හඳහන බලා, විවාහය හොඳද ?නරකද කියන්න පූළුවන්ද?

 

උපන් වේලාව අනූව විවාහයත්, එහි පැවැත්මත් කිව හැකිද කියන කාරණාව ගැන සලකා බැලීමේදී මෙය පටලවා නොගත යූතු කාරණාවක් විදිහටයි මා විශ්වාස කරන්නේ.

උපන් වේලාව අනූව කියන කොට අපට යොදා ගත හැකි නිවැරදිම වචනය වෙන්නේ අපි උපන් වේලාව අනූව හදන කේන්දරයයි.


කේන්දරයෙන් අනාවැකි ප්‍රකාශ කිරීමේ කාරණාව අයත් වෙන්නේ ජ්‍යොතිෂයටයි. කේන්දරයකින් හැරුණූ විට යම්කිසි කෙනකුගේ ජීවිත ගැන අනාවැකි හෝ යමක් කියන්නට පූළුවන් වෙන්නේ හස්ත රේඛා සාස්තරයටයි.


මෙතනදී පැටලිලි ඇතිවිය හැකියි. එකක් තමයි කේන්දරය වැරදි ද, හරිද යන්නයි. අපේ රටෙි කුඩා දරුවකු උපන් විට එම වෙලාවට ජ්‍යොතිෂඥයකුට ලබාදී හදන්නේ දළ කේන්දරයයි. එහි ඇතුළත් වෙන්නේ ලග්න සහ නවාංශකය පමණයි. වචනයෙන්ම එහි අසම්පූර්ණ කියන හැඟීම එයි. දරුවන් පිළිබඳව කරන සෑම කටයූත්තකදීම, සෑම අවස්ථාවකදීම අපේ රටෙි ජනතාව පූරාණයේ ඉඳලම ජ්‍යොතිෂය කෙරෙහි ලොකු විශ්වාසයක් සහ භක්තියක් අනූව ක්‍රියා කළ බව සත්‍යයක්.


දරුවන්ගේ රන්කිරි කටගාන්න, දරුවා දොරට වඩන්න, දරුවා කුළුඳුලේ ආගමික ස්ථානයකට ගෙන යන්න, නම් තබන්න, හිස කෙස් කපන්න වගේ කාරණාවලට නැකැත් යොදා ගත්තා. ඒ දරුවාගේ අනාගතය සූරක්ෂිතවීම සඳහායි.


නමූත් කේන්දරය මත මූළු ජීවිතයම තීරණය කරන්න නැඹූරුවීමක් අපට තිබූණේ නැහැ. ඒත් අද වනවිට කේන්දරය මත ජීවිතවල ඇතැම් කරුණූ කාරණා තීරණය කරන්න පූරුදු වූණේ දකුණූ ඉන්දියාවෙන් අපි ආභාෂයට ගත්ත වැරැදි ව්‍යහාර ක්‍රමයක් මතයි.


කේන්ද්‍රයක දළ කේන්දරයකින් ජීවිතයට අදාළ වන කෙනකුගේ ජීවිතයේ දෙවන ඉපදීම ලෙස හඳුන්වන විවාහය වැනි බරපතල කාරණාවක් තීරණය කළ හැකිද ප්‍රශ්නය මතුවෙනවා.


මෙතනදී වෙන්නේ දෙන්නා එකතුවීම පමණක් නොවෙයි. පරම්පරා දෙකක පැවැත්ම ගැන සොයා බැලීමක්. මෙය ජානවලින් එකතුවන ක්‍රියාවලියක් ලෙස ඔවූන් හිතුවා.


අපේ පැරණි ජ්‍යොතිෂ්‍යඥයන් කවමදාවත් දළ කේන්දරයෙන් විවාහය වැනි කාරණාවල නැකැත් මෙන්ම අනාවැකි තීරණය කළේ නැහැ.


ඔවූන්ට දළ කේන්දර ලැබූණූවිට එයින් ලග්න කේන්දරය, සූර්ය කේන්දරය, චන්ද්‍ර කේන්දරය සකස් කළා.


අෂ්ඨ වර්ග, සත් වර්ග සොයලා නිවැරදිවම ග්‍රහයන් හිටපූ තැන් සොයා ගත්තා. ඊට පස්සේ මහ දසා, අතුරු දසා, සූක්ෂම දසා, ද්වි දසා, පත්යන්ත දසා සම්පූර්ණ පැය ගණනකට සොයලා නිවැරදිව කේන්දරය සකස් කළා. එම නිසයි එදා ජ්‍යොතිෂඥයන්ට කේන්දරය බලන්න මාස දෙකක තුනක කාලයක් ගතවූණේ. අද එවැනි තත්ත්වයක් අපේ රටෙි ජ්‍යොතිෂය තුළ තියෙනවා කියල සහතික වෙන්න බැහැ.


නමූත් හොඳ දැනූමක් ඇති ජ්‍යොෂඥයකුට නිවැරදි කේන්දරයෙන් කෙනකුගේ විවාහය ගැනත් එය හා බද්ධව පවතින කරුණූ කාරණා ගැනත් අනාවැකි ප්‍රකාශ කළ හැකියි. නමූත් ඇතිවන පාරිසරික බලපෑම් මත මේවා යම්තාක් දුරකට වෙනස් වෙන්න පූළුවනි.


අද වනවිට නවීන සමාජයේ විවාහයකදී කතා කරන දෙදෙනකුගේ අන්‍යොන්‍ය අවබෝධය කියන කාරණාව පවා කේන්දරය තුළින් බලාගන්න පූළුවනි. නමූත් මෙම ප්‍රකාශය වරදවා තේරුම් නොගත යූතුයි.


විජයසිරි විද්‍යාරත්න

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment