නිතර නිතර රණ්ඩූ කරන සැමියා නිහඬ කළ හැටි

මං මේ කතාව ඔබට කියන්නේ, අතිශය පෞද්ගලික ජීවිත කිහිපයක තොරතුරු එළිදරවූ කිරීමට නොවේ. ඔවූන්ගේ ජීවිතවල අඳුරු අහූමූලුවල ඇති දේවල් හාරා ඇවිස්සීමෙන්, ඔවූන්ගේ අත්දැකීම් හරහා අපේ ජීවිතවලටත් යම් ආලෝකයක් ඇති කරගන්නයි. පාඩමක් ඉගෙන ගන්නයි.

 
මා හමූවන්න උදේ ඉඳන් රෑ වෙනකම් විවිධ තරාතිරමේ පූද්ගලයන් එනවා. එදත් එක්තරා කාන්තාවකුයි, පිරිමියෙකුයි මං හමූවෙන්න පැමිණියා. බැලු බැල්මට මේ ඉන්නේ විවාහක සැමියයි බිරිඳයි කියල ඕන කෙනෙකුට තේරෙනවා.


ඇයගේ මූහූණේ මහත් විඩාබර පෙනූමක්. මං ඉදිරියේ, සැමියයි බිරිඳයි ඉඳගත්තා. ඉන්පස්සේ ඇය මහා හයියෙන් අඬන්න ගත්තා. ඇයගේ ඇඩූම ටිකක් අඩූවෙනකොට සැමියාට පොඩ්ඩකට එළියට යන්න කියල මං ඇහෙන් ඉඟයක් කළා.


ඔහූ එළියට ගියා. ඇය කතා කරන්න ගත්තා.


"ඇත්තටම මාරසිංහ මහත්තයා මං මේ ගමන ආවේ මට ඇති අසනීපයක් නිසා නොවෙයි. මගේ මහත්තයටයි අසනීපය තියෙන්නේ. එයා ඒක පිළිගන්නේ නැහැ. එයාව මෙතනට එක්කරගෙන එන්න ඕනේ නිසයි මං මේ විදියට බොරු කියල අරන් ආවේ."


මේ කාන්තාවගේ නම අපි කල්‍යාණි යයි කියමූ. කළ්‍යාණි සැමියාගේ හැසිරීම් රටාවන් ගැන මාත් එක්ක හූඟාක් දේවල් කිව්වා. නිතරම අඬදබර කරන එක එයාගේ සිරිතලු. බීගෙන ඇවිත්, ගෙදර බඩූ මූටිටූත් පොළොවෙ ගහනවාලු. කෑමවල ලුණූ ඇඹූල් ටිකක් මදි වූණත් මරාගන්න හදනවාලු. කළ්‍යාණි බැරිම තැන තමයි සිරිපාලත් කැටූව මං හම්බවෙන්න ඇවිත් තියෙන්නෙ.


කළ්‍යාණිට එළියට යන්න කියල මම මගේ ළඟට සිරිපාලව ගත්තා. ඔහූත් එක්ක මම ටික වේලාවක් කතා කළා. මූලදී වචනයකින් දෙකකින් උත්තර දුන්න සිරිපාල ටිකක් වෙලා යනකොට කතාකරන්න පටන් ගත්තා. ඔහූ බිරිඳත් එක්ක රණ්ඩූ සරුවල් වෙන්නෙ හැඟීම් පාලනය කරගන්න බැරිව නොයෙකුත් විනාශ කරන්න හේතුව ඔහූ කියන්න ගත්තා.


සිරිපාලට කළ්‍යාණිත් එක්ක දිනපතාම අඹූඃසැමියන් ලෙස හැසිරෙන්න අවශ්‍යයිලු. නමූත් කල්‍යාණි ඒකට වැඩි කැමැත්තක් නැහැලු.


මේ සාකච්ඡාවෙන් පස්සෙ, මම නැවතත් සිරිපාලගේ බිරිඳව මගේ ළඟට කැදෙව්වා. එයාත් එක්ක මං කතා කළා. සැමියා ඉන්න පසූබිම ගැන පහදා දුන්නා. සැමියාට සැළකිය යූතු හැටිත් යම් උපදේශයක් කළා. සැමියාට ආදරයෙන් සැලකීමෙන් ජීවිතය හූඟක් වෙනස්වෙන බව කිව්වා. මේ සිදුවීම වෙලා, මාස ගණනාවක් වෙනවා. දැනූත් ඉඳලා හිටලා මේ ජෝඩූව මාව බලන්න එනවා කිරියි, පැණියි වගේ. ජීවිතය සාර්ථක කරගන්න. මං දුන්න උපදෙස්වලට නිතිපතා ඒ අය මට පිං දෙනවා.




මානසික සෞඛ්‍ය ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ
මනෝ චිකිත්සක 
 පී. මාරසිංහ

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment