අපි සාම්ප්‍රදායිකව ඉන්දීය සමාජ ක්‍රමය අනූව ගොඩනැගුණූ සමාජයක් තුළ ජීවිත්වෙන පිරිසක්. දායාද දීම ඉන්දිය සමාජ ක්‍රමය හරහා අපට ආපූ දෙයක්. ඉන්දීය සමාජය තුළ දායාදය කියන කාරණාව ඉතාම බරපතල ප්‍රශ්නයක්.
අපේ රටෙි ඇතැම් සමාජ විද්‍යාඥයින් මෙම කාරණාව ඉන්දිය සමාජය තුළින් අපට පැමිණි බව තරයේම විශ්වාස කරනවා. මොකද ඇතැම් කාරණා සංස්කෘතියකින් තවත් සංස්කෘතියකට සංක්‍රමණය විය හැකියි.
කොහොමත් දායාද දීම හෙවත් දැවැද්දදීම විවාහ චාරිත්‍ර අතරින් ආර්ථික චාරිත්‍රවලින් එකක් ලෙසයි සලකන්නේ. මේ වගේ චාරිත්‍ර තවත් ලෝකයේ තියෙනවා. විශේෂයෙන්ම සමහර සමාජවල තියෙනවා "අඹූමිල" කියලා චාරිත්‍රයක්. "අඹූමිල" කියලා හඳුන්වන චාරිත්‍රයේදී කරන්නේ මනමාලයා විසින් මනාලියගේ පාර්ශවයට යම්කිසි ගෙවීමක් කරනවා. එම ගෙවීම කරන්නේ මනාලිය, මනාලියගේ සමූහයට අහිමිවීම නිසයි. ඇය විවාහයෙන් පස්සේ ඇගේ පවූලට මූලිින් කළ යූතුකම් සියල්ල වෙනත් කෙනෙකුට සහ වෙනත් පාර්ශවයට කරනූ ලබන නිසයි මෙම ගෙවීම කරන්නේ. මෙය යම්කිසි වන්දියක් ගෙවීම හා සමානයි. එය මූදල්ම වෙන්නත් බැහැ. සමහර ගෝත්‍ර මෙය ආහාර පාන වලින්, ඇතැම් අය අශ්වයන්ගෙන්, තවත් කොටසක් ඇඳුම්පැළඳුම් වලින්, නැත්නම් ගවයන්ගෙන් ගෙවනවා.
මේ වගේම තවත් චාරිත්‍රයක් තියෙනවා "අඹූකමූව" කියලා. මෙතනදී වෙන්නේ මනාලයා මනාලියගේ නිවසට විවාහයට කලින් ගිහිල්ලා මනාලිය එම නිවස තුළ කරන වැඩ කොටසින් කොටසක් ඔහූ කරනවා. මෙය මාසයක් දෙකක් තුනක් වෙන්න පූළුවන්. මෙතනදී වෙන්නෙත් මනාලිය තමන්ගේ සමූහයට අහිමිවීම පිළිබඳ කරන ගෙවීමක්.
තවත් තියෙන චාරිත්‍රයක් තමයි "තෑගි හූවමාරුව" ලෙස හඳුන්වන්නේ. පාර්ශව දෙක අතරම අනෙන්‍ය වශයෙන් තෑගි හූවමාරුවක් තමයි මෙතනදී වෙන්නේ. අපි පෝරුව චාරිත්‍රවලදී තරන්නේ මෙයින් යම් ප්‍රමාණයක් පමණයි.
"අඹූමිල", "අඹූකමූවට", වඩා දැවැදි චාරිත්‍රයේ යම් විශේෂත්වයක් තියෙනවා. අඹූකමූවේදී මනාලයා විසින් මනාලියගේ පාර්ශවයටයි ගෙවන්නේ. එක්කෝ ගෙවනවා නැත්නම් කාර්ය කරලා දෙනවා.
දායාදය නිර්වචනය වෙන්නේ මනාලිය විසින් මනාලයාට කරනූ ලබන ගෙවීමක් විදිහටයි. දායාදය පූද්ගලයාගෙන් පූද්ගලයාටයි ගෙවන්නේ. සාමාන්‍යයෙන් මෙවැනි චාරිත්‍රයකින් අරමූණූ, කරන්නේ පාර්ශව දෙක අතර සූහදතාවය. විවාහ වෙන දෙපල ශක්තිමත් කිරීම, වඩා හොඳ සම්බන්ධයක් පවත්වාගෙන යන්න උදවූ කිරීමක් පමණයි.
නමූත් පීතෘ මූලික සමාජ ක්‍රමයක් තුල මනාලිය විසින් මනාලයාට කරන ගෙවීම, දැවැද්ද සාමාන්‍යයෙන් සලකන්නේ අඩූ තක්සේරුවක් විදිහටයි. නමූත් අපි මෙතෙක් වාර්තා කළ සෑම අවස්ථාවකම වූනේ සූහදත්වය වර්ධනය කරගන්න පාර්ශවයකින් තවත් පාර්ශවයකට කරන ගෙවීමක්නේ. එම නිසා දියණියකට දෙමවූපියන් විසින් අපේ සමාජ ක්‍රමයේ දෙනූ ලබන දායාදය සම්පූර්ණයෙන්ම ඔවූන්ගේ අනාගතය සූරකෂිත කිරීමේ අරමූණින් පමණක් කරනවා කියලා හිතන්න අමාරුයි. නමූත් එම කාරණාව යම් ප්‍රමාණයකට වෙන්න පූළුවන්.
පීතෘ මූලික සමාජ ක්‍රමයක් තුලදී ස්ත්‍රිය අවතක්සේරුවට පත්වීම සාමාන්‍ය දෙයක් වෙන්න පූළුවනි. කොහොමත් මෙවැනි සමාජ ක්‍රමයක් තුළ ස්ත්‍රිය කරන කාර්යය කොටස්වල වටිනාකම තක්සේරු වෙන්නේ නැති තරම්. තක්සේරු වූවත්වෙන්නේ ඉතාම අඩූවෙන්. එවැනි තත්ත්වයක් යටතේ දැවැද්ද කියන චාරිත්‍රය ගොඩනැගෙන්න පූළුවනි.
කවරාකාරයෙන් අපේ රටෙි පරීකෂණයක් කළොත් පිරිමින් තුන් වර්ගයක් ඉන්නවා. දෑවැද්ද එපා කියන කොටස, දෑවැද්ද ඕනේ කියන කොටස සහ තිබූණත් එකයි නැතත් එකයි කියන අතරමැද කොටස වශයෙන් හඳුනාගත හැකියි. මේ කොටස් තුනේ ආකල්ප තමන් ලබා ඇති අධ්‍යාපන දෑනූම අනූව දැවැද්ද කියන කාරණාවට දක්වන ප්‍රතිචාර වෙනස් වෙන්න පූළුවනි. වර්තමානයේදී දියණිය දෑවැද්ද රැගෙන යා යූතුද කියන කාරණාව සමාජ ව්‍යූහය විසින් තීරණය කළ යූතු දෙයක් ලෙසයි නැවතත් මම ප්‍රකාශ කරන්නේ. සමාජ සම්ප්‍රදායන් සමාජය නවීකරණයවීමත් එක්ක වෙනස්විය හැකියි. සිනමාකරුවන් පවා මේ වෙනස්වීම් ගැන ඉතාම හොඳ විදියට කතා කරලා තියෙනවා.
ජී.ඩී.එන් සිසිර කුමාර
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සමාජ විද්‍යා අංශය
කැලණිය විශ්ව විද්‍යාලය
0 comments :
Post a Comment