හිස්හොරි කියලා කියන්නේ රක්තයා තත්ත්වයක්

හිස්හොරි කියලා කියන්නේ එග්සිමා හෙවත් රක්තයා තත්ත්වයක්. සාමාන්‍යයෙන් සමේ ඇතිවන එග්සිමා වලට වඩා මෙම තත්ත්වය ටිකක් වෙනස්.
 

හිස්හොරි ලෙස හඳුන්වන මෙම තත්ත්වය ඉතාම මූල් අවධියේ දී අපට දෑකගත හැකි වෙන්නේ හිසෙහි සම ගැලවිලා යන වගේ අවස්ථාවක් ලෙසටයි. හිසේ හිසකෙස් අතරින් සූදු පැහැති කුඩා පොතු පොතු ආකාරයට බලා ගන්න පූළුවන්. නමූත් මෙම රෝග තත්ත්වය වඩාත් තීව්‍ර අවස්ථාව වන විට එම සම රතු පැහැවීම. ඒ වගේම කුඩා බිබිලි ඇතිවීම දක්වා මෙය වර්ධනය වෙන්න පූළුවන්. විශේෂයෙන්ම මෙම ප්‍රදේශයේ කැසීම ඇති වෙන්න පූළුවන්.


මෙම හිස්හොරි කියන එග්සිමාව ඇතිවෙන්නේ ශරීරයේ රෝම සහිත තෙල් නිෂ්පාදනය වන තැන්වල. එහෙමත් නැත්නම් දහඩිය දමන තැන්වලත් මෙම තත්ත්වය ඇති වෙන්න පූළුවන්.


තෙල් නිෂ්පාදනය වැඩි වශයෙන් තිබෙන තැනක් තමයි හිස, ඊට අමතරව දහදිය දමන තැන් වන කිහිලි ඉකිලි වැනි තැන්වල මූහූණටත් පැතිරෙන්න පූළුවන්. තවත් පිට. පපූව යටි බඩ කියන ස්ථානවලත් හිස්හොරි කියන එග්සිමාව පැතිරෙන්න පූළුවන්.


ළපටි අවස්ථාවේ පවතින තත්ත්වය වන පොතු ගැලවෙන ආකාරයට වඩා වෙනස් සම රතු පැහැවීම බිබිලි ඇතිවීම වැනි තත්ත්වයි ශරීරයේ අනෙක් තැන්වල ඇති වෙන්නේ. එක් ප්‍රදේශයක හට ගන්නා හිස්හොරි ශරීරයේ තවත් තැන්වලට පැතිරෙන්න පූළුවන්.


අපි සාමාන්‍යයෙන් කියනවනේ හිස්හොරි වැටිලයි කුරුළෑ ඇතිවෙන්නේ කියලා. මේ ගැනත් අවධානය යොමූ කරලා බලමූ. මෙතනදී වෙන්නේ හිස්හොරි කියන රෝග තත්ත්වය ටිකක් අධික ලෙස තියෙන කෙනෙකුට ශරීරයේ හෝ මූහූණේ පැතිරෙන්න පූළුවන් අවස්ථාව වැඩියි. මෙය ශරීර අභ්‍යන්තරයෙන්ම පැතිර යා හැකි තත්ත්වයක්. ඇතැම් කෙනෙකුගේ මූහූණේ, ඉකිලි, කිහිලිවල පමණක් හිස්හොරි තියෙන්න පූළුවන්. ඔවූන්ගේ හිසේ හිස්හොරි නොතිබෙන්නට පූළුවන්.


විශේෂයෙන්ම මූහූණට පැතිරෙන හිස්හොරි දෑක ගන්න පූළුවන් තැන් කිහිපයක් තියෙනවා. නාසය දෙපස, යටි තොලට පහළින් අපි නිකට ලෙස හඳුන්වන ප්‍රදේශය, ඇහිබැම, කන ඉදිරිපස ලෙස හඳුන්වන තැන්වල තමයි හිස්හොරි මූහූණේ පැතිරෙන්නේ. කම්මූල්වලටත් පැතිරෙන අවස්ථා තියෙනවා. හිස්හොරි මූහූණට පැතිරුනාම රතුපාට බිබිලි දෑකගන්න පූළුවනි. මේවා කසනවා. හිස්හොරි සහ කුරුළෑ අතර මෙම පටලැවිල්ල ඇතිවෙන්නේ රතු පාට බිබිලි සිත අවස්ථාව කුරුළැ ලෙස වරදවා තේරුම් ගැනීමෙන්. මෙය කුරුළෑ වලට කරන බෙහෙත් කරන්න ගියාම හිස්හොරි තත්ත්වය වර්ධනය වෙනවා. මූහූණේ ඇතිවන කුරුළෑ කවමදාකවත් කසන්නේ නෑ. මෙයින් තමයි කුරුළෑ සහ හිස්හොරි වෙන් කර හඳුනා ගත හැකි වෙන්නේ. නමූත් බැලු බැල්මට හිස්හොරි බිබිලිත්, කුරුළෑත් රතු පාටට දිස්වෙන නිසාවෙන් තමයි මෙම රෝග තත්ත්ව දෙක වෙන් කර හඳුනා ගත නොහැක්කේ. හිස්හොරිවලට කරන ප්‍රතිකාර නොදෑනූවත්කමින් කුරුළෑවලට කිරිමෙන් කුරුළෑ තත්ත්වය වැඩි වෙනවා.


ඇතැම් පූද්ගලයන්ට මූහූණේ අපි මූලින් සඳහන් කළ තැන්වල රතු පාට බිබිලි ඇති වෙන්නේ නැතිව එම තැන්වල කලූ පාටට දිස් වෙන්නත් සම ඉවත් වෙන ආකාරයට පෙනෙන්නත් පූළුවනි. මෙයත් හිස්හොරි නැමති එග්සිමා තත්ත්වයක් තමයි. මෙම තත්ත්වයත් මූහූණ පූරාම පැතිරෙන්න පූළුවන්.


සමහර පූද්ගලයන්ට නිකට, කන දෙපස, ඇහිබැම, උඩතොල දෙපස, නාසය දෙපස, කට වටෙි ප්‍රදේශවල විශේෂයෙන්ම අපි ස්මයිල් ලයින් එක ලෙස හඳුන්වන ප්‍රදේශයේ කළු පාට තත්ත්වය දිස් වෙන්න පූළුවන්. ඇතැම් අය මෙය අව්වට පිච්චූනණාම ඇතිවන තත්ත්වයක් ලෙස හිතනවා. නමූත් මෙය එග්සිමා තත්ත්වයක් බව නිවැරදිව හඳුනාගත ප්‍රතිකාර කළ යූතුය. එම නිසයි මම නිතර කියන්නේ කුරුළෑවලට, ඉන්නන්ට, හිස්හොරි වැනි චර්ම රෝග කාරණාවලට රූපලාවන්‍ය ශිල්පින් ලවා ප්‍රතිකාර කරන්න යාමෙන් රෝග විනිශ්චය අසාර්ථ වීමෙන් සමට බරපතල හානි සිදුවෙන්න පූළුවන් කියලා. මේවා සූව කිරීම කිසිසේත්ම රූපලාවන්‍ය ආලේපනවලට කළ නොහැකියි.


පවූලේ එක් අයෙකුට හිස්හොරි තිබෙන විට ඔහූ පාවිච්චි කරන තුවාය, කොටිට උර, ඇඳ ඇතිරිලි, පනාව, මගින් මෙය තවත් කෙනෙකුට පැතිර යා හැකි බවට සැකයක් සමාජය තුළ තියෙනවා. හිස්හොරි කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝ නොවන රෝගයක්. සබෝරික් ඩර්මටයිටිස් ලෙස හඳුන්වන එහෙමත් නැත්නම් "සබෝරික් එග්සිමා" ලෙස හඳුන්වන මෙය කෙනෙකුගේ ශරීරයේ පැතර තිබෙන විට එය මත ඇතිවෙන්න පූළුවන් මෝල්ඩ් එකක් හෙවත් දිලීරයක්. සමහර අවස්ථා වලදී තන්තු ලෙසත් ඇතැම් විට ඒක ෙසෙලික ජීවින් හැටියටත් මෙය ඇතිවෙන්න පූළුවන්. ප්‍රදාහයට පත් වූ සම මත තැන්පත් වෙලා ස්වාභාවිකව ජීවත් වෙන මෙම මෝල්ඩ් එක හෙවත් දිලීරය මගින් ස්‍රාවය කරන සමහර රසායන ද්‍රව්‍ය නිසා මෙම හිස්හොරි දීර්ඝ කාලීනව පැවතෙන්න පූළුවන්. එම නිසා හිස්හොරි වලට ප්‍රතිකාර කිරීමේදී වෛද්‍යවරුන් විසින් දිලීර නාශක බෙහෙත් පාවිච්චි කරයි. සමහරුන්ට කිටෝ කන්සෝල්ඩ් කියන දිලීර නාශක වර්ගය, අඩංගු ෂැම්පූ ලබා බෙහෙත් දෙන්නේ. මේ නිසයි. පෙටිරියස්පෝරම් ඕවාලේ කියන දිලීරය පවතින්නේ හිස්හොරි කියන එග්සීමාව තුළ නිසා එහි පැවැත්ම සඳහා හිස්හොරි ශරීරය තුළ දිගටම පවත්වාගෙන යන්න දිලීරය උදව් කරනවා. හිස්හොරි ශරීරයේ අභ්‍යන්තරයේ ඇතිවන රෝගයක් වූවත් දිලීරය මගින් ශරීරය මත දිගටම පවත්වාගෙන යන්න උදව් කරනවා. එම නිසා එතනදී අපට පෞද්ගලික පිරිසිදුතාව පවත්වාගෙන යාම ඉතාම වැදගත් වෙනවා.


අසෝක කමලදාස
චර්ම රෝග විශේෂඥ වෛද්‍ය

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

2 comments :

  1. හිස් සොරි ඇතිවීම වලක්වාගැනීමට හා හිස් සොරි පවතින අයෙකුට සුව කරගනීමට උපදෙස් හා ප්‍රතිකාර මොනවාද?

    ReplyDelete
  2. හිස් හොරි ද දන්නෙ නෑ ඒත් මට එක දවසක් හරි නෑවෙ නැති උනොත් ඔලුව කසලා වතුර වගේ එන්වා කසපු තැන් වලින්. එ වගේම දැවිල්ලයි. කොන්ඩෙත් වැවෙන්නෑ

    ReplyDelete