ලස්සන වෙන්න නම් තේ කොළ මණ්ඩි විසි කරන්න එපා

පේ්‍රමවන්තයකු, පෙම්වතියක හා පේ්‍රමයෙන් බැඳෙද්දි ඉස්සෙල්ලාම බලන්නේ කොතනද කියා ඔබට කියන්න පූළුවන්ද? ඔබ මොනවා උත්තරය හැටියට හිතුවත් කිව්වත් නිවැරදි උත්තරය දැස්ය. ඉතින් යූවතියකට තමන්ගේ දැස් තරම් වැදගත් දෙයක් තව තියෙනවාද? මේ දැස් අලංකාර කරගන්න විවිධ ක්‍රම රාශියක් තිබේ. ඒවා මූදල් වැය වෙන සහ වැය නොවෙන වශයෙන් වර්ග කරන්නට පූළුවන්. ඒ වගේම ඇසට හානියක් නොවන යම් පමණක හානියක් වන වශයෙන්ද වර්ග කරන්නට පූළුවන්.

 

අද මම නවලිය කියවන මගේ දයාබර පාඨකයින්ට කියාදෙන්න හදන්නේ ඇසටත් හානියක් නැතිව මූදලුත් වැය නොකර ඇස ලස්සන කරගන්නා ක්‍රමයක් ගැනය.


අද සමාජයේ ජීවත් වෙන අයට ඇසට විවේකයක් දෙන්නට වෙලාවක් ලැබෙන්නේ නිදාගන්නා පැය කිහිපය තුළ පමණක්මය. ඔවූන්ට ඒවායින් ඒ තරමට වැඩය. පොත පත කියවන්නට රූපවාහිනිය නරඹන්නට පරිගණකයේ වැඩ කරන විට ගෙදර දොරේ අනෙකුත් වැඩ කටයූතු කරන්නට ගියද වැඩිපූරම වෙහෙසට පත්වන්නේ පණ වගේ රැක ගත යූතු ඇස් දෙකය. රූපවාහිනිය නැරඹීම, පොත්පත් කියවීම පරිගණක ක්‍රියා කරන විට හෝ දැස වෙහෙසා වෙනත් සියූම් වැඩක් කරන එක පමණක් ඇස් වඩාත් වෙහෙසට පත් කරවන හේතුන් ලෙස ඔබට පෙනෙන්නට පූළුවන. නමූත් වාහනයක දිගු ගමන් වාරයකදී වූවද අපේ දැස් වෙහෙසට පත් වන්නට පූළුවන්. ඒ වගේම නිදි මැරීමත් ඇස් වෙහෙසට පත් කරවයි.


ඇස් වෙහෙසට පත් වෙන්නට පත්වෙන්නට ඒවායේ පෙනීමට බලපෑම් ඇතිවෙන්නට පූළුවන්. ඒ වගේම ඇස් යට කළු වෙන්නට ඉඩ තිබේ. වයසට යාමත් එක්කත් ඇස් යට කළු වෙන්නට ඉඩ තිබේ. මේ කොයි අවස්ථාවකදී ඇස් යට කළු වීම අවම කරගන්නට මා කියන්නට යන මේ ක්‍රමය ඉතාම ප්‍රයෝජනවත් වෙනවාට සැකයක් නැත.


යෞවන අවධියේ සිටම ඔබ විසින් ඇස් යට කළුවීම ගැන සැලකිලිමත්ව සිට මේ සත්කාරය කළොත් ඔබේ ඇස් යට ආරක්ෂා කර ගැනීමට පූළුවන.


පේ්‍රමවන්තයා ඔබේ ඇස් දෙක දිහා බලා පටන් ගන්නා පේ්‍රමය, ඇස් යටත් බලන දවස ඒවි. එදාට ඒවා පැහැපත්ව තිබෙනවා නම් කොච්චර සූන්දරද?


ඔබේ ගෙදර ඉතිරිවන තේ මණ්ඩි ස්වල්පයක් එකතු කර පිරිසිදු රෙදි කැබැල්ලක ඔතා ශිතකරණයක ටික වෙලාවක් තබන්න. ඉන්පසූ ඒ තේ මණ්ඩි සහිත රෙදි පොටිටනිය දැස් වසා ඒ මත විනාඩි පහක් දහයක් අතර කාලයක් තබාගෙන ඉන්න.


මෙයින් ඔබේ දැස් යට පැහැපත් වෙනවා වගේම ඇසට ඇතිවන විඩාවද මඟ හැරේ. සතියකට වතාවක් දෙකක් මේ සත්කාරය කිරීම හොඳය.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment