බල්ලන් උඩූබූරලෑමත්, හූනා චික් චික් ගෑමත් කෑරලාගේ හඬත් මිනිසාට අසූබද?

ලොව උතුම්ම මෙන්ම බූද්ධිමත් සත්ත්වයා ලෙස මිනිසා සැළකේ. නමූත් ඇතැම් කාරණා ගැන සලකා බැලීමේදී මිනිසා ඇතැම් සතුන්ට දෙවෙනි වේදෝයි සැකයක් පවා හටගනී.
 

පසූගිය කාලයේ ලංකාව ඇතුළු බොහෝ ආසියාතික රටවලට මහා විපතක් සිදුකරමින් ගලා ගිය සූනාමි රළ පහර වඩාත් කලින් අනාවරණය කරගෙන ඇත්තේ සතුන්ය. ඒ ඔවූන් තුළ පවතින ශ්‍රවණ සංඛ්‍යාත පරාසය ඉහළ අගයක් නිසාය. පරිසරය තුළ වෙන ඕනෑම වෙනසක් ඔවූන් පහසූවෙන් හඳුනාගත් නිසාය. මූහූදේ ප්‍රචණ්ඩ බව හඳුනාගත් මූහූදු සත්ත්වයන් මෙන්ම පරිසරයට හිතකර සියලු ජීවීන්, යාල, කුමන, විල්පත්තුව යන අභය භූමි ජීවීන් පවා එම පරිසරවලින් මිදී පිටතට ගොස් ඔවූන්ගේ ජීවිත බේරා ගත් බව වාර්තා විය. මේ නිසා පරිසරයේ ඇතිවන යම් යම් දෙයට ප්‍රතිචාර දැන්වීමේ ප්‍රබල පූරුද්ද සතුන් සතුව ඇති බව නොරහසකි.


අපේ පැරණි සමාජයේ සිට පැවැත එන ඇතැම් මත අපට දෙවරක් සිතිය යූතු වන්නේ මේ නිසාය. මෙහි පූර්ණ සත්‍යතාවයක් නැතත් වැරදි යැයි සම්පූර්ණයෙන්ම අපට ප්‍රතික්ෂේප කළ නොහැකිය.


එදා පැරැන්නන් හූනෙකු චික් චික් ගාමින් හඬන විට, කෑරලා හඬන විට, නයෙකු නූහූරු පරිසරයක සිට කෑගසනවිට, බල්ලන් උඩූබූරලන විට අසූබ දෙයක් කියවෙන්නේ යැයි පැවසූහ. ඇතැම් විට මෙම සතුන් ඔවූන් ජීවත්වන පරිසරයේ යම් යම් වෙනසක් වටහා ගත්විට එයට ප්‍රතිචාර දැක්වීම සඳහා ඔවූන්ගේ හඬ උපයෝගී කරගත්තා විය හැකියි. එමනිසා ඔවූන් ලබාදෙන ඇතැම් සංඥා විධි සිවිල් සමාජය විසින් නරකයි කියා පිළිගන්නටත් ඇති.


මෙවැනි සිද්ධියක් අප ජීවත්වන අවට පරිසරය තුළ සිදුවූ විට එය අපේ සිතුවිලවලට බලපායි. එවැනි දෙයක් ගැඹූරින් කල්පනා කරමින් අපට අද අසූබ දෙයක් අහන්න ලැබේ. දකින්නට ලැබේ කියා නැවත නැවත සිතන්නට පෙළඹේ. එමනිසා සිතුවිල්ල මත පදනම්වී එවැනි දේවල් අපට ඇස් හැර අහන්නට, දකින්නට ලැබීම සාමාන්‍ය වේ. එමනිසා බල්ලන් උඩූබූරන විට, හූනා චික් චික් ගාන විට, කෑරලා හඬන විට ඔවූන් තුළ පවතින උසස් ශ්‍රවණ කාල පරාසය අනූවත් අනතුරක සේයාවක් ලෙස සැළකීම වරදක් ලෙස පිළිගත නොහැකියි. නමූත් මේ මතවල එල්බගෙන සිට තමන්ගේ දෛනික වැඩ කටයූතු අඩපණ කරගන්නේ නම් හෝ ඒවා මඟ හැරීමට උත්සහ ගන්නේ නම් එය ඉතාමත් අණූූවන ක්‍රියාවකි. වෙනස්වන සමාජ ක්‍රමය අනූව ඇතැම් මත නොසළකා හැරීමත්, බැහැර කිරීමත් සැමවිමට අනූමත කළ හැකියි.


විජයසිරි විද්‍යාරත්න,

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment