මූහූණේ තිබෙන පැහැපත් බව දෙඅත්වලද තබා ගැනීමට උනන්දු වෙන්න

මූහූණේ පියකරු බව අන් අයගේ නෙත් තමා වෙත ඇද ගැනීමේ ප්‍රධාන සාධකයයි. විශේෂයෙන්ම පූද්ගලයෙක් දුටූ විගසින් අපගේ නෙත් යොමූවන්නේ ඇයගේ හෝ ඔහූගේ මූහූණ වෙතටයි. අපි සියලූ දෙනාම මූහූණ පැහැපත්ව තබා ගැනීමට වෙහෙසෙන්නෙමූ. නමූත් මූහූණ මෙන්ම ශරීරයේ වැදගත් අනෙකුත් අංග විශේෂයෙන්ම ගෙලෙහි සහ දෙඅත්වල සමෙහි පැහැපත් බව ඇතිවූණොත් සමෙහි පැහැපත් බව මූහූණෙහි පියකරුබව වැඩිවන බව ඔබ දන්නවාද?

විශේෂයෙන්ම සාරිය අදින කාන්තාවන්ගේ දෙඅත් නිරාවරණය වී පවතී. එවැනි සමහර කාන්තාවන්ට එකම හැටිට මෝස්තරයක් පමණක් ඇඳීමට සිදුව ඇත්තේ මෝස්තරය වෙනස් කළ විට කලින් අඳින ලද සාරි බ්ලවූසයෙන් නිරාවරණය වූ ප්‍රදේශයෙහි සම අවපැහැ ගැනීමයි. (සාරි බ්ලවූසයෙහි කරෙහි සහ අත්වල සලකුණූ සම මත තිබීමයි) බොහෝ විට මෙම තත්ත්වයට මූහූණ දීමට සිදුවන්නේ අව්වේ ගමන් බිමන් යන කාන්තාවන්ටය.ි මේ අය හැම විටම හිරු රශ්මියෙන් සම ආවරණය කර ගැනීමට උනන්දු විය යූතුයි.


එබැවින් මූහූණෙහි පියකරු බව තවතවත් වැඩි කර ගැනීමට ගෙලෙහි සහ දෙඅත්වල සමෙහිද පැහැපත් බව ආරක්ෂා කරගත යූතු වේ. ඒ සඳහා මූදල් වියදම් නොකොට ගෙදරදීම දෙඅත්වල සම පැහැපත් කර ගැනීමට ආලේප කර ගැනීම සඳහා ප්‍රතිකාරයක් පහත සඳහන් ද්‍රව්‍ය උපයෝගි කරගෙන සාදාගත හැක.


අවශ්‍ය ද්‍රව්‍ය

කහ කුඩූ ස්වල්පයක්

කොත්තමල්ලි කුඩූ ස්වල්පයක්

යෝගටි කෝප්පයක්

සාදාගන්නා ආකාරය
ඉහත සඳහන් ද්‍රව්‍ය (කහ කුඩූ සහ කොත්තමල්ලි ) අඹරා එයට යෝගටි හොඳින් මිශ්‍ර කර ආලේපනය සාදාගන්න. සාදාගත් ආලේපනය ගෙල ආශ්‍රිත ප්‍රදේශයෙහි සහ අත්වල තවරා විනාඩි විස්සක් පමණ තබා වේලුණාට පසූ ස්ක්‍රබ් කර සෝදා හරින්න. සතියකට තුන් වතාවක් පමණ මෙම සත්කාරය කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ළඟා කර ගත හැක. ප්‍රථමයෙන් දෙඅත්වල තිබෙන අනවශ්‍ය රෝම වැක්ස් ක්‍රමයට ඉවත් කරගෙන මෙම සත්කාරය කරන්නේ නම් වඩාත් ප්‍රතිඵලදායකය.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment