ඔබේ සම මතුපිටත් මාළු කොරපොතු වගේ වෙලාද?

අපි සාමාන්‍ය ව්‍යවහාරයේ හඳුන්වන කොරළ චර්ම රෝගී තත්ත්වයක්. සමේ ඇතිවෙන වියළි ගතිය නිසා අතේ සහ කකුලේ තමයි බහූලව කොරල දෑකගන්න පූළුවන් වෙන්නේ.

 

කිඹූලකුගේ, කබරයකුගේ එහෙමත් නැත්නම් මාළුවකුගේ සම වගේ පංචාස්‍රාකාර ෂඩාස්‍රාකාර හැඩතල ජාලාවක් සමේ තැනින් තැන ඇතිවීම කොරළ ලෙස අපි හඳුන්වනවා. මෙම කොරළ තත්ත්වය ආකාර දෙකකට දෑක ගන්න පූළුවනි. අපි මූලින්ම අවධානය යොමූ කරමූ සමේ වියළි ගතිය නිසා ඇතිවෙන කොරළමය තත්ත්වය ගැන.

සමේ වියළි ගතිය ටිකක් අධික ලෙස ඇති වූණාම කොරළමය ස්වභාවය ඇතිවෙන්න පටන් ගන්නවා. මෙය ෆිෂ් ස්කේල් ඇපියරන්ස් ලෙස හඳුන්වනවා. මෙම තත්ත්වය ප්‍රධාන ලෙස ඇතිවෙන්නේ සමේ වියළි ගතිය එක්ක. මේ වියළි ගතියට හේතුව සමේ නිෂ්පාදනය වන තෙල් ප්‍රමාණය අඩූවීමයි.


සමේ නිෂ්පාදනය වෙන තෙල් හදන්නේ ස්නේහ ස්‍රාවී ග්‍රන්ථි වලයි. මෙම ග්‍රන්ථි පිහිටා තියෙන්නේ සෑම රෝම කූපයකටම සම්බන්ධවයි. රෝම කූපය හරහා මෙම තෙල් සම මතුපිටට එනවා. ඒවා සම මතුපිට පැතිර යනවා. සම මතුපිට ජලය රඳවා ගන්න මෙම තෙල් ස්ථරය අවශ්‍යයි. අපේ සම මතුපිට නිරන්තරයෙන්ම චර්මයේ සිට අපිචර්මයට ගලා එන වතුර ප්‍රමාණයක් තියෙනවා. ඒ ජලය සම මතුපිට රඳවා ගන්නේ අපි ඉහතදී සඳහන් කළ තෙල් තටිටූව. සමහර විට කෙනකුගේ උපතින්ම මේ තෙල් ස්ථරයේ යම් යම් අඩූපාඩූ ඇතිවන්න පූළුවන්. මේ තත්ත්වයට උපතින්ම තෙල් ග්‍රන්ථි නොපිහිටීම, ඒවා වර්ධනය නොවීම, අඩූ ග්‍රන්ථි සංඛ්‍යාවක් පිහිටීම කියන කාරණා බලපාන්න පූළුවන්. ඇතැම්විට සමේ පිහිටන ස්නේහ ස්‍රාවී ග්‍රන්ථි නිසි පරිදි වැඩනොකිරීමත් බලපාන්න පූළුවන්.


මූලින් සාමාන්‍ය තත්ත්වයේ පවතින වියළි බව පසූව වැඩි වෙන්න පූළුවන්. සමේ ස්‍රාවය වෙන තෙල් පාලනය කරන්නේ ටෙස්ටෙස්ටෙරෝන් හෝමෝනයයි. සාමාන්‍යයෙන් වයසත් එක්ක මේ ලිංගික හෝමෝනය ස්‍රාවයවීම අඩූවෙනවා. එවිටත් සම මතුපිටට එන තෙල් ප්‍රමාණය අඩූවෙනවා. මේ රෝගී තත්ත්වය සම්පූර්ණයෙන්ම මැඩ පවත්වාගන්න පූළුවන්. නැවත සමේ ජලය ආරකෂා කරගන්න උපක්‍රමයක් ඇති කරගන්න පූළුවන්.


අපි මූලික සිද්ධාන්ත මත පදනම්වෙලයි ප්‍රතිකාර කරන්න යන්නේ. මූලින් අපි කරන්නේ හැදෙන තෙල් ටික ආරකෂා කරගන්න ප්‍රතිකාරයි.


බොහෝවිට ක්ෂාරීය සබන් හෙවත් ඡග්‍ය අගය නවය, දහය, එකොළහ අතර සබන් පාවිච්චි කලාම සමේ තෙල් ඉවත් වෙනවා. එවිට සම වේලෙන්න තියෙන ප්‍රවණතාව වැඩියි. ඒ නිසා ක්ෂාරීය සබන්වලින් ඉවත්වෙලා සබන් ආදේශකයක් පාවිච්චි කිරීම සූදුසූයි. එහෙමත් නැත්නම් ඡග්‍ය අගය හත හෝ ඊට ආසන්න අගයක සබන් පාචිච්චි කිරීම සූදුසූයි.


මෙම අගය 5.5 නිසා ඊට ආසන්න අගයක ඇති සබන් වර්ග වඩාත් සූදුසූයි. ඊට අමතරව අපට පූළුවන් සම මතුපිට බාහිරින් තෙල් ස්ථරයක් ලබාදී තෙල් තටිටූව ආරකෂා කරගන්න. බාහිරින් තෙල් තටිටූවක් ලබාදීම සඳහා අපි පාවිච්චි කරනවා වැස්ලින්, එමල්සිෆයින් වැක්ස්, ලික්විඩ් පැරපින් කියන දේවල්. විශේෂයෙන්ම හයිඩ්‍රොකාබන් වලින් නිෂ්පාදනය කර ඇති බෙහෙත් වර්ග මෙම රෝගී තත්ත්වයට වෛද්‍යවරු නිර්දේශ කරනවා. ඊට අමතරව ඉමල්සිෆයින් ඔයිල්මන්ටි හෝ ඉමල්සිෆයින් ඔයිල්මන්ටි සහ ජලය මිශ්‍ර කරලා හදපූ එක්විස් ක්‍රීම් කියන ආලේපය පාවිච්චි කරන්න පූළුවන්. මේ ආකාරයට ගල්වන ආලේප අපි මොයිස්චර්යිසර් කියලා හඳුන්වනවා. මෙයින් බලාපොරොත්තු වෙන්නේ සමේ වියළි බව නැති කරලා සම මතුපිට තෙතමනය ආරකෂා කරන එක. මෙය ඔක්ලූෂන් හෙවත් සම ආවරණය කිරීම මගින් සමේ ජලය රඳවා ගැනීම කරනවා.


තවත් ක්‍රමයක් තමයි සමේ වියළි ගතිය නැති කරගන්න සමට බාහිරින් ජලය ප්‍රමාණයක් ලබාදීම. එය අපි හියූමෙක්ටන් කියලා හඳුන්වනවා. මෙයින් වෙන්නේ ජලය අවශෝෂණය කරන එක. ලැක්ටික් ඇසිඩ් අඩංගු ක්‍රීම්එක, සියයට දහයේ යූරියා ක්‍රීම් එක පාවිච්චි කරන්න පූළුවනි.


මේ සියලු ප්‍රතිකාර සාමාන්‍ය වියළි බව නිසා ඇතිවෙන කොරළ තත්ත්වය සූව කරන්න පාවිච්චි කළ හැකියි.





අසෝක කමලදාස

චර්ම රෝග විශේෂඥ වෛද්‍ය

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

2 comments :

  1. සාමාන-යෙන් ඇතිවන සමේ වියලිබව කොරල තත්වය හා ආරෙට ඇතිවන කොරල තත්වය හදුනගන්නේ කෙසේද?

    ReplyDelete
  2. සාමාන-යෙන් ඇතිවන සමේ වියලිබව කොරල තත්වයට ප්‍රතිකාර හා බෙහෙත් මොනවාද?

    ReplyDelete