දොර අගුළු දෑමූවාදෑයි නැවත නැවතත් බැලීම රෝගී තත්ත්වයක්

 

ඇතැම් පූද්ගලයන් තමන් ජීවත් වෙන නිවසේ දොර ජනෙල් නිවැරදිව පිළිවෙලට වසා තැබූවත් එය නැවත නැවත හරියට අගුළු දෑයි පරීක්ෂා කර බලන්න පෙළඹෙනවා. නිවසින් බැහැරව යන අවස්ථාවක නම් කිහිප සැරයක්ම නැවත නැවතත් ගේ දොර වහල ද කියලා බලනවා. එම අවස්ථාව රාජකාරි කටයූතු කරන කන්තෝරු කාමරය, ඔවූන් ප්‍රයෝජනයට ගන්නා මේසයේ ලාච්චූ, කබඩ්වලට පවා පොදු වෙන්න පූළුවන්. ඇත්තටම මෙය අසාමාන්‍ය තත්ත්වයක් ලෙස හඳුන්වන්න පූළුවන්. මෙය මනෝ වෛද්‍ය විද්‍යාවේ ග්‍රස්ථිය අනිවාර්යතා අක්‍රමතා ලෙස හඳුන්වනවා. මෙම තත්ත්වය සරලව හැඳින්වූවොත් යමක් නැවත නැවත කිරීමේ උවමනාව කියන්න පූළුවන්.
මෙය සිතුවිල්ලක් විදිහට එන්න පූළුවන්. එකම සිතුවිල්ල නැවත නැවත ඇතිවීමක් මෙතනදී සිද්ධ වෙනවා.


මෙවැනි අවස්ථාවකට උදාහරණයක් තමයි කෙනෙක් නිදා ගන්න යෑමේදී ඔහූට හිතෙන්න පූළුවනි ඇඳ යට කෙනෙක් ඉන්නවා කියලා. එම සිතුවිල්ල නැවත නැවත මතුවෙන් පූළුවන්. එක වතාවක් පරීක්ෂා කරලා ඇඳ යට කවූරුත් නැති බව තහවූරු කරගෙන සිටියදීත් නැවත නැවත ආයෙත් කවූරු හරි ඉන්නවා කියලා හිතෙන්න පූළුවන්.

තවත් කෙනෙකුට තමන්ගේ ශරීරයේ යම් කොටසක විෂබීජයක් තැවරී තිබේ යන සිතුවිල්ල එන්න පූළුවන්. මෙයත් නැවත නැවතත් ඇතිවෙන්න පූළුවන් සිතුවිල්ලක්.


දෙවෙනි අවස්ථාව තමයි මනෝ දර්ශනයක් ලෙස මෙය එන්න පූළුවනි. මෙය මනසේ ඇතිවෙලා පෙනෙන්නට ගන්න අවස්ථාවක් වෙනවා.

එක් දවසක් මාව හමූවෙන්න ආපූ එක් රථ වාහන අංශයේ පොලිස් නිලධාරි මහත්මයෙකුට තිබූණා. ඔහූ පාරේ රාජකාරි කටයූතුවල නිරතවෙලා ඉන්න අවස්ථාවල ඔහූගේ එකම පූතා රිය අනතුරකට මූහූණ දීලා තුවාල වෙලා ඉන්නවා දෑක්කා. මෙය ඔහූ පාරේ රාජකාරි කටයූතු කරන සෑම අවස්ථාවකදීම වගේ දෑක්කා. ඔහූගේ එතෙක් ජීවිතයේ තමන්ගේ පූතා කවදාවත් රිය අනතුරකට පත් වෙලා තිබූණෙත් නැතිවයි මේ දර්ශනය මනසේ ඇතිවෙලා තිබූණේ. මෙය මනෝ දර්ශනය මගින් ඇති කරන ග්‍රස්ථිය තත්ත්වයක්.


තෙවෙනි අවස්ථාව තමයි කෙනෙකුට සිතුවිලි ගොන්නක් හැටියට මෙම තත්ත්වය ඇති වෙන්න පූළුවන්. එතනදී වෙන්නේ සිත දෙකට බෙදිලා ඇතුලේ විවාදයක් ඇතිවෙලා පක්ෂ සහ විපක්ෂ ලෙස යම් මාතෘකාවකට විවාදයක් ඇතිවෙනවා.

එක් රෝගියෙකුට මම බෙහෙත් කළා ඔහූට තිබූණ ප්‍රශ්නය තමයි මිනිසාගෙන් සතුන්ට වෙන කෘරකම්. මෙය ඔහූට කිසිම අදාළ කමක් නැති මාතෘකාවක්. නමූත් ඔහූ මේ ගැන පැය ගණන් හිතන්න ගත්තා. පැය ගණන් තර්ක කරන්න ගත්තා. එයාගේ සිතින්ම දෙපැත්තට බෙදිලා සතුන්ට වෙන කෘරකම් සාධාරණයි කියලා හිතනවා. අනෙක් කොටස සතුන්ට වෙන කෘරකම් නරකයි කියලා හිතන්න ගන්නවා. මේ නිසා සිත ඇතුළේ ලොකු යූද්ධයක් ඇතිවෙලා තියෙනවා. එයින් බැහැර වෙන්නේ නැතිව නිතර නිතර එය හිතනවා.


තවත් එන්න පූළුවන් අවිනිශ්චිත ගතිය. අවිනිශ්චිත ගතිය නිසාම කෙනෙක් යමක් කළාම එය හරියට කරලා නැතිව ඇති, එය හරියට වෙන්නේ නැතිව ඇති කියලා හිතන්න සහ හිතෙන්න පූළුවන්. ගාණක් එකතු කළාම එය හරියට කරන්න නැතිව ඇති කියන සිතුවිල්ල මෙයින් ඇති වෙන්න පූළුවන්.


හතරවෙනි අවස්ථාව තමයි පෙළඹවීම. යම් ක්‍රියාවක් කරන්න වගේ යනවා නමූත් එය නොකර කළා කියලා හිතනවා.

මගෙන් ප්‍රතිකාර ගන්න ආපූ එක් රෝගියෙකුට තිබූණ පල්ලියට ගිහිල්ලා පූජාව තියෙන අවස්ථාවේදී නැගිටලා හයියෙන් අසභ්‍ය වචන කියන්න හිතෙන පෙළඹවීමක්. නමූත් කවදාවත් ඔහූ එහෙම කියලා නැහැ පල්ලියට යන සෑම අවස්ථාවකම එහෙම හිතෙනවා. ඒ නිසා අවසානයේ ඔහූ පල්ලි යාමෙන් වැලකී සිටියා.


තවත් පූද්ගලයෙක් කුඩා දරුවෙක් වඩා ගත්ත විට ඔහූට පෙළඹවීමක් වෙනවලු. දරුවගේ කකුල් දෙකෙන් අල්ලලා පොළවේ ගහන්න. මේ පෙළඹවීම නිසා ඔහූ දරුවන් වඩා ගැනීමෙන් වැලකී ඉන්න ගත්තා.

අවසන් වශයෙන් මෙය බයක් විදිහටත් එන්න පූළුවන්. එයත් බය සිතුවිලි ලෙස නැවත නැවතත් ඇති වෙනවා.


මේ සියලූ කාරණාවලට පොදු දේ තමයි මේවා නැවත නැවත ඇතිවීම සහ ඇතිවන තේමාව අප්‍රසන්න වීමෙන් පූද්ගලයා අපහසූතාවයට පත්වීම. මේ සිතුවිලි සියල්ල තමන්ගේ සිතේ ඇති වූවත් තමන්ට පාලනයක් නොමැති බවක් තියෙනවා. මෙම තත්ත්වය තමයි අපි ග්‍රස්ථිය ලෙස හඳුන්වන්නේ. මෙම ග්‍රස්ථි තත්ත්වය නිසා එම තත්ත්වයට අදාළව හැසිරීමත් එනවා. ඒ අනූව අදාළ සිද්ධියට අනූව ඔවූන් හැසිරෙන්න පටන් ගන්නවා.


අපි හිතමූ අපේ ශරීරයේ යම් කොටසක විෂබීජයක් තැවරී තිබේ යන සිතුවිල්ල ආවා කියලා එයට අනූව අපේ හැසිරීම අත හෝ ශරීරයේ විෂබීජ ඇතැයි හිතන කොටස සේදීම වෙනවා. මොකද සේදීමෙන් හිතනවා විෂබීීජ ඉවත් වෙනවා කියලා. මෙය නැවත නැවත හිතෙන්නට පූළුවනි. එවිට නැවත නැවත සෝදන්න පූළුවනි. නමූත් පිටතින් ඉදලා බලනා කෙනෙකුට හිතන්න පූළුවනි තේරුමක් නැතිව සෝදනවා කියලා. නමූත් මෙය රෝගී තත්ත්වයක්. අපි මූලින් කතා කළ දොර ජනෙල් වහලා නැහැ කියලා සිතුවිල්ලත් මේ වගේමයි. ඒ සිතුවිල්ල මත පදනම් වෙලා අපි නැවත නැවතත් දොර වහලද කියලා බලන්න පූරුදු වෙනවා. මේ තත්ත්ව ඇති වෙන්නේ තමන්ගේ ගෙදරදී පමණක් වෙන්න පූළුවනි. සමහර විට වෙන ගෙදරක ගිය විට මේ තත්තවය ඇතිනොවන්න පූළුවන්. මෙයට හේතුව ඔවූන්ට එම පරිසර තුළ ලැබෙන නිදහස හේතු වෙන්න පූළුවන්.


මෙවැනි මානසික රෝගීන් නිතරම එම සිතුවිල්ල මත පදනම් වෙලා ක්‍රියා කරනවා විනා වෙන වැඩක් කරන්න වෙලාවක් නැහැ. සමහර අය පැය ගණන් සෝදනවා. තවත් කොටසක් පැය ගණන් පරීක්ෂා කරනවා. ඇතැම් අය ගණන් හදනවා.


ග්‍රස්ථිය කියන්නේ රෝගීන්ට පීඩාකාරි තත්ත්වයක්. එම නිසා එවැනි තත්ත්වය දුටූවිට හඳුනාගෙන මානසික රෝග පිළිබඳ වෛද්‍යවරයෙක් වෙත යොමූ කිරීම වැදගත් වෙනවා. මෑතක ඉදලා පාසල් ළමූන් මෙම තත්ත්වයට ප්‍රතිකාර ගන්න වැඩිපූර පෙළඹෙන තත්ත්වයක් දකින්නට තියෙනවා. විශේෂයෙන්ම පාඩම් කටයූතුවලට මෙය ඉතාමත් පීඩාකාරි තත්ත්වයක් නිසා දෙමාපියන් සහ ළමූන් මේ රෝගයට ප්‍රතිකාර ගන්න මනෝ වෛද්‍ය සායනවලටත්, මනෝ වෛද්‍ය ප්‍රතිකාරවලටත් යොමූවීම වැදගත්. මොළයේ රසායනික අසමතුලිතතාවක් නිසා ඇතිවන මෙම තත්ත්වයට ප්‍රතිකාර කිරීමෙන් නිටිටාවට සූව කළ හැකියි.


නීල් ප්‍රනාන්දු
මනෝ වෛද්‍ය විශේෂඥ

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

2 comments :

  1. doctor මට ocd තියේනවා ගොඩක් පොඩිකාලේ ඉදමි එත් මම ගොඩක් doctors ලාගේන් treatment ගත්තා එත් කිසිම අඩුවක් උනේ නැ මෙවෙනකොට ocd උපරිම මටිටමට ඇවිල්ලා දැන් තියේන problme එක මට ලොකු බයක් තියේනවා අඩුම ගානේ මට ඇදුමක්වත් අදින්න බැ

    ReplyDelete