විවාහය දෙදරා යාමට කුජ සිකුරු යෝගය හේතුවක්

තරුණ තරුණියන්ගේ කේන්ද්‍ර පිළිබඳ අවධානය යොමූ කිරීමේදී නොමඟට නැඹූරු කරන අයහපත් ග්‍රහ පිහිටීම් දෑකිය හැකිය.
 

පූද්ගලයන් ආශාවන්ගෙන් පරිපූර්ණ විය යූත්තේ සීමා සහිතවය. සීමාව ඉක්මවා ආශාවන් තෘප්තිමත් කර ගැනීමට උත්සූක වීමෙන් සමාජය එය හෙළා දකියි. විකෘති ආශාවන් තෘප්තිමත් කර ගැනීමට උත්සාහ දරන පිරිසගේ ස්වභාව ඔවූන්ගේ ජන්ම පත මඟින් මනාව දෑකගත හැකිය. එබඳු ප්‍රබල යෝගයක් ලෙස දෑක්විය හැකි යෝගයක් වනූයේ කුජ, සිකුරු, ග්‍රහ යෝගයයි. එය අධික කාමාශාවන් ඇතිවන පිහිටීමකි. කාම තෘප්තිය සලකා බැලීම සඳහා දේපල සමාජ තත්ත්වය පවා විනාශ මූඛයට පත් කර ගනියි. මෙම යෝගය ස්ත්‍රි පූරුෂ දෙපක්ෂයටම පොදු ලෙස පවතී. මෙම යෝගය පූද්ගලයාට මෙන් පවූල් සංස්ථාවටද බලපායි. දෙදරායන විවාහවල පූද්ගලයාට මෙම යෝගය දක්නට ලැබේ.


ගැහැනූ හෝ පිරිමි දූෂිත චරිත ලක්ෂණ ඇත්තන් වීමට අයහපත් ග්‍රහයෝ කිහිප දෙනෙක්ද වෙති. එනම් අව පක්ෂයේ සඳු, රවි, කුජ, ශනි, රාහූ සහ කේතු යන ග්‍රහයන්ය. බූධගේ පැමිණීම මෙම ග්‍රහයන්ට සූදුසූ නොවේ.


චන්ද්‍ර මංගල යෝගය එනම් සඳු, කුජ, යෝගය යෙදුණ විටද දූෂිත චරිත ඇත්තන් බිහිවන බවට මතයක් වේ.


සඳු කුජ යෝගය සෑම රාශියකටම එකම ඵල ප්‍රදානය කරන්නේ නැත. පිහිටි ස්ථානය අනූව ප්‍රතිඵල වෙන්ස වේ.


බූධ, හයේ, හතේ, අටෙි, දුබලව සිටීම දුරාචාරයට පොළඹවන පිහිටූමකි. සිකුරු බලවත් විට පිවිතුරු ආදරය, සෙනෙහස පිළිබිඹූ කරන පිහිටීමකි. සිකුරු ගෙන් බෙල හීනතාවය මෙන්ම කුජ, සිකුරු, යෝගය දුෂ්ට ස්ථානයක අධිපතිව තිබීම පහසූවෙන් තෘප්තිමත් නොවන පිහිටීමකි.


තවද සිකුරු, කුජ, සමග සිටීමෙන් දූෂිත චරිත ඇත්තකු සේමස වෛශ්‍ය කර්මයෙහි යෙදෙන්නකු වීමට හොඳටම ඉඩ තිබේ. එසේ නොවන්නට නම් තරුණ කාලයේම විවාහ ජීවිතයට ඇතුළත් වීම හෝ මත්පැනට රුචිවෙයි. බොහෝ විට කසාද භාර්යාවගෙන් වෙන්වීම සිදුවේ. නැතිනම් බහූ භාර්යා සේවනයේ යෙදෙන්නන් වෙති.


ජ්‍යොතිර්වේදි ඩී පී ජයසිංහ

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment