ඔබ සතු කුසලතා හඳුනාගන්න සිත්ගන්නා සූළු බිරිඳක් වන්නේ කොහොමද?

ලෝකය ඔබ ගැන නගන්නේ ඔබ කියන දෙයින් නොව ඔබ කරන දෙයින් යැයි කියමනක් ඇත.
 

තමාට කළ හැක්කේ කුමක්දෑයි නිශ්චිතව හඳුනාගත හැකි පූද්ගලයා අතිශය සාර්ථක අයෙකි. මන්දයත් එවිට තමා යායූතු මාවත පිළිබඳව පැහැදිලිව තීරණය කළ හැකි බැවිනි. සූපිරි පෞරුෂයක් ඇති තැනැත්තා නිවැරදි නිශ්චිත අරමූණක් සහිතව ජීවිතය ගෙවන්නෙකි.


ඔබ තවමත් "මා කුමක කරම්දොය" සිතමින් පාවෙමින් සිටින්නෙකු නම් මදක් නැවතී ඔබ සතු කුසලතා මොනවාදෑයි සොයාගැනීමට වෙහෙසෙන්න. ඇතැම්විට ඔබට මනා ගායන හැකියාවක් තිබිය හැකියි. නැතහොත් චිත්‍ර ඇදීමට හෝ එවැනි කලාත්මක හැකියාවක් තිබිය හැකියි. සමහරවිට ඔබ සතුවන්නේ චතුර කථිකත්වයක් විය හැකියි. මේ කිසිත් නොමැතිව මිනිසූන් සමඟ කටයූතු කිරීමේ සූවිශේෂ හැකියාවක් ඔබ සතුවනවා විය හැකියි. කුමක් හෝ වේවා එය සොයාගන්න. එය එතරම්ම වැදගත්ය. සයූරේ යත්‍රා කරන රුවල් නෞකාවකට සූළඟ තරම් එය ඔබට වැදගත්ය. එයින් ඔබගේ පෞරුෂය වැඩෙයි. සාර්ථකත්වය ඔබ පසූපස හඹා එයි.


ලෝකයේ සූපිරි පෞරුෂයක් සතුවූ ශ්‍රේෂ්ඨ පූද්ගල චරිත අධ්‍යයනය කරන්න. ඔවූහූ හූදු පූද්ගලයින් පමණක් නොවූහ. යම් ක්ෂේත්‍රයක ඔවූන් ශ්‍රේෂ්ඨත්වයට පැමිණි අය වූහ.


ආසියාවේ රිදී සිනූව ලෙස හඳුන්වන භාරතයේ ලතා මංගේෂ්කාර් නම් අපූරු කාන්තාව තම පෞරුෂය කෝටි සංඛ්‍යාත පූද්ගලයින් අතරට ගෙන ගියේ ඇය සතුවූ මධූර ගායන හැකියාව මගිනි.


නායකත්වය දැරිමට සූවිශේෂ හැකියාව නිසා ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිතුමා සූපිරි මිනිසෙකු ලෙස අදත් ගෞරවයට පාත්‍රවෙයි.


තෙරේසා මව්තුමිය නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබූවේ ගිලානෝපස්ථානයට ඈ තුළ තිබූ ප්‍රබල හැකියාව නිසාය.


සිත්ගන්නා පෞරුෂයක් යනූ අන් මිනිසූන්ගේ ආදරයට ගෞරවයට පාත්‍රවන පෞරුෂයකි. මිනිසූන් "නිකම්ම නිකම්" පූද්ගලයෙකු පිළිබඳව සැලකිලිමත් නොවේ. පළමූව ඔවූන් ආදරය කරන්නේ පූද්ගලයෙකු විසින් කරනූ ලබන දෙයටය. නොහොත් ඔහූගේ කුසලතාවයටය. පූද්ගලයාට ආදරය කිරීමට යොමූවන්නේ දෙවනූවය. සිත්ගන්නා සූළු පෞරුෂයක් ගොඩනගා ගන්නා අදහසින් මේ පොත කියවන ඔබ ඔබගේ කුසලතා සොයාගත යූතුයි. ඒවා දියූණූ කරගත යූතුය. එවිට ඔබට එකී දකෂතා දක්වන ක්ෂේත්‍රයේ විශිෂ්ටයෙකු විය හැකියි. ඔබ ගෘහණියක නම් මැනවින් ආහාර පිසීමට හැකිනම් ඔබට ඔබේ පවූලේ සාමාජිකයින්ගේ සිතාගන්නා මවක් හෝ බිරිඳක් විය හැකියි. ඔබ සතු දකෂතාව පිළිබඳ ලඝූ කොට නොසිතන්න. කුඩා කුසලතාවකින් විශාල දේ නිර්මාණය කළ හැකියි.


ඔබේ පෞරුෂය සමග ඔබ සතු කුසලතාවල ප්‍රබල බැදීමක් ඇති බව වටහා ගත යූතුමයි.




පෞරුෂ කුසලතා සංවර්ධන සහ ව්‍යාපාර ප්‍රවර්ධන උපදේශිකා
සූපිරි මනස අධ්‍යකෂිකා
සමන්ති දේශප්‍රිය

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment