සූබ නමකින් දරුවාට යහපතක් වන බව සැබෑවකි

ලස්සනට කියවෙන නමක් නොව දරුවාට අර්ථවත් නමක් තබමූ

 
පවූලකට දරුවෙක් අලුතින් එකතුවීම වාසනාවකි. එම දරුවා උපන් වෙලාව අනූව ඔහූගේ හෝ ඇයගේ හඳහන හඳන ජ්‍යොතිෂඥයා කුඩා දරුවාට නම් තැබීමට සූදුසූ අකුරු ලබාදෙයි.


දරුවෙකුගේ හෝ දෑරියකගේ හෝ නමක් තැබීම ඉතාම සූපරිකෂාකාරීව කල්පනාවෙන් කළ යූතු කටයූත්තක් ලෙස සඳහන් කළ හැකියි. "වායූ" ගණ, "ගිනි" ගණ ආදී අසූබ පල ගෙන දෙන ගණ හිමි නමක් නොතබන්නටත් තබන නම අර්ථවත්ව තබන්නටත් වගබලා ගැනීම ඉතා වැදගත්වේ.


ඇතැම් මවූපියන් කනට මිහිරි ලෙස සලකමින් දරුවන්ට තබන නම් ඇසෙනවිට පූදුමයට හේතුවේ.


සමහර නම්වලින් අසභ්‍ය තේරුම් දෙපිට කැපෙන වචන කියවීම දෙමවූපියන්ට පවා නොතේරීම පූදුමයකි. දෙමවූපියන්ගේ කැමැත්ත මත එහෙමත් නැත්නම් පවූලේ වෙනත් වැඩිහිටියෙකුගේ කැමැත්ත මත හෝ වෙනත් ජනමාධ්‍ය හරහා කියවෙන ප්‍රකාශවලට අනූව නම් තැබීම සූදුසූ නොවේ.


අලූත උපන් දරුවාගේ ජන්ම නැකතට ගැලපෙන එසේ නැත්නම් ලග්නයට හෝ උපන් දිනයට හිමි අකෂරයක් තෝරාගෙන හොඳ අර්ථයක් ඇති ජ්‍යොතිෂයේ දෑක්වෙන "ගණ" අංශයට ගැලපෙන්න නමක් යොදා ගැනීම ඉතාම සූබයි. යොදන නම ජ්‍යොතිෂයේ දෑක්වෙන ගණ අනූව සූබ වූ විට එම නම කියවෙන වාරයක් වාරයක් පාසා ඒ නමින් හඳුන්වන දරුවාට හෝ දෑරියට වාසනාවක් සිදුවන බව ජ්‍යොතිෂයේ සඳහන් වේ.


නමක් තැබීමේදී විශේෂයෙන් "ගණ" පිළිබඳව සලකා බැලිය යූතුය. "ගණ" යනූවෙන් හැඳින්වෙන්නේ නමක කවියක ගීතයක ස්ත්‍රොත්ත්‍රයක මූල් අකුරු තුනය. අපි සාමාන්‍ය භාවිතය තුළදී අකුරු ලඝූ, ගුරු යනූවෙන් දෙකොටසකට අයත් වෙයි. සියලුම කෙටි අකුරු ලඝූ යනූවෙන්ද සියලුම දිගු අකුරු එහෙමත් නැත්නම් අපි කියන දීර්ඝාකෂර ගුරු යනූවෙන්ද හඳුන්වයි.


කෙනෙකු හඳුන්වන හොඳම ක්‍රමය නමින් කතාකිරීම බවයි බටහිර රටවල පවා පිළිගෙන ඇත්තේ. එම නිසා නමක ඇති වැදගත්කම සලකා බලා අර්ථවත් නමක් යෙදීම ඉතාම වැදගත් බව පූන පූනා සඳහන් කළ යූතුයි.


උපන් නැකතේ පළමූ, දෙවන, තෙවන සිවූවන පාද හිමි අකෂරයන්


අස්විද ඃ චූ, චෙ, චො, ල


බෙරණ ඃ ලි, ලු, ලෙ, ලො


කැති ඃ හ, ඉ, උ, එ


රෙහෙන ඃ ඔ, ව, වි, වූ


මූවසිරස ඃ වෙ, වො, ක, කි


අද ඃ කු


පූනාවාස ඃ කෙ, කො, හ, හි


පූෂ ඃ පූ, හෙ, හො, ද


අස්ලිස ඃ ඩි, ඬූ, ඩො, ඩො


මා ඃ මා, මි, මූ, මෙ


පූවපල් ඃ මො, ට, ටි, ටූ


උත්‍රපල් ඃ ටෙ, ටො, ප, පි


හත ඃ පූ


සිත ඃ පෙ, පො, ර, රි


සා ඃ රු, රෙ, රො, ත


විසා ඃ තු, නි, නූ, නෙ


දෙට ඃ නො, ය, යි, යූ


මූල ඃ යෙ, යො, බ, බි


පූවසල ඃ බූ


උත්‍රසල ඃ බෙ, බො, ජ, ජි


සූවණ ඃ ඤෙ, ඤො


දෙනට ඃ ග, ගි, ගු, ගෙ


සියාවස ඃ ගො, ස, සි, සූ


පූවපූටූප ඃ සෙ, සො, ද, දි


උත්‍රපූටූප ඃ දු


රේවතිය ඃ දෙ, දො, ච, චී


ලග්නය හිමි අකෂරයන්


මේෂ ඃ අ, ආ, ශ


වෘෂභ ඃ ඉ, ඊ. උ, ෂ


මිථූන ඃ ඌ, සෘ, සෲ, ස


කටක ඃ එ, හ


සිංහ ඃ ඓ, ඔ, ඖ, ළ


කන්‍ය ඃ අං, අං


තුලා ඃ ක,ඛ, ග, ඝ, ඩ


වෘශ්චික ඃ ච, ජ,ඡ, ඥ


ධනූ ඃ ට, ඨ, ඩ, ඪ, ණ


මකර ඃ ත, ථ, ද, ධ, න


කුම්භ ඃ ප, ඵ, බ, භ, ම


මීන ඃ ය,ර, ල,ව


උපන් දිනය අනූව හිමි අකෂරයන්


ඉරිදා දිනය ඃ අ, ආ, ඉ, ඊ, උ, ඌ, එ, ඒ, ඔ, ඕ


සඳුදා දිනය ඃ ය, ර,ල,ව, ශ.ෂ, ස, හ,ළ


අඟහරුවාදා දිනය ඃ ක,ඛ, ග,ඝ,ඩ


බදාදා දිනය ඃ ට, ඨ, ඩ,ඪ,ණ


බ්‍රහස්පතින්දා දිනය ඃ ත,ථ,ද,ධ,න


සිකුරාදා දිනය ඃ ච,ඡ,ඤ,ඥ


සෙනසූරාදා දිනය ඃ ප,ඵ, බ,භ,ම


මෙවැනි කරුණූ කාරණා සලකා බලා එකල පැරැන්නන් දරුවන්ට තබා ඇත්තේ එක නමකි. ඉන්පසූ අපේ රට විදේශීය අක්‍රමණයන් නිසා පල්ලියේ බලපෑම් මත පල්ලියෙන් තැබූ නමත් සමඟ සිංහල ක්‍රමයට තැබූ තනි නම වෙනූවට වෙනත් නම් කිහිපයක් තබන්නට පූරුදු වූ බව කිව යූතුයි. නමූත් සිංහල ක්‍රමයට අයත් වෙන්නේ තනි නමක් සහ වාසගම පමණයි.


විජයසිරි විද්‍යාරත්න

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment