කුණූ රොඩූ වැටූණට ඇසට පිඹින්න හොඳ නැහැ

 


අම්මේ මගේ ඇහැට මොකක්ද ගියා. ඇස් අරින්න බෑ. රිදෙනවා. එපා පූතේ ඇස් පොඩි කරන්න. තවත් ඇහැ ඇතුළට යයි රෝඩූකෑල්ල. මෙවැනි වදන් ඔබම කියා තිබෙනවා නේද?

මේ නිසා අද අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවෙන්නේ ඇස තුළට යම් දෙයක් වැටූණේ නම් කළයූතු වන්නේ කුමක්ද? එයට බියවිය යූතුද යන්න පිළිබඳවයි.


සාමාන්‍යයෙන් කුඩා දරුවකුගේ ඇස තුළට යම්කිසි දෙයක් ගියවිට දරුවා හඬන්නේ නම් මවූවරු කරන්නේ ඇස හොඳින් ඇර මූවින් පිඹ ඇස පොඩි කිරීමයි. එයින් ඇසට කිසියම් බලපෑමක් නොවූණත් ඔබ ගේ මූඛයේ තිබෙන කෙළ, විෂබීජ දරුවාගේ ඇස තුළට යෑමට ඉඩ තිබෙනවා. එයට හේතුව ඇස සියූම් සංවේදී ඉනද්‍රියක් නිසා.


ඔබ දන්නවානේ අපේ ඇසට සාමාන්‍යයෙන් ඇතුළුවන්නේ කුඩා කෘමි සත්ත්වයෙක්, වැලි, දූවිලි, එසේත් නැතිනම් ඇසේ පිහාටූවක්, සූළඟේ පාවී ගෙන ආ කුඩා කොළ කැබැල්ලක් වැනි දෙයක් කියලා.


එයින් වැඩිපූර ඇසේ තිබෙන උඩූ පිහාටූව පිටූපස තීරයේ තමයි ඇසට වැටූණ දැ තැන්පත් වෙලා තියෙන්නේ. එය සාමාන්‍යයෙන් ගැනීමට අපහසූ නම් ඇසේ පිහාටූව උඩූ අතට හරවා බැලිය යූතු වෙනවා.


ඇස තුළට වැටූණ දේ තිබේ නම් පිරිසිදු පූළුන් කැබැල්ලක් ගෙන පිරිසිදු ජලයෙන් පොඟවා ඇස පිස දෑමීම කළයූතු වෙනවා. ඒ වගේම පිරිසිදු පිරුණූ ජල බඳුනක් ගෙන එය තුළට ඇස දමා කරකැවීම තුළිනූත් ඔබට ඇසේ තිබෙන දැ ඉවත් කිරීමට පූළුවන්. මෙය තමයි සාමාන්‍යයෙන් නිවසේ කළයූතු ප්‍රතිකාරයන් වන්නේ. නමූත් ඇතැම් අවස්ථාවලදී ඇසට කඳුළු ගලා ඒමෙන් ඇසේ ඇති දේ ඉවත් වී යනවා.


ඒ වගේම දෙවැනි කරුණ නම් එදිනෙදා වැඩකටයූතු කරන පූද්ගලයන් වන යකඩ කපන, වෑල්ඩිං වැඩ කරන පූද්ගලයින් ගේ ඇසට යකඩ කුඩූ යාම හා ලී කපන ලී ඉරණ පූද්ගලයන්ගේ ඇසට ලී කුඩූ යාමේ හැකියාව තිබීමයි.


ලී කුඩූ, යකඩ කුඩූ, වැනි දැ ඉක්මනින් ඉවත් කළ යූතු අතර ඇතැම් අය ගණනකට නොගෙන තම කාර්යයේ නිරත වෙනවා.


නමූත් කල්යෑමේදී ඇසේ කළු ඉංගිරියාවේ යකඩ කුඩූ බැඳී තිබෙනවා. එයින් ඇසේ පෙනීම පවා දුර්වල වීමට පූළුවන්. දවසක් හෝ ප්‍රමාදවීමෙන් එය සැත්කමකින් ඉවත් කිරීමටද අපහසූ වෙනවා. මේ නිසා අකෂි රෝහලකට ගොස් අකෂි වෛද්‍යවරයකුට පෙන්වීම වඩා සූදුසූයි.


ඇතැම් අය ඔබ දෑක ඇති ඇස පොඩිකිරීමකට ලක්කරනවා. එය එතරම් සූදුසූ දෙයක් නොවේ.


අපි මෙහෙම හිතමූ. වැලි කැටයක් ඔබේ ඇස තුළ තිබෙනවා කියා. එවිට එය පොඩි කිරීමෙන් ඇස සීරීමකට ලක්වන අතර කළු ඉංගිරියාවද සීරීමට පූළුවන්. එයින් ඇස රතු වී තිබෙන අතරම තුවාල වී රුධිරය ගැලීමටද හැකියාව තිබෙනවා.


මේ නිසා ඇස තුළට යම් දෙයක් ඇතුළු වී නම් එය ගැනීමට අපහසූවේ නම් ඔබ කළ යූතු හොඳම දේ වන්නේ අකෂි වෛද්‍යවරයකුට පෙන්වීමයි.


එලෙසම මතක තබා ගන්න ඔබ නිවසේදී ඉක්මනින් ඇසට වැටූණූ දැ ඉවත් කිරීමට සූදානම් වන්නේ නම් රෙදි කැබැල්ලකට වඩා සූදුසූ වන්නේ තෙත පූළුන්වලින් ඇස පිස දැමීමයි.


වියළි රෙදි කඩකින් පිස දෑමීමෙනූත් ඇස සීරීමකට ලක්විය හැකියි. මේ නිසා වන්නේ අකෂි වෛද්‍යවරයකුට පෙන්වීමයි. එහිදී නිවැරදි ලෙස ඇස පරීකෂා කර බලා ප්‍රතිකාර කිරීමට හැකියාව ඇත.





වෛද්‍ය නිලධාරී අයෙස්මන්ත පීරිස්

අකෂි රෝහල

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment