කුවේණි මිනී කන යකින්නියක්ද?


විජය කුවේණි පෙම් පූවත ගැන නොඅසාපූ සිංහලයෙක් නැත්තේ නැති තරම්ය. තමන්ගේ ජාතියේ ආරම්භය කියවන්නෙ මේ පෙම් පූවත හරහාය.

විජයට පෙම් බැඳි කුවේණි ගැන ජනප්‍රවාදයේ වගේම, අපේ මහා වංශය වැනි ඉතිහාස පොත්වල අපූරු කතා කියවෙයි.


කතුන් ගැන කතා තීරයෙන් අද අපි කුවේණිය ගැන කියවමූ.

අපේ ජනප්‍රවාද කතා අනූව කුවේණි එහෙම නැත්නම් කුවණ්ණ බිම්බා රජ්ජූරුවන්ගේ දියණියයි. කුවණ්ණා පාලි වචනයක් සේ සැලකිය හැකිය. එය සිංහලයට බිඳෙන විට කුවේණි වී ඇත. ඇය ගැන කියවෙන, ලියවෙන බොහෝ කතාවලට අනූව ඇය සාධූ චරිතයක් ලෙස හඳුන්වා නැත. ඇතැම් තැනෙක කුවේණි මිනීකන යකින්නියක ලෙස හඳුන්වා තිබේ.. කුවණ්ණා යන නමේ අර්ථයද කලු ගැහැනිය, නපූරු ගැහැනිය යන්නය.


මහා වංශයෙහි ඇය ගැන සඳහන් වෙන්නේ මෙසේය.


"පිරිවර යකින්නක් බැල්ලකගේ වේශයෙන් තමා දැක්වීය. විජය පිරිවරින් එකෙන් විජය විසින් නවත්වන ලදුයේත්, ගම් ඇති කළ බල්ලො ඇති වන්නාහ"යි ඇය පසූ පස්සෙහි ගියේය. ඇගේ ස්වාමි දූ වූ කුවේණි නම් යකිනි තොමෝ කපූ කටනා තවූසියක වෙසින් එහි රුක් මූලෙක හූන්නාය."


මහා වංශය, කුවේණිය යකින්නියක කරන්නට උත්සාහ කළ ද ඇතැම් ඉතිහාසඥයන් කියන්නේ කුවේණි යකෂ ගෝත්‍ර නාමයෙන් හැඳින්වූ මනූෂ්‍ය දියණියක් ලෙසය.


රාවණ රජූන්ගේ මව ඇසූර ගෝත්‍රයට අයත්ය. ඒ නිසා රාවණ යකෂ ගෝත්‍රිකයෙකි. ජනප්‍රවාදයට අනූව කුවේණිය අයත් වන්නේ ද මේ ගෝත්‍රයටය. විජය රජූ ලංකාවට පැමිණෙන විට මෙහි පාලනය කළේ රාවණ රජූගේ පරම්පරාවෙන් පැවත ආ සහෝදරයන් තිදෙනෙකි. මේ සහෝදරයන්ගෙන් එක් අයෙකු වන බම්බා කුවේණිගේ තාත්තායි.


විජයගේ සත් සියයක් පිරිවර කුවේණිය විසින් සිරකර බව කියවෙයි. සැබැවින්ම කුවේණිය අසාමාන්‍ය කාය ශක්තියෙන් යූතු කාන්තාවක් බව සිතීම නම් වරදක් නොවේ.


පිරිස සොයා ආ විජය සහ කුවේණිය අතර සම්බන්ධයක් ගොඩනැඟුණූ හැටි මහා වංශයේ තැනක මෙසේ සඳහන් වෙයි.


"විජය කුමරහූ විසින් දෙන ලද අග්‍රභාගය කා පිනා ගියා වූ යකිනි තොමෝ සොළොස් හැවිරිදි සිත් ගන්නා රුවක් මවාගෙන සව්බරින් සැරහූණි. රජ කුමරු වෙත එළැඹියාය. රුක් මූලෙක තිරයෙන් මොනවට හාත්පස අවූරණ ලද්දාවූ වියනින් මනාව අලංකෘත යහනක් ද මැවීය. රජ කුමර ඒ දැක අනාගත අභිවෘද්ධිය බලන්නේ අද සමග වාසය කොට යහනෙහි සැප සේ හොත්තේය. පිරිවර සියලු මිනිස්සූ තිරය සිසාරා හොත්තෝය.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment