වෘශ්චික ලග්නය හිමි කාන්තාවගේ ලිංගික සබඳතා

කවර ප්‍රශ්නයක් හමූවේ වූවද තමන් පතන පූද්ගලයා තමන්ට අවශ්‍යවන පූද්ගලයා ලිංගික වශයෙන් සෑහීමකට පත්කොට ඉන් තෘප්තියක් ලබා ගැනීමට ගත යූතු කවර හෝ ක්‍රියාමාර්ග ගැනීමට මෙම කාන්තාව නොපැකිලේ. එම කටයූත්ත තමන් විසින් අනිවාර්යයෙන්ම ඉටූ කළ යූතු ඉටූ කරගත යූතු කොටසක් හැටියට මැය සලකන්නීය. මැය උණූසූම් සිරුරකින් හා සිසිල් මනසකින් යූතු ඉන්ද්‍රජාලිකාවක් වැනි ගැහැනියකි. ලිංගික හැඟීම් උත්සන්න වූ විට මැය කරන කියන දේ කුමක්දෑයි තමන්වත් නොදන්නා තරම්ය. ලිංගික ක්‍රියාවලියකට පෙළඹූණායින් පසූව මැයගේ ක්‍රියාකලාපය අති ධාවන ස්වරූපයක් ගනී. එවිට මැය ක්‍රියා කරනූයේ පියවි ලෝකයේ කටයූතු කරන කෙනකුට වෙනස් ආකාරයෙනි.
 

ලිංගික පෙළඹවීම්, උසිගන්වන්නා වූ ක්ෂණික මෙන්ම ගැඹූරු අභ්‍යන්තර ආකර්ෂණීය ගතියකට හා ක්‍රියාකාරි බවකට හිමිකම් කියන්නියක වේ. මෙම ලග්නයට අයත් ඇතැම් කාන්තාවෝ විවාහ ජීවිතයට පෙර ලිංගික චාර්යාධර්ම පිළිබඳ අත්දෑකීම් ලැබූවා වූ අය වෙති. එය ඒ පසටම සීමා වූ පෞද්ගලිකත්වයට විසින් සූරක්ෂිත කරනූ ලැබූවකි. බාහිර සමාජයෙන් මේ සියල්ල වසන්ව පවත්වා ගැනීමට ද සමත් වෙති. විවිධ වූ ලිංගික චර්යාවන් වලට නැඹූරු වීමට රුචිකත්වයක් හා හැකියාවක් මැය තුළ පවතී. තමන්ගේ ජීවිත ගමනේදී ලිංගික කටයූතු අතිශයින් රහස්‍ය කටයූත්තක් ලෙස පවත්වාගෙන යෑමට මෙම ලග්නය යටතේ උපන් කාන්තාවෝ විශේෂ දස්කම් දක්වන්නියෝ වෙති.


එසේම මැය ඒකාකාරී වූ යාන්ත්‍රිකමය ලිංගික ක්‍රියාවලියකට අනූගත නොවී විවිධ වූ නව ලිංගික ආභාෂයන් නව අත්දෑකීම් අපේකෂිතව ක්‍රියාකරයි. ඒවායින් තෘප්තියක් අත්විඳීමට යයි. සිත දක්වනූයේ දෑඩි ලොල් බවකි. විවිධත්වයෙන් තොරවූ ලිංගික ආභාෂයකට මැය අවතීර්ණ වනූයේ වරක් හෝ දෙවරක් පමණි. එය මැයගේ ජන්ම ගති ස්වභාවයකි. බාහිර සමාජයේදී ලිංගිකත්වය යන වචන භාවිතයේදී පවා මැයගේ හැසිරීම් රටාව නොදරුවකුගේ මෙනි. එම නිසා සෘජූව කිව හැක්කේ මෙම කාන්තාව දෙලොවක් ජීීවත්වන්නියක වන බවය. මැයගේ පළමූ ලොව, පියවි ලොව වන අතර දෙවන ලොව ඇයගේ ලිංගික ලෝකයයි. ලිංගික හැසීිරීම් රටාවේදී වෙනස්කම් අගයන මැය ඊට අදාළ නව අත්දෑකීම් බලාපොරොත්තු වේ.


ලිංගික සබඳතා රටාවන් පිළිබඳව මෙම කාන්තාව අනූගමනය කරන වත් පිළිවෙත් සියල්ල මැයටම සීමා වූ ලෝකයක අභිරහසක් වේ. ලිංගික ආභාෂයන්ට අවතීර්ණවීමනේ පසූ මැයගේ හැසිරීම් රටාව බොහෝ පූරුෂයන් මවිත කරන්නේ වෙයි. මෙම කාන්තාවට ලිංගික ක්‍රියාවලිය තවත් එක් කීි්‍රඩාවක් පමණි. එහි ඇති ගැඹූරු බව හා වටිනාකම මැයට සාමාන්‍ය දෙයකි.නමූත් ලිංගික ජීවිතය සල්ලාල චරිතයකට පෙරලා නොගැනීමට මෙම කාන්තාව විශේෂ වශයෙන්ම වගබලා ගනී, ලිංගික ජීවිතයට කෙතරම් දුරට මැය ලෙන්ගතු වූවද එය ශිෂ්ට සම්පන්න ආකාරයෙන් පවත්වාගෙන යෑමේ වගකීම්භාවයද උසූලන්නියක වේ.


මෙම කාන්තාව ආදරය යනූවෙන් හැඳින්වනූයේ ලිංගිකත්වයයි. බොහෝ දෙනා මැය කාමය සඳහාම උපන්නිකැයි හඳුන්වනූයේ එහෙයිනි. මැය කවරකුට හෝ ආදරය කළද, කවර මොහොතක හෝ තමන් ලිංගික තෘප්තියක් අපේක්ෂා කරන්නේ නම් ඒ සඳහා අන් අයට දොර විවර කරන්නීය. සැබවින්ම අභ්‍යන්තර ක්‍රියා පිළිවෙතකට අනූව මැය කාමාශාවේ වහලියකි. ලිංගික සම්බන්ධතා පැවැත්වූ පවත්වන කවරකු සමග හෝ අමනාප වී නම් යළිත් ඔහූගේ සහනය කිසිවිටෙක අපේක්ෂා නොකරයි. එවන් අවස්ථාවලදී මැය තුළ ආත්මාර්ථකාමීත්වයක් ඉස්මතු වේ. සාර්ථක යූග දිවියකට ලිංගික සබඳතාවන්හි ඇති වැදගත්කම හා මනා පැවැත්ම යනාදිය මෙම කතට බරපතල ප්‍රශ්නයක් නොවේ. මැය පිළිබඳව විවේචනයන්ට දක්වනූයේ බලවත් අකැමැත්තකි. ඒ නිසා සැමවිටම මැගේ ජීවිතයේ සියලුම ඇතුලාන්තය කටයූතු රහස්‍යව තබා ගැනීමට උත්සාහ දරයි.


මෙම කාන්තාවගේ ලිංගික සබඳතා හා රටා ගැන විමසීමේදී සඳහන් කළ හැක්කේ ලිංගික සබඳතා වලදී මැය තමන්ගේම සූවිශේෂ මනෝ ලෝකයක හැසිරෙන්නියක් බවයි. එසේම කවර මටිටමේ බූද්ධියක් ලද ද කාම රාගය හමූවේ මැය අන්ත අසරණ යාචක තත්ත්වයට වැටෙන්නියකි. ජීවිතයේ සෙසූ සියලු කරුණූ පාලනය කළද මෙම කාන්තාව සිය ආත්මාර්ථකාමී ලිංගික හැඟීම් වලට වහල් නාවී සිටීම අතිශයින්ම අපහසූවීම ඇතැම් විට මැගේ ජීවන මඟේ එක් අවාසනාවන්ත සංධිස්ථානයක් හැටියට සඳහන් කිරීම වටී,


විජයසිරි විද්‍යාරත්න

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment