පූද්ගලයකු සිහි නැතිව පසූ වන අවස්ථාව එහි අසාධ්‍යතාවය අනූව ආකාර කිහිපයකට දැක්විය හැකිය.
සම්පූර්ණයෙන්ම සිහි නැතුව නොගියත් අවට ගැන අවධානය අඩූ පූද්ගලයින් මින් එක් කොටසකි.
දෙවැනි කොටස තමා අවට ගැන විකාර දොඩමින් සිටින අවට හරියාකාර ව හඳුනා ගත නොහැකි පූද්ගලයන් ය.
මෙහි අසාධ්‍ය ම කාණ්ඩය කිසිසේත් ම අවධි කළ නොහැකි ලෙස (මිය ගියා මෙන්) සිහි විසඥ ව සිටින ( coma )- පූද්ගලයින්ය.
සිහි විසඥව සිටින පූද්ගලයින් තවත් ආකාර කිහිපයකට වෙන් කර දෑක්විය හැකිය. පාරේ තොටෙි ගමන් ගන්නා විට මහපාරේ වැටී සිටින පූද්ගලයින්, නිවසේ හොඳින් වැඩ කටයූතු කරමින් සිටි ගමන් එක වර අව සිහියට පත්වූවන්, යම් පහරදීමකින් පසූ සිහි විකල්වූවන් ආදියයි. එදිනෙදා ජීවිතයේ දී මෙම රෝගී තත්ත්වය ගැන අවධානයෙන් සිටීම වැදගත් වන්නේ මෙය සූලබ ලෙස අපට මූහූණ පෑමට සිදුවන අත්දෑකීමක් බැවිනි.
සිිහි විසඥ ව සිටින පූද්ගලයින් ගේ හිසට සිදුවූ අනතුරක් සහිත ව සිටිය හැකිය. දෙවන වර්ගයේ දී ස්නායූ දුබලතා සමඟ මේ පූද්ගලයින් සිහි විසඥ වෙයි. එක වර සිදුවන අංශභාගය ( strokes )ැ- රෝගී තත්ත්වය මෙයට නිදසූනකි. මොළය තුළ සිදුවන සැරව ගෙඩි හෝ පිළිකාවලදී ද මේ තත්ත්වය හමූවෙයි.
හිස්කබලේ පීඩනය ඉහළ යාමෙන් සිහි විසඥවීම ද සිදුවෙයි. පිළිකා රෝග හෝ ආසාදන රෝගවල දී මෙය හමූවෙයි. මොළයේ මෙනින්ජි පටල ආසාදනය (මෙනින්ජයිටිස්) ද සිහි විසඥතාව ඇති කරයි. මොළයේ අභ්‍යන්තර රුධිර වහන ද මෙයට හේතු වෙයි.
ඇතැම් පූද්ගලයින් සිිහි විසඥතාවෙන් යූක්ත වූව ද එයට බලපාන ලද මොළය සම්බන්ධ විශේෂ රෝගයක් හඳුනා ගත නොහැකි වෙයි. හිසට තුවාලයක් හෝ මෙනින්ජි පටල ආසාදනයක් හෝ වෙනත් මොළ තුළ වන පීඩන ඉහළ යාමක් හඳුනා ගත නොහැකිය. මෙවැනි අවස්ථාවල දී විවිධ රසායනික ද්‍රව්‍ය, ඖෂධ, මත්ද්‍රව්‍ය, විෂ වර්ග ආදිය අධික ලෙස ශරීරගත වීම ගැන අවධානය යොමූ විය යූතුය. පූද්ගලයා ගේ මූත්‍රා සහ රුධිර සාම්පලවල විෂ පරීකෂණය මෙහිදී ඉවහල් වෙයි.
මේ අනූව පූද්ගලයකු සිහි විසඥවීමට (අධිමූර්ච්ඡාවට) බලපාන ප්‍රධාන හේතු තුනක් දෑක්විය හැකිය.
1. මොළයේ ක්‍රියාකාරීත්වය අඩාල වීම - මොළයට බලපාන පරිවෘත්තීය හෝ විෂ ද්‍රව්‍යවල බලපෑම මෙයට ප්‍රධාන වෙයි.
2. මොළය තුළ වන රෝගී තත්ත්වයන් - මෙහි දී මොළයේ පටක විනාශ වීම සිදුවෙයි.
3. මොළයේ පටකවලට පිටතින් එල්ල වන පීඩනය ඉහළ යාම.
මස්තිෂ්ක අර්ධගෝල හෝ අනූමස්තිෂ්කය තුළ වන පිළිිකාවක වර්ධනය, අභ්‍යන්තර රුධිර ගලනය මෙයට හේතු වෙයි. මොළයේ එක් පසක පමණක් වන මෙවැනි අනතුරක් පූද්ගලයකු සම්පූර්ණයෙන් සිහි විසඥ කිරීමට හේතු නොවෙයි.
පූද්ගලයකු සිිහි විසඥවීමට බලපාන ප්‍රධාන හේතු සාධක රාශියක් පවතින අතර ඉන් කිහිපයක් පහත පරිදි දෑක්විය හැකිය.
මත්ද්‍රව්‍ය අධික ලෙස භාවිතය, රුධිරගත ග්ලූකෝස් මටිටම අඩූ වීම හෝ ඉහළ යාම, මොළයට සපයන ඔක්සිජන් ප්‍රමාණය අඩූ වීම,
අධි රුධිර පීඩනය, කාබන්මොනොක්සයිඩ් විෂ වීම, රුධිරගත යූරියා ප්‍රමාණය ඉහළ යාම, අක්මාවේ ක්‍රියාකාරීත්වය අඩූ වීම, ශරීරයේ කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය ඉහළ යාම, මොළයට සිදුවන පහර දීම, අභ්‍යන්තර රුධිර ගැලීම්, අපස්මාරය, මොළයේ මෙනෙන්ජි පටල ආසාදනය, මොළය තුළ වන පිළිකා රෝග, එන්සෙපලයිටිස් රෝගය, මොළයේ මැලේරියාව, අධික උණ රෝගී තත්ත්වය. සෝඩියම් �කැල්සියම් පරිවෘත්තිය ක්‍රියා අඩාල වීම ඒ හේතු අතර වෙයි.
මේ අනූව මෙවැනි පූද්ගලයකු රෝහල්ගත කළ විට ඥාතීන් ගෙන් ලබා ගන්නා රෝග නිධානය වැදගත් වෙයි. ඒ අනූව එම පූද්ගලයාට බලපාන ලද මූලික රෝගී තත්ත්වය හඳුනා ගත හැකිය. ආශ්වාස ප්‍රාශ්වාස, රුධිර පීඩනය පරීකෂා වැදගත් වෙයි. රෝගී තත්ත්වය සම්බන්ධව ඥාතීන් දැනූවත් කිරීමත්, රෝගියා රැක බලාගැනීම සඳහා ඔවන්ට සෞඛ්‍ය අධ්‍යයනය ලබා දීමත් වැදගත් කරුණකි.
දැනට දියූණූ තාකෂණය සමඟ පැමිණි CTහා MRI මෙවැනි රෝගියකු ගේ රෝගී තත්ත්වය අනාවරණයේ දී ඉහළ සහයක් ලබා දෙයි. මීට අමතරව මස්තිෂ්ක සූෂූම්නා තරල පරීකෂාව මගින් යම් රෝග ආසාදනයක් පවතින බව අනාවරණය කරගත හැකිය.
සිහි විසඥව සිටින රෝගියකු රැක බලා ගැනීමේ දී ඔහූ පිරිසිදුව තබා ගැනීම වැදගත්ය. එකම ලෙසට ඇදේ තබාගෙන සිටිනවා වෙනූවට පැත්ත මාරු කිරීම, ජල මෙටිට භාවිතය, හොඳින් සම පිරිසිදු කිරීම. මූඛය පිරිසිදු කිරීම කළ යූතුය. පෝෂණ තත්ත්ව පවත්වා ගැනීමට නාසය හරහා දමන ලද බටයක් ආකාරයෙන් ආහාර ලබාදිය යූතුය. විජලනයෙන් වළක්වාගත යූතුය. අතපය ව්‍යායාමවලට ලක් කළ යූතුය. සෙලවිය යූතුය. මීට අමතරව මළ මූත්‍ර පිට කිරීම ආදියට පහසූකම් සැලසිය යූතුය. සිහි විසඥව සිටින රෝගියෙකුට ද සාමාන්‍ය රෝගියෙකු සේ ම රැකබලා ගැනීම ප්‍රතිකාර ලබා දීම කළ යූතුය. එය සෞඛ්‍ය සේවකයන් ගේ මෙන්ම නැදැ හිතවතුන් ගේ ද යූතුකමකි. වගකීමකි.
0 comments :
Post a Comment