හොඳින් ඉදුණූ කොමඩූ වඩාත් ගුණයි

කොමඩූ නම ඇසූ පමනින්ම ඔබගේ ගතත් සිත් සිසිල් වනවාට සැක නැහැ. එයට හේතුව කොමඩූ සිසිල් ගුණය හිමි මිහිරි පලතුරක් නිසා.
 

සීත කාලවලදී එතරම් ප්‍රිය නොවූණද ගිම්හාන කාලය ළංවන විට අපට නැතිවම බැරිපලතුරකි.


ඇතැමූන් කොමඩූ ආහාරයට ගැනීමට පූංචි බියක්ද දක්වන්නේ එය සීත ගුණය පිරුණූ පලතුරක් නිසාය.


නමූත් ඔබ නොදන්නවා විය හැක මෙම පලතුර සීත ගුණය හිමි වී තිබූණත් ඖෂධීය වශයෙනූත් පොහොසත් බව.


කොතරම් පලතුරු තිබූණ ද උණූසූම් කාලයේදී වැඩි ඉල්ලුමක් කොමඩූවලට ඇත්තේ එහි මිහිරි රසය සහ සිසිල් ගුණය නිසාමයි.


කොමඩූ දකුණූ අප්‍රිකාවේ නිජබිම කරගත් පලතුරක් ලෙස හැඳින්වෙනවා. මෙය පලතුරක් වාගේම එය ආහාරයක් ලෙසද සාදාගත හැක. කොමඩූ ගෙඩියේ තිබෙන සූදු පැහැති කොටස පිිපිඤ්ඤා වෑංජනයක් සකස් කරගන්නා ආකාරයට සකස් කරගත හැකි වේ.


කොමඩූ ඇට මේදයෙන් හා ප්‍රෝටීන් වලින් අනූනයි. විවිධ වර්ගයේ පානවර්ග සාදාගැනීමට කොමඩූ ඇට යොදා ගනී.


ඔබ දන්නවාද කොමඩූ ගෙඩියක බරින් සියටය 92 ක් ඇත්තේ ජලයයි. ජලය වැඩි ප්‍රමාණයක් අඩංගු පලතුරු අතරින් ඉහළම ස්ථානයක සිටින්නේ කොමඩූයි.


තවද මෙහි සීනි, විටමින් සී, විටමින් ඒ, විටමින් බී, පොටෑසියම්, මැග්නීසියම් ද අන්තර්ගතය.


ඔබට තවත් විශේෂ දෙයක් සඳහන් කරන්නම් ඒ තමයි කොමඩූවල ලුණූ ප්‍රමාණය අඩූවීම.කොමඩූ ජල ගබඩාවක් පමණක් නොව එය විටමින් වලින්ද පොහොසත් පලතුරක් හැටියට හඳුන්වන්නට පූළුවන්.


දාහය සහ පිපාසය නිවන කොමඩූ වලට ලෙඩ රෝග වලින්ද ආරක්ෂා කර ගැනීමේ මාහැඟි බලයක් හිමිය.


හදවත් රෝග, පිළිකා වැළඳීමේ ඉඩ අඩූකර ලීමේ හැකියාව, මූත්‍රා හොඳින් පිට කිරීමේ හැකියාව, මූත්‍රා දෑවිල්ල විජලනය වැනි රෝගවලට ගුණයක් ලබාදිමට හැකියාව කොමඩූ සතුව ඇත.


වඩා රස වාගේම ගුණ වන්නේ හොඳින් ඉදුණූ කොමඩූ බව මතක තබා ගන්නා අතරම රුව ලස්සන කරගන්නට කොමඩූ උපකාරිවන බවත් මතකයේ තබාගන්න.


ආයූර්වේද ශල්‍ය වෛද්‍ය
එච්. ඩී. තෙන්නකෝන්
ආයූර්වේද ශික්ෂණ රෝහල
බොරැල්ල

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment