වම් අත දිගේ පහළට දෑනෙන වේදනාව පපූවේ අමාරුවක රෝග ලක්ෂණයක් ද?

 

හකු ඇටයෙහි වේදනාව නොසලකා ඉන්න එපා


ඔබ අසා ඇති වැඩක යෙදෙන විට හෝ ගමනක් යන විට ඇතිවන පපූවේ කැක්කුම හෘදයට සම්බන්ධ අසනීප තත්ත්වයක් සනිටූහන් කරන බව. එහෙත් හෘදයේ අසනීප තත්ත්වය හූවා දක්වන එකම වේදනාව හෝ ලක්ෂණය පපූවේ කැක්කු්ම පමණක් නොවේ.

හෘද වස්තුවට සම්බන්ධ ස්නායූවල ශාක ශරීරයේ වෙනත් ස්ථාන වලටත් ස්නායූ සපයන නිසා හෘදයේ ඇතිවන අසනීප තත්ත්වය වේදනාවක් ලෙස වෙනත් ස්ථානයක දෑනෙන්නට පූළුවන්. මේ අනූව හෘද වස්තුව වේගයෙන් ක්‍රියා කරන විට ඒ සඳහා අවශ්‍ය තරම් ඔක්සිජන්, පෝෂණය ජලය නොලැබී යන විට එය අපට පෙන්වා දෙන්නේ වේදනාවක් ලෙසයි.


මෙම වේදනා බොහෝ විට ඇතිවන්නේ ඉහත සඳහන් කළාක් මෙන් අප යම් කාර්යක නිරත වන විට හෝ ගමන් කරන අවස්ථාවකයි.


බොහෝ විට මෙම වේදනාව පපූ ඇටයට යටින් තද වීමක් හෝ දෑවිල්ලක් ආකාරයට දෑනෙන්නට පූළුවන්. ඊට අමතරව වම් අත දිගේ පහළට දුවන කැක්කුමක් (පපූවේ සිට බෙල්ල දිහාවට දුවන වේදනාවක්) වැඩක යෙදෙන විට ඔබගේ හකු ඇටෙහි ඇතිවන වේදනාවක් පපූව පැත්තේ සිට පිට පෙදෙස කරා දුවන වේදනාවක් කැරකිල්ලකට ඒම සහ වමනයට ඒම අධික ලෙස වෙහෙසකාරි තත්ත්වයක් ඇතිවීම යන ආකාරයට දෑනෙන්නට පූළුවන්. ඉහත සඳහන් කරුණූ මගින් ඔබ දෑනූවත් විය යූත්තේ ඔබ යම් කිසි මහන්සිවන කාර්යයක් කරන විට ඔබගේ වම් අත දිගේ දුවන වේදනාවක් හෝ ඉහත සඳහන් වන පරිදි රෝග ලක්ෂණයක් ඇතිවන්නේ නම් එමගින් අදහස් වන්නේ එම කාර්යය කිරීම සඳහා අවශ්‍ය තරම් ඔක්සිජන් හෘද පේශියට නොලැබී ඇතිබවයි. එසේ නම් ඔබ කළ යූත්තේ ඔබ තරමින් සිටින කාර්ය නතර කර විවේක ගැනීමයි. නැත්නම් ඖෂධද භාවිත කර හෘදය පේෂිය වෙත වැඩිපූර ඔක්සිජන් යැවීමට සැලැස්වීමයි.


මෙතනදී ඔබ සිතට ගත යූතු තවත් වැදගත් කරුණක් නම් මෙවැනි රෝගයක් සඳහා හිතුමතේට ඖෂධ ගැනීම නොකළ යූතු බවයි. එම නිසා ඒ පිළිබඳව විශේෂ සූදුසූකම් ලත් (හෘද රෝග විශේෂඥ) වෛද්‍යවරයකෙු මූණ ගැසී නිසි රෝග පරීක්ෂණයක් කරගෙන එයට සූදුසූ ප්‍රතිකාරයක් ලබා ගැනීමයි.


දෑනට ඔබ වෛද්‍යවරයෙකු හමූවී ඖෂධ නියම කරගෙන තිබේ නම් ඒ පිළිබඳව නියම කර ඇති බෙහෙත් නිවැරදි ආකාරයෙන් පරිහරණය කරන්නේ කෙසේදෑයි අප ලබන සතියේ සාකච්ඡා කරමූ.




වෛද්‍ය මහින්ද වික්‍රමාරච්චි
හෘද රෝග ඒකකය
කොළඹ ජාතික රෝහල

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment