වෘශ්චික ලග්නය හිමි කාන්තාවගේ විශේෂ ලකෂණ

වෘශ්චික ලග්නය හිමි කාන්තාව සිත් ඇදගන්නා සූළු චමත්කාර බවකින් අනූනවීමට හිමිකම් ඇත්තියකි. එසේ නමූත් ඇගේ චමත්කාර බවට යටින් තම චරිතයට ආවේනික වූ බොහෝ චර්යාවන් පවත්නේය. එකී චර්යාවන් විවිධ අවස්ථාවන් තුළදී විවිධ හැඩතලයන්ට අනූව ක්‍රියාත්මක කෙරේ. මෙම චර්යාවන් ක්‍රියාත්මකවීම බොහෝවිට මෙම ලග්නය හිමි කාන්තාවගේ අභිමතය හා මනාපය මත සිදුකෙරේ. ඒ නිසා මෙම ලග්නය හිමි කාන්තාව සතුව, වෙනස්වන සූළු චරිත ලකෂණ රාශියක් සිය ජීවිත කාලය පූරා ක්‍රියාත්මක කිරීමට පෙළඹීම වැළැක්විය නොහැක. ඒ නිසා බාහිරව පෙනෙන ආකාරයෙන් පමණක් ඒකීය මිනූම් දණ්ඩකින් මැයගේ ස්වරූපය හා ක්‍රියාවන් තක්සේරු කිරීම අපහසූවේ. මේ තත්ත්වය මැයගේ ජීවන රටාව පූරාම අරක්ගෙන පවතී.
 


වෘශ්චික ලග්නය හිමි කාන්තාව සතුව අනූන්ගේ සිත් ඇදගන්නා ආකර්ශන බවක් පවතී. හොඳින් වැඩූණූ ශරීරයකට හිමිකම් කියන මැය සතුව ඇයටම ආවේනික වූ අභිරහස් පැවතිය හැක. අනූන් ග්‍රහණය කර ගැනීමට සමත් වන්නා වූ බැල්මකට හිමිකම් ද ඇය තුළ පවත්නේය. අනූන්ගේ සිත් කෙටි කලකින් දිනා ගැනීමේ අපූර්ව වූ සැලසූම් සහගත ක්‍රියාකාරී බවක් ඇයට හිමිවේ. සමහර විට කලාතුරකින් හෝ මෙම ලග්නය හිමි කාන්තාව සීමාව ඉක්මවූ ලිංගික සබඳතාවන් හේතු කොටගෙන බලවත් සේ කරදරයට පත්විය හැකිය. යම් හෙයකින් එවැන්නකට යටත් වූ කාන්තාවක් වේ නම් එය ඇගේ මූළු ජීවිත කාලයම විනාශය කරා ඇදගෙන යෑමට තරම් ප්‍රබල විය හැක.


යම්කිසි ආපදා අවස්ථාවකදී හෝ ප්‍රශ්නකාරී අවස්ථාවකදී හෝ මෙම කාන්තාව තමන් රුචි අයගෙන් සෘජූ ආධාර උපකාර බලාපොරොත්තු වන්නීය. විවිධ වූ සමාජ මටිටම් කීපයකට යටත්ව ජීවත්වීමට වෙරගන්නා මැය ඒ කිසිවකින් පූර්ණ තෘප්තියකට පත්නොවේ. මැගේ හැසිරීම් රටාවන් සියල්ල බාහිරට නොපෙනේ. බොහෝවිට ඇතැම් ඒවා සඟවා තබාගනී.


මෙම ලග්නය හිමි කාන්තාව යම් කටයූත්තකට ප්‍රවිශ්ට වනූයේ අතිශයින් සරලව සෙමිනි. නමූත් ඉන් අනතුරුව ඇගේ ක්‍රියාකාරීත්වය අධිවේගී වනවා ඇත. සිතැඟි ඉටූකර ගැනීමේ ප්‍රවිශ්ටයේදී මැය තමන් සතු සියලුම ශක්තීන් උපරිමයෙන් භාවිත කිරිමට පෙළඹේ. බොහෝවිට ඇතැම් ඒවා අභිරහස් අන්දමින් ක්‍රියාත්මක කිරීමට වග බලාගනී. මේ ආකාරයෙන් බැලීමේදී මෙම ලග්නය හිමි කාන්තාව ඇතැම් කටයූතුවලදී තමන් ගැන පමණක් විශ්වාසය තබා කටයූතු කරයි. ඇයට වඩා හොඳ විශ්වාසවන්තයා තමා බැව් සලකා කටයූතු කරයි. ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයන් වෙත, තමන් විසින් ඉටූකරනූ ලබන කාර්යයන්ට වඩා යමක් බලාපොරොත්තු වනවාට මෙම කාන්තාව කැමති නැත. ඇගේ මනාපය අභිබවා යන අන්දමින් කවර හෝ ප්‍රදානයක් කිරීමට මැය සූදානම් නැත. ඇතැම් අවස්ථාවලදී මැය අතිශය ලෝභී ස්වරූපයකින් හැසිරේ. අනවශ්‍ය දේ සඳහා හෝ නිකරුනේ හෝ මූදල් නාස්තිවීමක් ඇය අතින් සිදුවූවහොත් ඒ සිදුවන්නේ ඉතා කලාතුරකිනි.


මෙම ලග්නය හිමි කාන්තාව හා කිටිටූ ඇසූරක් පවත්වන්නේ නම් ඇය පිළිබඳව පූර්ව අධ්‍යනයකයේදී කටයූතු කිරීම අතිශයින් වැදගත් වේ. මන්ද, ඇය සතු අක්‍රමවත් ජීවන චාර්යා රටාවන් නිසාය. පූරුෂ පකෂයෙන් මෙම ලග්නය හිමි කාන්තාව විවිධත්වයක් අපේක්ෂා කරයි. කවරකුගේ හෝ බලපෑමකට මැයගේ සිතැඟි වෙන් නොකරන මානසිකත්වයක් මැය සතුව පවතී. තමන්ගේ ජීවන සැලසූම් පෞද්ගලිකවම තමන් විසින්ම සකසා ගැනීමේ ප්‍රයත්නයක ඇය නිරතුරු යෙදී සිටින්නීය.


මෙම ලග්නය හිමි කාන්තාව තේරුම් ගැනීමට ප්‍රථම ඇගේ අවශ්‍යතාවන් හරි හැටි හඳුනා ගැනීම ඉතාම වැදගත්වේ. මැය නිතරම ගැටූම්කාරී තත්ත්වයන් බලාපොරොත්තු වන්නියකි. අවශ්‍ය වූ විටකදී කවර හෝ පරිත්‍යාගයක් කිරීමට වූව ද මැය සූදානම්ය.


මෙම ලග්නය හිමි කාන්තාව සිය ජීවන ගමනේ ප්‍රබල චරිතයක් ලෙස රඟදැක්වූවද එය අභිමතයන් පරිදි ක්‍රියාකරන තවත් එක් අහිංසක චරිතයක් හැටියටද හැඳින්විය හැකිය. කෙසේ වූවද, මැය සංකීර්ණත්වය දායාද කොටගෙන උපන්නියකි. සංකීර්ණත්වය මත නැසෙන්නියකි.




විජයසිරි විද්‍යාරත්න

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

1 comments :

  1. good...anil lagna ganath danawanam thawath hodi...pirime ayge lagna ganath dannaa..all the best.!

    ReplyDelete