කෑම මේසයට බිත්තර සමග බත්


බිත්තර සමග කෑම වේලක් ඃ
බත් බිත්තර කොස් මැල්ලුම හාල් මැස්සන් බැදුම පරිප්පූ කරිය කැරටි මාළු මිරිස් කරිය

බත් ඃ හාල් කිලෝ එකක බත් පස් දෙනෙකු සඳහා ප්‍රමාණවත් වේ. නමූත් ඔබේ පවූලේ සාමාජිකයන් ලබාගන්න ආහාර ප්‍රමාණ ගැන ඔබට දැනූමක් තිබෙන නිසා ඒ අනූව හාල් ප්‍රමාණය අඩූ හෝ වැඩි කරගන්න.

බිත්තර ඃ බිත්තර භාජනයකට දමා එයට ලුණූ ස්වල්පයක් එකතු කර වතුර දමා තැම්බෙන්නට හරින්න. බාගෙට තැම්බෙන විට වරක් හෙමින් හැඳිගාන්න. එවිට කහ මදය පැත්තකට නොගොස්, බිත්තරයේ මැදින් පිහිටයි.

කොස් මැල්ලූම අවශ්‍ය ද්‍රව්‍ය ඃ කපන ලද කොස් ග්‍රෑම් 200 වතුර ස්වල්පයක් අමූ මිරිස් කරල් 3-4 ගම්මිරිස් කුඩූ ස්වල්පයක් ළුෑනූ ග්‍රෑම් 50 ක් පමණ කහ කුඩූ ස්වල්පයක් තුනපහ කුඩූ ස්වල්පයක් සූදුළුෑනූ බික් 4-5 ඉඟුරු කැබැල්ලක් පොල් බෑයක පොල් ලුණූ කුඩූ ස්වල්පයක් අඹරාගත් අබ ස්වල්පයක්


සාදන ක්‍රමය ඃ කොස් සෝදා භාජනයකට දමා ලුණූ එකතුකර වතුර දමා තම්බා ගන්න. අමූ මිරිස්, ගම්මිරිස්, ළුෑනූ, කහ තුනපහ, අබ, සූදු ළුෑනූ, ඉඟුරු සමග හොඳින් කොටාගන්න. තුනපහ මිශ්‍රණයට පොල් එකතුකර කොටන්න. පොල් කොටන විට කරපිංචා ටිකක් එකතු කරගන්න. එවිට රසය වැඩි වේ.

කොස්වල වතුර හිඳුන පසූ පොල් උඩින් දමා තුනී කර ගන්න. විනාඩි 5 ක් පමණ තබා කූරුගාන්න. හූමාලය ගිය පසූ වහන්න. කොස් මැල්ලුමේ අබ, සූදු ළුෑනූ රස ඉදිරියෙන් තිබිය යූතුයි.

හාල් මැස්සන් බැදුමඅවශ්‍ය ද්‍රව්‍ය ඃ හාල් මැස්සෝ ග්‍රෑම් 75 ලොකු ළුෑනූ ගෙඩි 1 ඃ 2 තක්කාලි ගෙඩි 1 එළවළු තෙල් ස්වල්පයක් මාළු මිරිස් ග්‍රෑම් 50 දෙහි ගෙඩියක ඇඹූල් කහ ස්වල්පයක් ලුණූ ස්වල්පයක් කෑලි මිරිස් ස්වල්පයක්

සාදන ක්‍රමය ඃ හාල් මැස්සන් සෝදා උණූ වතුර ටිකක් දමා වැලි ඉවත්කර ගන්න. භාජනයක් ලිප තබා තෙල් එකතු කර හාල් මැස්සන් අඩූ ගින්දරෙන් බැදගන්න.

ළුෑනූ, තක්කාලි, මිරිස්, කෑලිවලට කපාගෙන මිරිස් කුඩූ, ලුණූ, දෙහි, කහ මිශ්‍ර කරගන්න. හාල් මැස්සන් බාගෙට බැදුන පසූ මිශ්‍රණය උඩින් දමා ටික වේලාවක් වසා තබන්න. දැන් බැදුන හාල් මැස්සන් හොඳින් කලවම් කර දෙහි එකතු කරගන්න.


පරිප්පූ මිරිස් කරියඅවශ්‍ය ද්‍රව්‍ය ඃ පරිප්පූ ග්‍රෑම් 150 ලොකු ළුෑනූ ගෙඩි 1 තක්කාලි ගෙඩි 1 අමූමිරිස් කරල් 2-3 මිරිස් කුඩූ ස්වල්පයක් අබ ස්වල්පයක් කරපිංචා, රම්පේ ලුණූ කුඩූ ස්වල්පයක් සූදු ළුෑනූ බික් 3-4 උම්බලකඩ ස්වල්පයක්

සාදන ක්‍රමය ඃ පරිප්පූ සෝදා භාජනයකට දමන්න. ළුෑනූ, කරපිංචා, සූදු ළුෑනූ, අමූමිරිස්, කහ, උප්බලකඩ, රම්පේ කෑල්ලක් සහ තක්කාලි කපා දමාගන්න. පරිප්පූවලට ටිකක් උඩින් වතුර දමා ලිපේ තියන්න. පරිප්පූ හොඳින් තැම්බූන පසූ හැඳිගාන්න. තෙල් ස්වල්පයක් ලිප තබා ළුෑනූ, කරපිංචා බැඳගන්න. ළුෑනූ රන්වන් පාට වූ විට අබ ස්වල්පයක්, කෑලි මිරිස් හා මිරිස් කුඩූ දමා බැදගන්න. තෙම්පරාදුව පරිප්පූ භාජනයට දමා තුනීකර ගන්න.


කැරටි මාළු මිරිස් කරියඅවශ්‍ය ද්‍රව්‍ය ඃ කැරටි ග්‍රෑම් 200 මාළු මිරිස් ග්‍රෑම් 100 ළුෑනූ ගෙඩි 5-6 අමූ මිරිස් කරල් 5-6 උම්බලකඩ ස්වල්පයක් කිරි කෝප්ප 1/2 ඃ 1 කරපිංචා, රම්පේ ලුණූ කුඩූ ස්වල්පයක් අඹරාගත් අබ ස්වල්පයක් මිරිස් කුඩූ ස්වල්පයක්

සාදන ක්‍රමය ඃ කැරටි සූද්ද කර දිගටි පෙතිවලට කපාගන්න. මාළු මිරිස් දිගටි පෙතිවලට කපන්න. භාජනයේ යටට මාළු මිරිස් දමා එයට උඩින් කැරටි පෙති දමන්න. ළුෑනූ, තක්කාලි, අමූ මිරිස්. මිරිස් කුඩූ, උම්බලකඩ, කරපිංචා, ලුණූ අවශ්‍ය ප්‍රමාණයට දමාගන්න. කැරටි තුනපහ සමග කලවම් කර උඩට තෙල් ස්වල්පයක් දමා, වතුර ස්වල්පයක් එකතු කර ලිපේ තබන්න. මාළු මිරිස්, කැරටි හූමාලයෙන් තැම්බූන පසූ ටික වේලාවක් තෙලෙන් බැදෙන්න හරින්න මෙයට ටිකක් ගින්දර අවශ්‍යයි. දැන් කිරි දමා කලවම් කර ඉස්ම හිඳුන පසූ ලිප නිවාගන්න.



සූපවේදිනී ඃ මොනිකා ලක්ෂ්මී ලොරෙන්සූහේව
හේවා කේටර්ස්, රත්මලාන.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment