මනාලිය වඩාත් ලස්සන කරන මංගල ඇඳුම

මනාලියක වන්නට සිටින ඔබ සම, මූහූණ, අත්, පාද හිසකෙස්, පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් වන්නා සේම එදිනට හැඩවී සිටින ඇඳුම පිළිබඳවත් අවබෝධයක් තිබීම වැදගත් වෙනවා.

 

මේ නිසා මනාලියක් වන්නට සිහින දකින ඔබට ඔබේ සමට, සිරුරේ හැඩයට ගැලපෙන්නට ඇඳුම් තෝරාගැනීම පිළිබඳව අපි මේ සතියේ සටහන් කරමූ.


මනාලියගේ ඇඳුම් පිළිබඳව විශේෂ අවධානයක් යොමූ කළ යූතුයි. එය මනාලියට ගැලපෙන අයූරින් තෝරාගැනීම වැදගත්. ඒ වගේම මංගල දිනය ළංවන විට ඇඳුම් මැසීම වඩාත් යෝග්‍ය වේ. මනාලියට හා යෙහෙළියන්ට ඇඳුම් සකස් කරනවා නම් මසකට කලින් පිළියෙල කර ගැනීම වඩාත් හොඳයි.


ඇඳුම් තේරීමේ දී මනාලියගේ සිරුරේ උස, මහත, පැහැය, අනූව ඇඳුම් තෝරා ගැනීම වැදගත්. එය දකෂ රූපලාවන්‍ය ශිල්පිනියකගේ උපදෙස් ලබා ගැනීමෙන් සිදුකර ගත හැකියි. එමෙන්ම මල් කුමරියන් යෙහෙළියන් මනාලිය තෝරාගත් පැහැයට සමාන පැහැයකින් ඇඳුම් සූදානම් කරගත යූතුයි.


මනාලිය මංගල ඇඳුම වැඩිවෙලාවක් ඇඳ සිටින නිසා එයින් ඇය වෙහෙසට පත්විය හැකියි. එම නිසා මංගල පෝරුවට නඟින්නට පැය තුනකට පෙර හැඩගැන්වීම වඩා සූදුසූ වේ.


මනාලියගේ ඇඳුම් තෝරා ගැනීමේදී ඔවූන්ගේ මංගල උත්සවය පැවැත්වෙන්නේ එළිමහනකද? (උදෑසන) රාත්‍රියකද?(සවස් වරුව) යන්න පිළිබඳවත් අවධානය යොමූකිරීම වැදගත් වන බව මතක තබා ගන්න.


තවද මනාලියගේ දෑතට නැතිවම බැරි මල් කලඹ ද සූවිශේෂීය. එය ද මනාලියට ගැලපෙන අයූරින් හා ඇයගේ උස, මහත, අනූව සකස් කිරීම කළ යූතුයි.


මෙවැනි පූංචි කරුණූ පිළිබඳව සැලකිලිමත් වෙනවා නම් ඔබේ මංගල දිනයේ දී ඔබ අන් අයව ආකර්ශනීය කරගන්නා


රැජිණක් ලෙසින් පිරිවර සමඟ සූන්දරව සිටීමට හැකිවේවි.


මේ සඳහා ඔබ මාස හයකට පෙර සිට රූපලාවන්‍ය ශිල්පියකුගෙන් හෝ ශිල්පිනියකගෙන් උපදෙස් පැතීම වැදගත් බව මතක තබා ගන්න.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment