නාඳුනන පලාතකදී අවිවාහක යූවතියක් සමීප විය යූතු පිරිමින් 6 ක්

 

පිටස්තර පළාතක ජීවත්වෙද්දී විවාහ නොවූ යූවතියකට පිරිමින් 6 දෙනෙකුගේ ඇසූර අත්‍යාවශ්‍යයි. බොහෝවිට ඔබ මෙම අදහස පිළිනොගැනීමට හැකිය. නමූත් සෑම අවිවාහක යූවතියකම තමාගේ ජීවිතයට පිරිමියෙකුගේ සහයෝගය අවශ්‍ය යැයි හැඟුණූ විටදී මෙම පිරිමින් සයදෙනාගේ දුරකතන අංක තමාගේ ජංගම දුරකතනයේ ගබඩාකර ගැනීම අත්‍යවශ්‍ය බව මෙය ඉදිරියට කියවද්දී ඔබට වැටහෙනූ නොඅනූමානය.


පොලිස් නිලධාරියෙක්
සෑම අවිවාහක යූවතියකම පොලිස් නිලධාරියෙකු හඳුනාගෙන සිටීම වැදගත්වේ. විශේෂයෙන්ම ඔබ ජීවත්වන්නේ ද තනියම නම් මෙහි වැදගත්කම දෙගුණ තෙගුණවීමට හැකිය. ඇතැම්විට ඔබට ප්‍රබල මිතුරෙකු හෝ ව්‍යාපාරික අංශයෙහි බලපෑම් කළ හැකි පූද්ගලයෙකු නොහඳුනනවා වීමට හැකිය. නමූත් එය එතරම් ප්‍රබලව ඔබට නොහැගෙන්නේ පොලිස් නිලධාරියෙකු ඔබේ හිතවතුන් අතර සිටීමෙනි. ඔබ පොලිස් නිලධාරියෙකු සමග හිතවත්කමක් නොමැති නම් කළ යූත්තේ පදිංචි ප්‍රදේශයේ උසස්තම පොලිස් නිලධාරියෙකුගේ තොරතුරු හා දුරකතන අංකය සොයාගෙන එය ජංගම දුරකතනයේ සටහන් කර තැබීමයි. නැතිනම් ලියා තබා ගැනීමයි. විශේෂයෙන්ම පිටස්තර පළාතක පදිංචියට ගිය විටදී ඔබ මෙය කළ යූතුවේ.


එයට අමතරව ඔබ අවිවාහක යූවතියක නම් සැමවිටම ළඟම ඇති පොලිස් ස්ථානයේ දුරකතන අංකයද ළඟ තබාගත යූතුවේ. එමෙන්ම අදාල ප්‍රදේශයේ පොලිස් නිලධාරියෙකු ඔබ හඳුනන්නේ නම් අසල්වැසියන් හෝ හන්දිවල රස්තියාදු වන තරුණයන් වෙතින් ඔබ හිරිහැරයක් වීම මඟ හැරේ.



වෛද්‍යවරයෙක්

අවිවාහක යූවතියක මූහූණ දෙන ගැටලු අතර ප්‍රධානතම ගැටලුවක් වන්නේ රෝගී වූ විටදී උවටැන් කිරිමට අයෙකු නොවීමය. එවැනි අවස්ථාවන්දී ඔබ ප්‍රදේශයේ වෛද්‍යවරයෙකු හඳුනාගෙන සිටීම බොහෝ ප්‍රයෝජනවත් වේ. විශේෂයෙන්ම අවිවාහක යූවතියක ලෙසින් අඳෙන් බැසීමට පවා නොහැකි ලෙසින් රෝගී වූවහොත් එම හිතවත් වෛද්‍යවරයාව දුරකතන ඇමතුමක් ලබාදීමෙන් නිවසට කැඳවා ගැනීමට හැකිවේ.


එහෙයින් ඔබ අලුත් ප්‍රදේශයක පදිංචියට ගියවිටදී අසල්වැසියෙකු හෝ නිවසේ හිමිකරුගෙන් එම ප්‍රදේශයේ සිටින රජයේ ලියාපදිංචි වෛද්‍යවරයෙකුගේ තොරතුරු මූලින්ම විමසා බලන්න. සූළු රෝගී වීම්වලදී ප්‍රතිකාර ලැබීමට ඔහූ වෙතට ගියවිටදී ඔබ පිළිබඳ තොරතුරු පැවසීමෙන් හිතවත්කමක් ගොඩනගා ගන්න. ඔහූගේ සායනයේ දුරකතන අංකය සේම හැකිනම් ඔහූගේ ජංගම දුරකතන අංකයද ඉල්ලා ගත්හ. ඒ සමග හදිසි අවස්ථාවකදී දුරකතන ඇමතුම්වලට පිළිතුරු දෙන්නේ ද හා දුරකතනයේ කතා කිරීමට එකඟද යන්න ඔබ අවබෝධ කරගත යූතුවේ. එසේ නොකරන්නේ නම් අන් වෛද්‍යවරයෙකු ගැන උනන්දුවන්න.




පියෙකු වන් පිරිමියෙක්

නාඳුනන පළාතක තනිව ජීවත්වීමට සිදුවූවොත් පියෙකුට සමාන පිරිමියෙකුගේ දයාව ඔබට බොහෝවටී. මන්ද ඔබට ප්‍රදේශය හා පූද්ගලයන් පිළිබඳ බොහෝ තොරතුරු හා රැකවරණය ඔහූ වෙතින් ලැබීමට හැකිය. එවිට ඔහූ ඔබ පිළිබඳව සොයා බැලීම යන එන අතරේදී ඔබ පිළිබඳව විමසිලිමත්වීම ඔබට ලැබෙන ආරක්ෂාවකි.




අත් උදව්කාරයෙක්
ඔබ තනියෙන් නිවසක ජීවත්වෙද්දී එහි විදුලි හෝ ජල සැපයූමේ විවිධ දෝෂ, වහලයෙහි ඇතැම් තැන් වැස්සට තෙමීම හා පිළිසකර කටයූතු කර ගැනීම ආදිය සඳහා ද යම් පිරිමියෙකුගේ සහයෝගය තිබිය යූතුය. එහෙයින් විදුලි, වැද්දුම් හා වඩූ වැඩක් යම් ප්‍රමාණයකින් දන්න පූද්ගලයෙකුගේ හිතවත්කමක් තිබීම ඔබට අවශ්‍ය වේ. එවිට සූළු දෝෂ වෙනූවෙන් ගෙහිමියාට පැමිණිලි කිරීමට ඔබට සිදුනොවේ. එමෙන්ම කුලී නිවාසවල ගැටලු ගෙහිමියාට පැමිණිලි කළ විටදී එය සක්ස කර දීමට සතියක් පමණ ගතවේ.


ඒ සඳහා ඔබ කළ යූත්තේ පදිංචි ප්‍රදේශයේ විශ්වාස අත් උදව්කරුවෙකු සිටීද යන්න හෙමිහිට සොයා බැලීමය. එමෙන්ම ප්‍රදේශයේ හාඩ්වෙයාර් වෙළඳ සැළෙන්ද ඔබට එවැනි "හැම දෙයක්ම දන්නා" පූද්ගලයෙකු පිළිබඳ තොරතුරු දැන ගැනීමට හැකිය. එවැනි පූද්ගලයෙකු හමූවිටදී ඔහූගේ සේවය ලැබීමට පහසූ වේලාව හා කැඳවීමට පහසූ ක්‍රමයක් ද ඔහූගෙන් දැන ගැනීම කළ යූතුවේ.




කදිම පිරිමි යාලූවෙක්

අවිවාහකව ජීවත්වන සෑම යූවතියකටම බොහෝ අගනා පිරිමි මිතුරෙකු සිටීම අවශ්‍යය. ඔහූ හදිසියකදී ඔබ සමග ගමනක් යෑමට හැකි රිය පැදවීමට හැකි, ආරක්ෂාව සැපයීමට හැකි හා හදිසියකදී ආහාරයක් ගෙන ඒමට හන්දියට දිව යා හැකි පූද්ගලයෙකු වීම අවශ්‍යය. පිටස්තර ප්‍රදේශයක ජීවත්වෙද්දී එවැනි පූද්ගලයෙකු පිළිබඳව බූද්ධිමත්ව විමසිලිමත් වන්න.




කඩහිමියෙක්

තරමක් රෑ බෝ වූව ද, අවශ්‍ය දෙයක් මිලදී ගැනීමට ඔබ වෙනූවෙන් දොර හරින කඩ හිමියෙකු හඳුනාගෙන සිටීමද පිට පළාතකදී වැදගත්වේ. එමෙන්ම හැකිනම් එවැනි ෆාමසියක්ද තිබීම යෝග්‍යය. ඒ සඳහා ඔබ කළ යූත්තේ ඔබට අවශ්‍ය ආහාර ද්‍රව්‍යයන් සියල්ලක්ම එක් කඩයකින් මිලදී ගැනීමය. එවිට කඩහිමියා ඔබට විශ්වාසයක ගනූදෙනූකරුවෙකු සේ සළකයි. ඒ සමගම කඩ හිමියාගේ දුරකතන අංකයද ලබාගන්න. මඳ කලක් ගතවෙද්දී රැයකදී පවා ඔබට යමක් අවශ්‍ය වූ විටදී සේවකයෙකු අත එය එවීමට ඉදිරිපත් වේ.




සැලකිය යූතුයි
පිටස්තර පළාතක ජීවත්වෙද්දී අවිවාහක යූවතියක ඇසූරු කළ යූතු මෙම පිරිමින් සය දෙනා ඔබට ගැටලුවක් පැන නැගීමටද හැකිය. ඒ නාඳුනන ප්‍රදේශයකදී මෙසේ පිරිමින්ට සමීපවීම අවශ්‍ය හිරිහැරයකට මූල පිරීමක් නවතා ගැනීමය. ඒ සඳහා ඔබ කළයූත්තේ මෙම පිරිමින් සමීපවීම, හිතවත් වීම හා දැනහඳුනා ගැනීමේදී සීමා ඉර පැනීමට නොසිතීමය. කළ යූත්තේ එම හිතවත්කම ඔබේ ගෞරවය රැකෙන ලෙසින් සිදුකර ගැනීමය.



Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment