මවගේ රන් ආභරණ හිමිවිය යූත්තේ දුවට පමණද?

ලේලියට රන් ආභරණ ලබාදෙන්නට නැන්දම්මලා අකැමැති ඒවා පිටට යනවා කියලා හිතන නිසයි.

බොහොම පැරණි සමාජයේ ඉදලා දෙමව්පියන්ගෙන් දරුවන්ට පරම්පරාවෙන් එන චංචල දේපල උරුම වෙනවා. ලෝකයේ තියෙන එක එක සමාජ එක එක ආකාරයට මෙය කරනවා. පළමූ පරම්පරාවෙන් දෙවන පරම්පරාවට නෑකම් ලැබෙන ආකාරය අපි සමාජ විද්‍යාවේදී හඳුන්වනවා නාතික්ත අවරෝහණය කියලා. මෙම නෑකම් හිමිවන රටාවට මූලධර්මය හැමවිටම සමාන වෙනවා දේපල හිමිවන රටාවට. එතනදී තේරුම් ගතයූතු තවත් දෙයක් තියනවා ලෝකයේ සමහර සමාජ පීතෘමූලිකයි. තවත් කොටසක් මාතෘ මූලිකයි. මෙන්න මේ මාතෘමූලික, පීතෘමූලික රටාව අනූව නෑකම් වෙනස් වෙන්නට පූළුවනි. විශේෂයෙන්ම පීතෘමූලික සමාජවල තාත්තගේ පැත්තට වැඩි බරක් තියෙනවා. ඒ අනූව පියාගෙන් පූතාට නෑකම් උරුමවීමක් වෙනවා. මේ අනූව දේපල ගලාගෙන යන්නෙත් පියාගෙන් පූතාට වගේම මාතෘ මූලික සාමාජයක නම් මවගෙන් දුවට විදිහටයි.


උදාහරණයක් විදිහට අප්‍රිකාවේ තියෙනවා "නූර්" කියලා ගෝත්‍රික සමාජයක්. නූර් සමාජයේ තියෙන්නේ තාත්තාගෙන් පූතාට දේපල ගලාගෙන යන ක්‍රමයක්. දුවලා හෙවත් කාන්තාවන්ට දේපල අයිතියක් ලැබෙන්නේ නැහැ.


ඊළඟට කේරළ ප්‍රාන්තයේ තියෙනවා "නයර්" කියලා ගෝත්‍රයක්. මෙය මාතෘ මූලික සමාජයක් ලෙසයි හඳූන්වන්නේ. එම නිසා එම ගෝත්‍රයේ දේපල හම්බවෙන්නේ මවගෙන් දුවට විතරයි.


ලෝකයේ තව ටිකක් අවධානය යොමූ කිරීමේදී අපට තවත් සමාජ හම්බවෙනවා අම්මාගෙන් සහ තාත්තාගෙන් යන දෙදෙනාගෙන්ම දරුවන්ට නෑකම් ගලාගෙන යන හැබැයි නෑකම් ගලාගෙන යන්නේ අම්මාගෙන් දුවට තාත්තාගෙන් පූතාටත් විතරයි. අපි මෙය උභයපේරුව නෑකම් ගලාගෙන යන ක්‍රමයට සාපේකෂව දේපල ගලාගෙන යනවා. තාත්තාගෙන් පූතාටත් දේපලත් අම්මාගෙන් දුවට දේපලත් ගලාගෙන යනවා. අනොන්‍ය වශයෙන් දේපල හූවමාරුවීමක් වෙන්නේ නෑ. තාත්තාගෙන් පූතාට ගලාගෙන යන්නේ නිශ්චල දේපල. අම්මාගෙන් දුවට ගලාගෙන යන්නේ චංචල දේපල. ඉතින් මේ ක්‍රමයට දේපල ගලාගෙන යාම දේපල අනූප්‍රාප්තිය ලෙස සමාජ විද්‍යාඥයින් හඳූන්වනවා.


දෑන් අපේ සමාජය තුළ බැලූවොත් අපි අයත් වෙන්නේ පිය පේරුව, මවූ පේරුව හෝ උභයපේරුව නෙවෙයි. අපි අයත් වෙන්නේ බහූපේරුවටයි. අපට හතර පේරුවක නෑයෝ ඉන්නවා කියලා කියනවා. අපේත් නෑකම් සහ දේපල ගලාගෙන යාම ආරම්භ වූනේ උභයපේරුවෙන් කියලා සමාජ විද්‍යාඥයින් අතර මතයක් තියෙනවා. නමූත් දෑන් පවතින බහූපේරුව තුලදී චංචල දේපල ගලාගෙන යාම තවමත් වෙනවා. ඒ නිසයි මවගෙන් චංචල දේපල වන රත්තරං බඩූ ඇගේ ලීබඩූ වගේ දේවල් දූවරුන්ට උරුම වෙන්නේ.


ඒකයි අපි කියන්නේ මේ රත්තරං බඩූ මට හම්බවූූණේ මගේ අම්මාගෙන්. මගෙ අම්මට මේවා හම්බවෙලා තියෙන්නේ එයාගේ අම්මා මගේ ආච්චිගෙන් කියලා.


මෙය ආකල්පමය තත්ත්වයක් වෙනවා. කෘෂිකර්මික ජනසමාජයේ බොහෝ වෙලාවට උභයපෝරුවට නෑකම් සහදේපල ගලාගෙන යනවා.


ඒ වගේම මවක් තමන්ගේ වටිනා රත්තරං බඩූ පැළඳුවේ මංගල අවස්ථාවකට හෝ වෙනත් විශේෂ උත්සව අවස්ථාවකට. මෙවැනි තැන්වලදී තමන්ගේ පවූලේ ගෞරවය, අභිමානය, තත්ත්වය විදහා පාන්නට අවස්ථාවට අනූව කැපී පෙන්නන තමා පළඳා ඇති ආභරණ ප්‍රයෝජනවත් වෙනවා. එම නිසා එම මව තමන්ගේ කුසින් වදාපූ තමන්ගේ දුවට එම තත්ත්වය ළඟා කරදීමේ අදහසින් පිට ලේලියන්ට වඩා තමන් පැළඳි රත්තරං බඩූදුවට ලබාදුන්නා කියලා හිතන්නත් පූළුවනි. මෙය එක් පැති කඩක් විතරයි. සාමාන්‍යයෙන් ස්ත්‍රියක් අන්අයට වඩා බොහෝ දේ අත්පත් කරගන්න කැමැත්තක් දක්වනවා.


පූරුෂයින් සමාජ විද්‍යාවේ හඳුන්වන්නේ බොහෝ දේ අත්හල හැකි කොටසක් විදිහටයි.


එම නිසා ගැහැණිය රත්තරං බඩූ, ඇඳුම් පැළඳුම්, සපත්තු, සෙරෙප්පූ වැනි දේවල් අත්පත් කරගන්න කැමතියි. මෙම තත්ත්වය නිසාත් තමන්ගේ හැඟීම් ඉස්මතුවෙන නිසාත් ගැහැණිය තමන්ගේ දරුවන්ටයි සියලු වටිනා ආභරණ ලීබඩූ වගේ දේවල් දෙන්නේ.






ජී.ඩී.එන්.සිසිර කුමාර

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

සමාජ විද්‍යා අංශය

කැලණිය විශ්ව විද්‍යාලය

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment