මංගල මූදුව හිතුමතේට හදන්න එපා

 

ඈත අතීතයේ මංගල මූදුව සෑදීම සඳහා විවිධ ලෝහ වර්ග යොදා ගනූ ලැබූවා. නමූත් නූතනයේදී මංගල මූදුව සඳහා රත්තරං යොදා ගැනීම සිදුවනවා. එයට හේතුව ලෙස දකින්නේ එම ලෝහයේ තිබෙන වටිනාකම, කිරණ ඇද ගැනීමේ ශක්තිය සහ පරාවර්ථනය කිරීම, ඖෂධීය වටිනාකම යන මේ කරුණූ සැලකිල්ලට ගැනීමයි. ි. ඒ නිසා වර්තමානයේදී මංගල මූදුව රත්තරං වලින් සෑදීමට සෑම දෙනාම වගේ යොමූවී තිබෙනවා.

මංගල මූදුව නිර්මාණය කිරීමේදී විශේෂ සැලකිල්ලක් දක්වනවා. පිරිමියාගේ මූදුව හරියටම සමචතුරශ්‍රාකාරී විය යූතු අතර කාන්තාවක මූදුව එකම ආකාරයේ රවූම් හැඩයෙන් යූක්ත විය යූතුයි කියල. මංගල මූදුව සෑදීමේදී විවිධ හැඩයන්ගෙන් නොයූතු, කඩතොළු භාවිතයෙන් තොරව සෑදිය යූතුයි. ඒක තමයි අතීතයේ සිට පැවත එන සම්මතය වන්නේ. පැරැන්නන්ගේ විශ්වාසයක් තිබූණා කඩතොළු වූ මංගල මූදුවක් පිරිමියෙකු හෝ ගැහැනියකු පැළඳ සිටීමෙන් ඔවූන්ගේ විවාහ ජීවිතයද අවූල් වී කැඩීයන බව මංගල මූදුවෙන් විශාල බලපෑමක් පිරිමියාට සහ ගැහැනියට සිදුවන බව. පූරාණයේ සිට විශ්වාසයක් තිබූණා. ඒ වගේම පැරැන්නන් විවාහයක් සිදුවූ බව විශ්වාස කෙරුවේ විවාහයක් පිළිගත්තේ චාරිත්‍රාණූකූලව පෝරුවෙහිදී මංගල මූදුව පැලන්දුව විවාහයක් පමණයි.


මංගල මූදුව කඩතොළුවලින් තොර මූදුවක් ලෙස සෑදිය යූතු බව අප ඉහත සඳහන් කළා. ඒ වගේම මංගල මූදුවට මැණික් ගල් ඇල්ලීම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමූත් ඒ අල්ලන මැණික් ගල අදාළ මනාලියගේ හෝ මනාලයාගේ කේන්ද්‍රයේ බලවත් ග්‍රහයකුට අයිති මැණික් වර්ගයක් වගේම කේන්ද්‍රයේ හත්වැන්නාධිපතිට අයත් වන මැණික් වර්ගයක් විය යූතුයි. ඒ වගේම ඔබ තෝරාගන්න මැණික පළුදු නොවූ, විකෘති නොවූ පිරිසිදු මැණිකක් වියයූතුයි.


මංගල මූදුව පළඳින්නේ වෙදගිල්ලේ. එයටත් හේතුවක් තිබෙනවා. එනම් වෙදගිල්ලේ සිට එන නහරයක් හදවතට සම්බන්ධයි යන මතයක් පැරැන්නන්ගේ තිබීමයි. එයින් යම් බලපෑමක් විවාහ වූ දෙදෙනාට ඇතිවන බව පැරැන්නන් විශ්වාස කරන්නට ඇති.


ජ්‍යොතිෂ්‍යාචාර්ය ඩබ්. පී. හසන්තා සිරිමතී,

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment