වෘශ්චික ලග්නය හිමි කාන්තාවගේ ඥාති සබඳතා

මෙම ලග්නය හිමි කාන්තාව සිය ඥාති සබඳතා කටයූතු පිළිබඳව එතරම් උනන්දුවක් සැලකිල්ලක් හා අවදානයක් නොදක්වන්නියක් වේ.ඥාති සබඳතා වනාහි ඇයට වාචික ව්‍යවහාරයක් පමණි. නමූත් සබඳතා ක්ෂේත්‍රයේදී මිතුරු සබඳතා පමණක් ඇය තුළ තරමක වැඩි නැඹූරුවක් ඇතැම් විට පවතී. එය වූවද කලාතුරකින් සිදුවන අවස්ථානූකූල සීමිත භාවිතයක් පමණක් වේ.

 


අවශ්‍ය වූ කවර කාරණයක් සඳහා වූවද මැය ඥාති සබඳතාවන් විශේෂ අනූග්‍රහයක් හැටියට නොසලකයි. එයින් ගම්‍ය වනූයේ මෙම වෘශ්චික ලග්නය හිමි කාන්තාව සිය ඥාති වර්ගයාට ඊර්ෂියා කරන බවක් නොවේ. මේ නිසා බාහිර ඥාතින් තුළ මැය පිළිබඳව පවතින්නේද සරල චාම් සබඳතාවකි. ඇසූරකි. මේ නිසා මෙම ලග්නය හිමි කාන්තාව තමන්ගේ ඥාතින් අතරේ තවත් එක්තරා සාමාන්‍ය ගැහැනියක් පමණි.


මැයගේ පවූලේ හා පිටස්තර ඥාතින් මැයව ගණන් නොගත් කල විවාහ ජීවිතයෙන් පසූ කිටිටූම ඥාති පිරිසක් හා මැය අතරේ කිසියම් අවූලකට මූල පූරන්නේය. බොහෝ විට මෙය වස්තු තණ්හාව මූල් කොටගෙන ආරම්භ විය හැකිය. මෙසේ හටගන්නා අර්බූදකාරි ඥාති අවූල බොහෝ දුරට දිග් ගැසීමට ඉඩ තිබේ. අවසානයේ එය නීතියේ පිහිට පතා දිවයන තත්ත්වයටද පත්විය හැක. මේ හේතුව කලින් ඥාතින් හා මැය අතරේ පැවති සාමාන්‍ය ඥාති සබඳතාවයද තුරන් කිරීමට සමත් වෙයි.


මෙම කාන්තාවන්ගේ විවාහ ජීවිතයෙන් පසූ ප්‍රධාන ඥාති පිරිසක් සමග ඇතිවන මෙම අර්බූදකාරි තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා ඇයට සිය මිතුරු සබඳතාවයන්ගෙන් ඉමහත් රුකුලක් ලැබෙනූ ඇත. කෙසේ වූවද ප්‍රසිද්ධියේ සිය ඥාති වර්ගයා විවේචනයට හා ගර්හාවට ලක් කිරීමට තරම් තත්ත්වයක් මෙම කාන්තාව තුළ ඇති වේ. ඥාති ඇරයූම මූළුමනින්ම ප්‍රතික්ෂේප කිරීමට තරම් පෙළඹීමටද ඉඩ ඇත. මෙහිලා විශේෂයෙන් සඳහන් කළ යූතු කරුණූ වනූයේ මෙම කාන්තාව විවාහවීමට පෙර පැවති කිටිටූ ඥාති සභඳතා රාශියක් විවාහයෙන් පසූ බොඳ වී යන බවයි.


මෙසේ බොඳ වී යන ඥාති සම්බන්ධතා වෙනූවට මැය වෙනත් නව මිතුරු සබඳතා රැසකට මූල පූරයි. මෙම සබඳතා මෙම කාන්තාවගේ ආර්ථික හා සමාජීය තත්ත්වය පෙර තිබූණාට වඩා ඉහළ තත්ත්වයකට ගෙන ඒමට සමත් වේ. බෙහෙවින් එම සබඳතා දූ දරුවන්ගේ අනාගත කටයූතු හා අභිවෘද්ධියට ඉමහත් ශක්තියක් හා අත්වැලක් වේ. හිත මිත්‍ර සබඳතා හේතුුවෙන් වර්ධනය වන ඇයගේ ආර්ථික හා සමාජීය තත්ත්වය කිටිටූ ඥාතින්ගේ අවධානයට යොමූ වන අතර එසේම ඔවූන්ගේ නිරන්තර කතාබහටද ලක් වේ.


තමන්ගේ කිටිටූ ඥාතින් හා දුරස් සබඳතා මෙම කාන්තාවට මදිපූංචිකමක් අවනම්බූවක් ඇති කිරීමට සමත් නොවේ.


බොහෝ විට කොතරම් දුෂ්කරතා තිබූණද ඇතැම් විට ඥාතින් වෙනූවෙන් කළ යූතු වගකීම් හා යූතුකම් කොටස ඉටූ කිරීමට මෙම කාන්තාව නොපැකිලෙන්නේය. මැය එය ඇගේ වගකීමක් හැටියට සලකනූ ලබයි. එවැනි දෙයකදී මැය ප්‍රතිලාභ නොපතන්නීය. කවර ප්‍රශ්නයක් හමූවේ වූවද ඥාති සබඳතා වලදී අවසානයේදී මැය තුළ සංවේදී ස්වාභාවයක් ඉස්මතු වේ. එය මෙම ලග්නය හිමි කාන්තාවගේ ජන්ම ගුණයකි. සෙස්සන් අරඹයා විවෘත මනසකින් හා සංවේදී මානූෂිකත්වයකින් කටයූතු කිරීමට තරම් නිරවූල් විවෘත මනසකින් හා සංවේදී මානූෂිකත්වයකින් කටයූතු කිරීමට තරම් නිරවූල් මනසක් මැය සතුව පවතින්නේ.ය ඒ නිසා ඥාති සබඳතාවලින් මැයට අවැඩක් ඇති නොවීමට කටයූතු කිරීමට හා වගබලා ගැනීමට හැකියාව පවතී. මෙම ලග්නය හිමි කාන්තාව සිය සබඳතාවන්වලදී නායකත්වය තමන් විසින්ම ලබා ගැනීමට සමත් වන්නියකි. එසේම ස්වාධින තීරණ ක්‍රියා කිරිම නිසා ඥාති සබඳතාවන් හමූවේ මැය කිසි ලෙසකින ඉවතලිය නොහැකි තත්ත්වයේ කාන්තාවක් වන්නීය. ඒ සඳහා අවශ්‍ය සියලූ කාරණා ගොඩනගා ගැනීමට තරම් සංවිධානාත්මක මනස් ව්‍යූහයක් මැය සතුව පවතින්නීය. අවසන් වශයෙන් සඳහන් කළ හැක්කේ මෙම කාන්තාව ඥාති සබඳතා අතරෙ අපූර්ත්වයෙන් ඉදිරියට යන එක්තරා ප්‍රබල සංවිධානාත්මක චරිතයක් වන බවයි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment