් ලැබෙනවා නියතයි.




ආයූර්වේද ශල්‍ය වෛද්‍ය
ඩී. එච්. තෙන්නකෝන්
ආයූර්වේද ශික්ෂණ රෝහල
බොරැල්ල

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment