රූපලාවන්‍ය ගැන හිතනකොට පොල් වතුර අහක දාන්න බැහැ

ඉන්දියානූ කාන්තාවන් ලස්සන වෙන්නට ස්වාභාවිකත්වය එක්ක බද්ධ වී ඇති ආකාරය කොතෙක්දෑයි කියන්නට වචන නැති තරම්ය. එදිනෙදා ජීවිතයේදී ඔවූන් මූළුතැන්ගෙයි වැඩ කටයූතු කරන අවස්ථාවලදී ලැබෙන සෑම අවස්ථාවකින්ම ලස්සන වෙන්නට මඟක් සොයා ගන්න බව ඔවූන් හා එකට කටයූතු කිරීමෙන් මම අත්දෑක ඇත.
 

උදාහරණයක් හැටියට ඒවා කියන්නට ගියහොත් කෙලවරක් නැතිය.. ඉන්දියාව ජනගහනය අධිකව වාසය කරන විශාල රටකි. ප්‍රාන්ත ගණනාවන් ඇති අතර ඒ ඒ ප්‍රාන්තවලට ආවේණික වූූ සංස්කෘතික ලකෂණවලින් පිරී ඇත. සමහර ප්‍රාන්තවල උප සංස්කෘතීන් ගණනාවකි. භාෂා ගණනාවක් ආගම් විවිධ ඇදහිලි විශ්වාස ගණනාවක් නිසා ඉන්දියාව කිසියම් සංකීර්ණත්වය තුළ වචනයෙන් කියා නිමකරන්න බැරි තරම් විචිත්‍රත්වයක් උත්පාදනය වෙයි.


කේරළ ප්‍රාන්තයට ගියොත් පොල් බහූලව තිබේ. ඔවූන් ආහාර රස කරන්නට පොල් එකතු කරන්නේ ලංකාවේ අපි පොල් එකතු කරගන්නා පරිද්දෙනි. පොල් ගැන හදිසියේම වාගේ මතක් කළේ එයින් අපේ රූපය


රැක ගැනීමට යමක් කළ හැකි නිසාය. කේරළ කාන්තාවන් අපේ රටෙි කාන්තාවන් මෙන් පොල් ගෙඩිය බිඳ වතුර ටික ඉවතට විසිකර දමන්නේ නැත. භාජනයකට ඒවා එකතු කර තමාගේ හෝ දියණියකගේ මූහූණ ඒ වතුරෙන් සෝදා දමයි.


එහි නැවූම් බවත් පිරිසිදු බවත් හේතුකොට ගෙන මූහූණට අමූතු ජීවයක් ලැබෙයි.


මූළුතැන්ගෙයි ආහාරයට ගන්නා බොහෝ දේවල් වලින් තමන්ගේ රුව ආරකෂා කරගන්නට ප්‍රයෝජනයට ගන්නා ඉන්දියානූ කාන්තාවන්ගේ ක්‍රියාකාරකම් මෙයට පෙරත් අපි මේ තීරුවෙන් ලිව්වෙමූ. තුනපහ අතර කැපී පෙනෙන කහ, ඇතැම් එළවළු, පලතුරුවල සාරය, කිරි යොදය වගේදේවල් රුව ලස්සන කරගන්න හැකියාවක් ඇති දාව්‍යබව ඔබ දනී.


ඉන්දියානූ කාන්තාවන් ලස්සන වෙන්නට කහ උපයෝගි කරගන්නේ තවත් මොනවා හෝ දෙයක් සමග එකතු කර ගැනීමෙන්ය. උදාහරණයක් ලෙස කහ ස්වල්පයක් කිරි යොදය සමග එක්කාසූ කර බෙල්ලේ ගැල්වීමෙන් එහි අඳුරු පැහැය දුරුවේ. මම අද කියන්නට යන්නේ කහ පමණක් උපයෝගි කරගෙන ඇතැම් ප්‍රාන්තයක කාන්තාවන් මූහූණ දීප්තිමත්ව ආකාරය තබාගන්නා මම ඉන්දියාවේදී දෑක ඇත්තෙමි.


කහ ස්වල්පයක් ගෙන වතුර සමග මූසූ කරගෙන මේ ආලේපය ඔවූන් සාදාගනී. එය යාන්තමට සමේ තැවරීමෙන් මහත් දීප්තියකින් යූතු පෙනූමක් ඒ කාන්තාවන් තුළ මම දෑක ඇත. සැබවින්ම එය රන් පැහැයෙන් බැබලෙන පෙනූමක් කීවොත් නිවැරදියි.


ප්‍රවීන රූපලාවන්‍ය ශිල්පිනී 
මානෙල් කොටූවෙිගොඩ

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment