ඔබත් හිතුමතේට දරුවාට විටමින් ලබා දෙනවාද?

 

කුඩා දරුවන්ට ආහාර පාන ලබා දෙන විට දෙමාපියන් වඩාත් සැලකිලිමත් විය යූතුය. වැඩෙන දරුවන්ට මනා පෝෂ්‍යදායී ආහාර ලබා දිය යූතුයි. එහෙත් ඇතැම් දෙමාපියන් දරුවාට දිරිවීමට අපහසූ. එසේ නොමැති නම් මේ දරුවට මේ ආහාර සූදුසූ නැහැ යනූවෙන් විවිධ හේතු දක්වා පෝෂ්‍යදායි ආහාර දීමෙන් වැලකී සිටිනවා. එසේ නොමැති නම් ආහාර වේලෙන් පෝෂ්‍යදායි කොටස් ඉවත් කරනවා.

දරුවන්ට වැඩෙන වයසේදී නිසි පෝෂ්‍යදායි ආහාර නොලැබී යාමෙන් විවිධ ගැටලූකාරි තත්ත්වයන් ඇති වෙනවා.


දරුවාගේ නිරෝගි වර්ධනයට ස්වාභාවික ආහාරවලින් මනා පෝෂණ තත්ත්වයක් ලැබෙනවා. නමූත් එවැනි ආහාර වූවද තෝරා දීමට යාමෙන් සිදුවන්නේ ් හා ඊ වැනි විටමින් වර්ග දරුවාට නොලැබී යාමයි.


එමෙන්ම දරුවාට ස්වාභාවික ආහාර විශේෂයෙන් පලතුරු ආදිය ලබා නොදී කල්තබා ගන්නා හෝ ක්ෂණික ආහාර පාන බීම වර්ගාදිය ලබාදීමටද ඇතැම් මවූපියන් උත්සාහ ගන්නවා. කාර්ය බහූල මවකට එය පහසූවක් සේ පෙනූණද දරුවා නම් එය යහපත් තත්ත්වයක් ඇතිවෙන්නේ නැහැ. ඒ වගේම ආහාර හා බීම වර්ග කල්තබා ගැනීමට සඳහා යොදන ඇතැම් රසායනික සංඝටක නිසා ආහාර පානාදියේ ඇති සියූම් පදාර්ථ විනාශ වී යාමට පූළුවන්.


මේ කරුණූූ සැලකිල්ලට ගෙන බැලීමේදී ස්වභාවික ආහාර පාන දරුවාගේ ආහාර වේලට එක් කිරිමෙන් දරුවාට විටමින් ඌනතා ඇතිවිය හැකි රෝගාදියෙන් දරු පැටියා ආරක්ෂා කර ගත හැකියි.


පෝෂ්‍ය පදාර්ථ වැඩෙන දරුවෙකුට අත්‍යවශ්‍ය්‍යයි. විටමින් සී අඩූවීමෙන් දරුවාගේ විදුරු මස් ඉඳිමීම හා පහසූවෙන් තුවාල ඇතිවීම සිදුවන අතර විටමින් ඊ අඩූවීමෙන් බැරි බැරියාව වැනි රෝග තත්ත්වයන්ද ඇති වීමට ඉඩකඩ තිබෙනවා.


විටමින් ් අඩූවීමෙන් දරුවාගේ ඇස් පෙනීම දුර්වල විය හැකි අතර දණහිස් හා වැලමිට ආශ්‍රිතව කුඩා බිබිලි හට ගැනීමේ තත්ත්වයක්ද ඇතිවිය හැකිය. එමෙන්ම විටමින් ෘ අඩූවීමෙන් අස්ථි දුර්වලවීමේ තත්ත්වයක් ද ඇතිවිය හැකියි. එමෙන්ම ඉතා පහසූවෙන් අස්ථි බිඳීයාමට ද පූළුවන.


වෛද්‍ය විද්‍යාව දියූණූ යූගයකට අප පත්ව සිටින අතර බොහෝ රෝග කාරකාදියට ප්‍රතිකාර ලබා ගැනීමට මූල් අවදියේ සිටම ක්‍රියාත්මක වීමට හැම අම්මා කෙනෙකුම උත්සාහ ගන්නේ නම් යහපත්ය.


එමෙන්ම විටමින් වර්ග අඩංගු ආහාර පාන ගැනද විවිධ මාධ්‍ය මගින් මව්වරුන් දෑනූවත් කරන නිසා අවශ්‍ය තොරතුරුද මවූවරුන්ට පහසූවෙන් ලබා ගත හැකියි. ඒ නිසා දරුවන්ට නිසි කල වයසේදී අවශ්‍ය විටමින් වර්ගාදිය ලබා දීමට ක්‍රියාත්මක වීම මවූවරුන්ගේ යූතුකමකි.


එහෙත් දරුවන්ට හිතුමතේට විටමින් වර්ග ලබාදීමට ක්‍රියා නොකළ යූතුය. එය වෛද්‍යවරයෙකුගේ පරීක්ෂාව හා නිර්දේශ මත පමණක් දිය යූතුය. එසේ නොමැතිව දරුවා කෙසඟ යයි කියා හිතුමතයට විටමින් වර්ග ලබා දීමට යාමෙන් අනවශ්‍ය ගැටලූ ඇතිවිය හැකි බව මවූවරුන් තරයේ මතක තබා ගත යූතුය.


ළමා රෝග විශේෂඥ වෛද්‍ය වයි. කුලසේකර

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment