සමේ කොරල ආරෙට යන රෝගි තත්ත්වයක්

 

සාමාන්‍ය වියළි බව නිසා ඇතිවන කොරල තත්ත්වය ගැන අපි  කතා කළා ඔබට මතක ඇති. එම කොරල තත්ත්වය බෙහෙත් මගින් නිටිටාවට සූව කළ හැකිය.ි නමූත් එහි බැරෑරුම් තත්ත්වය ඉක්තියෝසිස් ලෙස හඳුන්වනවා. මෙහිදී කෙනෙකුගේ සමේ සොබාවය මාළුවෙකුගේ ඇඟේ කොරපොතු ආකාරය වෙන්න පූළුවන්. මෙහිදිත් සමේ තෙල් ප්‍රමාණය ඉවත් වීමකුත් වෙනවා. ඊට අමතරව අපේ සමේ අපිචර්මයේ ෙසෙල ගැලවිලා වෙන්වෙලා වගේ පෙනෙන්නට තියෙනවා.

සාමාන්‍යයෙන් අපි දන්නවා සමේ අපිචර්මයේ ෙසෙල යටම ස්ථරයේ ඇතිවන ෙසෙල ක්‍රමයෙන් උඩ ස්ථරයට ඇවිල්ලා ගැලවිලා යන බව. අපි මෙය ව්‍යවහාරයේ හඳුන්වනවා මැරුණූ සම ඉවත් වෙලා යනවා කියලා.


මාළුවෙකුගේ කොරල වගේ ඉරිතලලා පෙනෙන්නට තියෙන්නේ. එවැනි රෝග තත්ත්වයයි. මෙය බොහෝ වෙලාවට ආරෙට යන රෝගි තත්ත්වයක්. ජානවලින් පරම්පරාවෙන් පරම්පරාවට සංක්‍රමණය වෙනවා.


මෙම රෝගයේ විවිධ වර්ග තියෙනවා. ඉරිත්ත්‍රොඩොමික් ඉක්සියෝසිස් කියන බරපතල අවස්ථාවට පවා මෙය පැතිරයා හැකියි. අපි දෑකලා තියෙනවා සමහර බබාලගේ මෙම රෝගි තත්ත්වය නිසා ඇඟේ සම විතරක් නොවෙයි ඇස් දෙක පවා අරින්න බැරි තත්ත්වවලට පත්වෙලා තියෙනවා. ඇස් දෙක ඉදිරියට නෙරා ආපූ අවස්ථා තියෙනවා. ප්ලාස්ටික් ආවරණයක් දාලා වගේ මූහූණ පෙනෙන්නට තියෙනවා. මෙය ඉතාම බරපතල රෝගි තත්ත්වයක් නිටිටාවට සූව කළ නොහැකියි. බෙහෙත් කිරීමෙන් පාලනය කළ හැකියි. මෙවැනි රෝගීන්ට රෝගය පාලනය කිරීමෙන් සූව පහසූ ජීවිතයක් ගත කළ හැකියි.


විවිධ ආලේපන වර්ග පාවිච්චි කිරීමෙන් සහ ශරීරය තුළට බෙහෙත් ලබාදීමෙන් රෝගින්ට සූවයක් ලබා ගත හැකියි. විශේෂයෙන්ම රෙටිනොයිඩ් ඇසිඩ් කියන ඖෂධ වර්ගය බොන බෙහෙතක් විදිහට පාවිච්චි කරන්න පූළුවන්. මෙය ටිකක් මිල අධික අතුරු ආබාධවලට තුඩූ දෙන ඖෂධයක් වෙනවා. ඉතාම ප්‍රවේසමෙන් මෙම ඖෂධය පාවිච්චි කිරීමෙන් ප්‍රතිඵල ලබාගන්න පූළුවන්. මෙය ඖෂධාගාරවලින් ලබාගන්න වෛද්‍ය නිර්දේශය අවශයයි. මෙම ඖෂධය පාවිච්චි කිරීමෙන් බරපතල තත්ත්වයෙන් මිදිලා රෝගය පාලනය කිරීමට කටයූතු කළ හැකියි.


ඇතැම් අය හිතාගෙන ඉන්නවා සමේ ඇතිවන කොරළගතියට කෑම බීමෙන් බලපෑමක් වෙන බවට. එය වැරදි මතයක්. බොන වතුර ප්‍රමාණය වැඩිවූණාම. තෙල් අඩංගු ආහාර ගත්තාම කොරල එන්නේ නැහැ කියලා. නමූත් රෙටිනොයිඩ් ඇසිඩ් කිියන්නේ විටමින්ං වල ව්‍යූත්පන්නයක්. එම නිසා සමහර අය ඉතාම අධි මාත්‍රාවලින් විටමින් ් පෙති වගේම විටමින් ං අඩංගු ආහාර කෑමට එකතු කරගන්න පෙළඹිලා තියෙනවා. මෙයින් මෙම රෝගයට ලොකු බලපෑමක් නොමැති වූණාට යම් උදව්වක් විය හැකියි. විටමින් ං අධිමාත්‍රාවලින් ආහාරයට ගැනීමෙන් පෙති වශයෙන් ශරීරයට එකතු කර ගැනීමෙන් විවිධ සංකූලතා ඇති වෙනවා. නමූත් රෙටිනොයිඩ් ඇසිඩ් අඩංගු ඖෂධ පාවිච්චි කිරීමෙන් විටමින් ං වලින් ඇතිවන සංකූලතා ඇතිවන්නේ නෑ.


තවත් කෙනෙක් හිතන්න පූළුවන් දේශගුණික සාධක නිසාත් මෙම කොරල තත්ත්වය ඇතිවෙනවා කියලා. වියළි දේශගුණයක ජීවත් වෙන කෙනෙකුගේ සම සාමාන්‍යයෙන් වියළි වෙන්න පූළුවන්. එවිට විවිධ අපහසූතා ඇතිවිය හැකියි. ඔවූන්ගේ සම වියලීම එවිට අඩූවෙනව. වියලි දේශගුණයේ ජල වාෂ්පවල ආර්ද්‍රතාවය අඩූවීම නිසා සම වියලීමෙන් සම පැලීම පවා ඇතිවෙන්න පූළුවන්.


අසෝක කමලදාස
චර්මරෝග විශේෂඥ වෛද්‍ය

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

1 comments :

  1. ආරෙට යන කොරල තත්වයට ප්‍රතිකාර හා බෙහෙත් මොනවාද?

    ReplyDelete