මෝහනය-සත්‍යයක් නොව නිකම් දෙඩවිල්ලක් පමණකි.

බණ භාවනා කරන සියලූ දෙනාම වාගේ සිත් 89 ක් තිබෙන බවත් චෛතසික 52 ක් තිබෙන බවත් පූන පූනා කියනූ අසා ඇත. මෙය කවූරුන් විසින් කවදා කොතැනකදී කියන ලද්දක් දෑයි විස්තරයක් දෑන ගැනීමට මේවා පවසන, බණ භාවනා කරන අයවත් නොදන්නා කරුණකි.

බූදුන්වහන්සේ "මනෝ පූූබ්බංගමා ධම්මා ඃ මනෝ සෙටිඨා මනෝමයා"


යන්නෙන් ධම්ම පදයේ සඳහන් කර ඇති මූල්ම ගාථාවවත් ඉතා සරලව තේරුම් ගැනීමට උත්සාහ නොගන්නා අයට මේ සිත් 89 ගැන සාකච්ඡා කිරීම අන් අයට ඉගැන්වීම මොන තරම් පැටලිලි සහිත දෑයි කුඩා ළමයෙකුට වූවද තේරුම් ගත හැක.


ඉහත සඳහන් ගාථාවට අනූව ඉතාමත්ම පැහැදිලිව ඉතාමත්ම සරලව සියල්ලට සිත ප්‍රධානයි යනූවෙන් බූදුන් වහන්සේ දේශනා කළත් එය තුටිටූවකටවත් ගණන් නොගන්නා අයට මේ සිත් 89 ක් බදා ගෙන මොනවා කරනවා දෑයි ඒ අයම නොදන්නා කරුණක් වී ඇත.


තමන්ට සිතක් ඇති බව ඒ ගැන සිතනා ඕනෑම අයෙකුට ප්‍රත්‍යක්ෂව වැටහෙන අතර එය උඩූ සිත හා යටි සිත යනූවෙන් සමහරු කෙටියෙන් බෙදුවද අපට ඇත්තේ එක සිතක් බව ඒ ගැන කල්පනා කරන ඕනෑම කෙනෙකුට සරලව වැටහෙනූ ඇත.


සිත දමනය කර ගැනීම නොහොත් සිතට ගලා එන පව් සිතුවිලිවලින් තොරව නිතර අවදියෙන් සිට එම සිත කුසල් සිත්වලින් පූරවාගන්නා ලෙස බූදුන් වහන්සේ දේශනා කර ඇතත් ඒ අපට දී ඇති එකම සිතවත් හරි හැටි හඳුනා නොගෙන තව සිත් 89 ක් ගැන කුමන කතාද?


මෝහනය


මෝහනය යනූ ඃ මෝහනය කරන කෙනාගේ හඬට මූලා වීමයි. ඒ අනූව නිද්‍රාවට පත්කිරීම සහ ඔහූගේ හඬට කීකරු වී ඔහූ කියන දේවල් කිරීම සහ ඔහූ විසින් අසන ප්‍රශ්නවලට පිළිතුරු දීම ද මෝහනය නමින් හැඳින් වේ.


මෙය වෛද්‍ය විද්‍යාවට අනූව සිදුකිරීමෙන් සූළු මානසික ආබාධයන්ට සහනයක් සැලසූවද එය ආත්ම ගණන් දුර අතීතය අසා ගැනීම සත්‍යයක් නොව නිකම් දෙඩවිල්ලක් පමණකි.


උදා ඃ සාමාන්‍ය ළමයෙකු මෝහනය කර ඔහූ ගිය ආත්මයේ ඉංගී්‍රසි ගුරුවරයෙකු වී සිටි බව පැවසීමට මතක ඇතත් ඔහූට එය ඉංගී්‍රසියෙන් ප්‍රකාශ කළ නොහැක. ඔහූට ගිය ආත්මය විස්තර කිරීමට හැකියාව ඇත්නම් ඔහූ ඉගැන්වූ භාෂාව මතක නැත්තේ ඇයි දෑයි මෝහනය කරවන අය විසින් ප්‍රශ්නයක් මතු නොකරන බව ඔබ දන්නවාද?


2. සමහර කුඩා ළමයින් මෝහනය නොකර ගිය ආත්මයේ අම්මා තාත්තා සහෝදර සහෝදරියන් ඇඳ සිටි ඇඳුම් හඳුනාගැනීමට කල්පනාව ඇතත් ඒ ආත්මයේදී උසස් පෙළ දක්වාත් ඉගෙන ගනිමින් සිිටියදී මිය ගිය බවත් පවසන අතර මේ ආත්මයේදී එම කුඩා ළමයාට ඉංග්‍රිසි අකුරු ටිකවත් මතක නැතිවීම මොනතරම් අරුමයක්ද?


ඉහත සඳහන් උදාහරණ ඕනතරම් ඉදිරිපත් කළ හැකි නමූත් කෙටියෙන් කිය යූතුව ඇත්තේ මෝහනය යනූ මූලාවක් බව නොවේද?


මෝහනය වීමට අකැමැති කිසිවෙකු මෝහනයට පත් කළ නොහැකි වන අතර මේවා සත්‍යයැයි විශ්වාස කරන අයට කිසි දිනෙක සෝවාන් ඵලයට පත්විය නොහැක.



වෛද්‍ය ඃ ලේල්වල ජී. ගොඩකන්ද

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

6 comments :

  1. ිාටියඑරා

    ReplyDelete
  2. මෝහනය පිලිබඳ සත්‍ය පහත පිටුවෙන් ලබා ගන්න.
    http://www.facebook.com/srilankanhypnosis

    ReplyDelete
    Replies
    1. මේ පිටුව හොයාගන්න බැරි වුණා

      Delete
  3. කරුණාකරලා බොරු පතුරවන්න එපා.මේ වීඩියෝ එකේ ඉන්නේ මම. ගිහිල්ල බලන්න. පස්සේ අපි කතා කරමු මෝහනය කියන්නේ මොකක්ද කියල.
    https://www.youtube.com/watch?v=XPjB2JTI-lc

    ReplyDelete
  4. ඇත්තටම කොහේවත් සිත් 89ක් තිබේ යැයි කියන්නේ නැත (එහෙත් චෛතසික නම් 52ක් තිබෙන බව සදහන්). ඔබ කියනා කාරණයේ සත්‍යතාවක් තිබේ. සිත ගැන බෞද්ධයන් තුළ ඇත්තේ ඉතා අල්ප දැනීමක් පමණි. එහෙත් මා මෙම කමෙන්ට් එක ලිවීමේ ප්‍රමුඛ අරමුණ බුදු දහම ගැන අදහස් පළ කිරීමට නොව මෝහනය ගැන යමක් කීමටයි. ඔබ මෝහනය ගැන කියා ඇති සියල්ලම වචනයක් පාසා වැරදිය. එය හරියට මොන්ටිසෝරි ළමයෙක් වෛද්‍ය විද්‍යාව ගැන කතා කරන්නාක් බදුය. ව්‍යාපාර කිරීමෙන් නිවන් යන්නේ නැත. ගුවන් යානා ඉංජිනේරු විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව ඉගෙනීමෙන්ද නිවන් යන්නේ නැත. එ් කිසිවක් නිවනට සම්බන්ධ නොවේ. එලෙසම මෝහනයද නිවනට සම්බන්ධ කාරණයක් නොවේ. එය බුදු දහම හෝ වෙනත් දහමකට බද්ධ කොට නිකරුණේ තමන්ගේ නොදැනීම නොපෙන්වා සිටී නම් එයද ප්‍රඥාාගෝචර බව පෙන්වා දෙන්නට කැමැතියි. අවශ්‍ය නම් මාගේ බ්ලොග් එකේ මෝහනය ගැන ලියා තිබෙන සරල පාඩම් මාලාව කියවා බලන්න. (tekcroach.blogspot.com)

    ReplyDelete
    Replies
    1. හාහාහා... මට දැනෙන්නේ මුල් ලිපිය දැන් සංස්කරණය කර ඇති බවක්...

      Delete