හැමෝම නිවසේ සිටින දවසේ කෑම මේසයට

නිවසක කෑම පිළියෙළ කරනකොට මොන මොනවද හදන්නේ කියලා ගෘහනියන් කල්පනා කරනවා. විශේෂ අවස්ථාවකට සූදුසූ කෑම වටිටෝරු එකතුකරලා තියාගත්තත් නිවසේ එදිනෙදා ආහාරයට ගන්නා, කෑම වටිටෝරු ගැන ඔබ එතරම් දුරට අවධානය යොමූ කළේ නැහැ නේද? නමූත් පෝෂ්‍ය ගුණය හා රස වගේම කෑමට ප්‍රිය උපදවන ලෙස කෑම වේල සකස් කිරීමට ඔබ උනන්දු විය යූතුයි. ඒ සඳහා ගැළපෙන කෑම වටිටෝරු කිහිපයක් ඔබට ඉදිරිපත් කරන්නට අපි කල්පනා කළා. අද ඉදිරිපත් කරන්නේ මාළු සහිත කෑම වේලක්. එයට පහත සඳහන් දේ අඩංගු වෙනවා.


බත් මාළු කරිය (මිරිසට) පරිප්පූ කරවල බැදුම බෝංචි පපඩම් මූගුණූවැන්න මැල්ලුම
බත් ඃ බත් සඳහා ඔබ කැමති වර්ගයක හාල් තෝරා ගන්න. හාල් කිලෝ එකක ප්‍රමාණය පස් දෙනෙකු සඳහා සෑහේ. සෝදා පිරිසිදු කර අවශ්‍ය පමණට වතුර තබා බත තම්බා ගන්න.
මාළු කරිය (මිරිසට) අවශ්‍ය ද්‍රව්‍ය ඃ මාළු කෑලි 5 මිරිස් කුඩූ ග්‍රෑම් 10 ගම්මිරිස් කුඩූ ස්වල්පයක් ගොරකා අඬූ 3 - 4 ලුණූ කුඩූ ස්වල්පයක් කහකුඩූ ස්වල්පයක්
සාදන ක්‍රමය
ලොකු මාළු උයන විට කෙලවල්ලන් මාළු තෝරා ගැනීම සූදුසූයි. පළමූව මාළුවල හම ඉවත් කර අඟල් 1 1/2 පමණ කැබලිවලට කපාගන්න. ගොරකා තම්බා වැලි ඉවත් කර අඹරාගන්න. ගොරකා, ගම්මිරිස්, ලුණූ කුඩූ, කහ ස්වල්පයක් සමග වතුර ස්වල්පයක් දමා තලපයක් සාදාගන්න.

භාජනයක් ලිප තබා රත් වූ විට මිරිස් කුඩූ දමා බැදගන්න. රත් වූ මිරිස් කුඩූවලට ගොරකා මිශ්‍රණය දමා හොඳින් කලවම් කරගන්න. මාළු එකතු කර පොඩි නොවන ලෙස හැඳි ගාන්න. අවශ්‍ය ප්‍රමාණයට වතුර දමා ගන්න. විනාඩි 10 පමණ පසූ භාජනයේ මූඩිය ඉවත් කර හොදි ප්‍රමාණය ඇති පදමට ගන්න. මාළු හොදි ගොරෝසූවට තිිබිය යූතුය. මෙය තද වර්ණයකින් යූතු වේ.

පරිප්පූ සූදු කරිය ඃ අවශ්‍ය ද්‍රව්‍ය ඃ පරිප්පූ ග්‍රෑම් 125 ළුෑනූ ග්‍රෑම් 10 ක් පමණ පොල් කිරි කෝ. 1 ක් සූදු ළුෑනූ බික් 3 - 4 අමූ මිරිස් කරල් 3 තක්කාලි ගෙඩි 1 කහ කුඩූ ස්වල්පයක් ලුණූ කුඩූ ස්වල්පයක් රම්පේ, සේර, කරපිංචා එළවළු තෙල් ස්වල්පයක්

සාදන ක්‍රමය
පරිප්පූ සෝදා ගරා ඉඩ තිබෙන භාජනයකට දමාගන්න. එයට සූදුළුෑනූ, කරපිංචා, ළුෑනූ, අමූ මිරිස්, රම්පේ කැබැල්ලක්, කහ, ලුණූ තක්කාලි දමා ජලය ස්වල්පයක් සමග තැම්බෙන්න හරින්න. පරිප්පූ ඇට ඉදුන පසූ කිරි දමා නටවා ගන්න. ළුෑනූ පෙති, කරපිංචා, කැබලි මිරිස් ටිකක් මිශ්‍ර කර තෙම්පරාදු කර ලිපෙන් බාගන්න.

කරවල බැදුම අවශ්‍ය ද්‍රව්‍ය ඃ කටිටා කරවල ග්‍රෑම් 75 ලොකු ළුෑනූ ගෙඩි 2- 3 බැද ගැනීමට තෙල් මාළු මිරිස් කරල් 3 - 4 තක්කාලි ගෙඩි 2 දෙහි ඇඹූල් ස්වල්පයක් ලුණූ ස්වල්පයක් කහ කුඩූ හා කැබලි මිරිස්

සාදන ක්‍රමය ඃ කරවල කුඩා කැබලිවලට කපා උණූ වතුරෙන් සෝදා ගන්න. තෙල් ලිප තබා නටන විට කරවල දමා බැදගන්න. ළුෑනූ පෙති ගසා ගන්න. මාළු මිරිස් හැඩයට කපාගන්න. කෑලි මිරිස්, දෙහි. කහ සමග සියලු ද්‍රව්‍ය එකට මිශ්‍ර කරගන්න. කරවල බැදුන පසූ මිශ්‍රණය එකතු කර ලී හැන්දකින් හැඳි ගාන්න. ළුෑනූ මැලවීමට පෙර ලුණූ ඇත්දෑයි බලන්න. කරවලවල ලුණූ තිබෙන නිසා අවශ්‍ය නම් පමණක් ලුණූ මිශ්‍ර කරන්න. කරවල බැදුමේ ලුණූ, ඇඹූල් සම සමව තිබිය යූතුයි. රසය වැඩිවන්නේ එවිටයි.

බෝංචි කරිය අවශ්‍ය ද්‍රව්‍ය ඃ බෝංචි ග්‍රෑම් 250 පොල්කිරි කෝ. 1 ළුෑනූ ග්‍රෑම් 50 අමූ මිරිස් කරල් 3 උම්බලකඩ ස්වල්පයක් කරපිංචා ලුණූ ස්වල්පයක් කහ කුඩූ ස්වල්පයක් අබ ස්වල්පයක් තුනපහ ස්වල්පයක් එළවළු තෙල් ස්වල්පයක්

සාදන ක්‍රමය
බෝංචි සෝදා දිග අතට කපාගන්න. ළුෑනූ, අමූ මිරිස්, උම්බලකඩ, කරපිංචා, අබ, කහ, තුනපහ කුඩූ දමා හොඳින් අතගා ගන්න. බෝංචි උඩට එළවළු තෙල් වත් කරන්න. මෙය ලිප තබා කොළපාට ගතිය නැතිවෙන්නට පෙර හූමාලයෙන් තම්බා ගන්න. කිරි දමා කොළ පාටටම පිස ගන්න.


මූගුණූවැන්න මැල්ලුම අවශ්‍ය ද්‍රව්‍ය ඃ මූගුණූවැන්න මිටියක් රතුළුෑනූ ගෙඩි 5 - 6 අමූ මිරිස් කරල් 3 - 4 ලුණූ කුඩූ ස්වල්පයක් කහ කුඩූ ස්වල්පයක් අඹරාගත් අබ ස්වල්පයක් පොල් ස්වල්පයක්

සාදන ක්‍රමය
කොළ හොඳින් සෝදා සිහින්ව ලියාගන්න. හීනියට කපන ලද ළුෑනූ, අමූමිරිස්, අඹරන ලද අබ ටිකක්, ලුණූ කුඩූ, පොල් සමග මිශ්‍ර කරන්න. පොල් මිශ්‍රණය කොළවලට කලවම් කර හොඳින් අනා ලිපේ තබන්න. විනාඩි 4 ක් පමණ ලිප තබා දුම එන විට එළියට ගෙන ලී හැන්දකින් කූරු ගාගන්න. කොළපාට ඉවත්වීමට පෙර ලිපෙන් ඉවතට ගත යූතුයි






ප්‍රවීණ සූපවේදිනි මොනිකා ලක්ෂ්මි ලොරෙන්සූහේවා
හේවා කේටර්ස් ඃ රත්මලාන

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment