මී පැණිවල ඖෂධ ගුණය

ආයූර්වේදය වැනි පෙරදිග වෛද්‍ය ක්‍රම බිහිවීමට පෙර ඖෂධයක් ලෙස මී පැණි භාවිත වී ඇත. තුාවලයක් සිදුවූ විගසම මී පැණි ආලේප කර තුවාල සූව කර ගැනීමටත්, ආහාර කල් තබා ගැනීමටත් එදා ගෝත්‍රික ජනයා පූරුදු ව සිටි බව පැරැණි ලේඛණවල ලියැවී ඇත.
 


මී පැණිවල සංයෝගය සකස් වී ඇත්තේ මිනිස් සිරුරේ සංවර්ධනයටත්, සෞඛ්‍ය ආරකෂා වීමටත් අවශ්‍ය ලෝහ හා විටමින් පදාර්ථ අන්තර්ගතව ය. යකඩ, තඹ, මැන්ගනීස,් සිලිකන්, ක්ලෝරන් පොටෑසියම්, සෝඩියම්, පොස්පරස්, ඇළුමිනියම් හා මැග්නීසියම් යන ලෝහ වර්ග මී පැණිවල අන්තර්ගත ය. මී පැණි විටමින් "සී" වලින් ඉතා පොහොසත්ය. රයිබොෆ්ලෙවින්. නිකොටිනික් ඇසිඩ් යන පදාර්ථ අවශ්‍ය තරමට ඇතුලත් ව ඇති අතර "ඒ්"් හා "බී" යන විටමින් සෑහෙන පමණ අන්තර්ගතය.


මී පැණි රසයෙන මිහිරිය. අනූරසයෙහි කසටය. සිසිල්ය. අග්නිය වඩවයි. සිරුරෙහි කාන්තිය වර්ධනය කරයි. කටහඬට හිතකර ය. සියූමැලි බව ඇති කරයි. තුවාල රෝපණය හා ශෝධනය කෙරේ. හෘදයට ඉතාම හිතකරයි.


ඖෂධ සඳහා යොදා ගැනීමේ දී අලූත් වූ ඖෂධ යොදා ගැනීමට ශාස්ත්‍ර නියමය වූවද මී පැණිවල ඇති පූදුම ශක්තියක් වනූයේ එය පරණ වූ තරමට අගයෙන් වැඩි වීමයි. මී පැණි ශරර ගත වී මිනිත්තු විස්සක් තුළ අවශෝෂණය වී අවශ්‍ය ශකතිය ලබා දේ. මී පැණිවල ඇති ඉතාමත් උසස් අගය එය වශයෙන් සැලකිය හැකි ය.


ආයූර්වේද ප්‍රතිකාරයෙහි රෝගී අවස්ථාවේත්, රෝගයකින් සූවය ලබමින් සිටින අවස්ථාවෙහිත් මී පැණි අධික වශයෙන් දෙන ඖෂධයක් මෙන්ම ආහාරයක් ද වේ. බඩගින්න හා ආහාර රුචිය හොඳින් ඇති කරන හෙයින් ආහාර ජීර්ණ ක්‍රියා ද නිසි ලෙස සිදු කෙරේ. මොළය ඉතා වෙහෙසට පත් වූ අවස්ථාවන් හි මි පැණි මේස හැදි 1ක් ගැනීමෙන් එම වෙහෙස දුරු කර ගැනීමට හැකි වේ.


 මී පැණි අගනා ජීවාණූ නාශකයක් හෙයින් ළදරු අතීසාරය හා රක්ත අතීසාරය වලක්වා ගැනීමේ ප්‍රතිශේදකයක් වශයෙන් ද, ළදරුවන්ට දීම අගනේ ය. ළදරුවන් ගේ පණූ රෝග හා විවිධ අතීසාර රෝගවලට ඖෂධ සමග නියමයක් වශයෙන් මී පැණි බහූල ව භාවිත කෙරේ. ළමා සෞඛ්‍ය හා සංවර්ධනයට මී පැණිවලින් ලැබෙන ප්‍රයෝජනය අති විශාල ය. ළදරු මළ බද්ධයේ දී කිරි සමග මී පැණි තේ හැඳි 2ක් පමණ මිශ්‍ර කර දීමෙන් එය මග හැරේ. උල්ලොගමි ඇති විට මී පැණි පූෂ්කර සමග මැදීමෙන් උල්ලෝගමි සූව වේ.


පිළිසසීම්වලදී මී පැණි ආලේප කළ වහා සහනය ලබා දී එය බූබූළු මතුවීම වළක්වයි. ශ්වසන ව්‍යූහගත රෝගවලට මී පැණි ඇඹූල් දොඩම් සංයෝගය අගනා ඔසූවකි. අලුත් මි පැණි වමනය ද, පරණ මී පැණි අතීසාරය සමනය කිරම ද මෙහි ඇති විශේෂ ගුණයකි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment