උදේ ආහාරයට පෙර ලූණූ කැඳ ඉතාම ගුණයි


අප රට වැනි රටවල බොහෝ විට කුඩා දරුවන්ට මන්දපෝෂණය ඇතිවෙනවා. ආර්ථික ගැටලු නිසාම එවැනි පවූල්වල දරුවන් මෙම තත්ත්වයට ගොදුරු වන අතර අද බොහෝවිට ආර්ථික අගහිඟකම් නොමැති පවූල්වල දරුවන් ද මෙම තත්ත්වයට මූහූණ දෙනවා. එයට බලපාන ප්‍රධානම හේතුව වන්නේ ආහාර හිඟකම නොවේ. ආහාර නොගැනීමයි. කොතරම් ආහාර තිබූණත් නිසි වෙලාවට, නිසි ප්‍රමාණයෙන් නොගැනීම නිසා දරුවන්ට මෙවැනි රෝගී තත්ත්වයන් ඇතිවෙනවා.

මෙම රෝගී තත්ත්වය මන්ද අග්නිය ලෙසින් හඳුන්වනවා. නැතහොත් බඩගින්න අඩූකමයි. එම නිසා කළ යූතු වන්නේ පෝෂනය සහිත ආහාර දරුවාට එපා වන තුරු එකවර කැවිම නොවේ. කුසගිනි ඇතිවිමට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමයි. එවිට ආහාරවල අවශ්‍යතාවය දැනීම සමගම දරුවාට ආහාර ගැනීමට රුචියක් ඇතිවී මන්දපෝෂන තත්ත්වයෙන්ද මිදෙන්නට පූළුවන් වෙනවා. ඒ වගේම ප්‍රධාන ආහාර වේලාවකට පසූ නොයෙකුත් අමතර ආහාර වර්ග දෙන්නටත් පූරුදු වෙන්න එපා. මෙම තත්ත්වයට පහත සඳහන් ප්‍රතිකාර කර බලා දරුවාට සූවයක් නොලැබේ නම් ඒ සඳහා සූදුසූ වෛද්‍ය උපදෙස් ද නොපමාව ලබාගන්න.


  1. උදේ ආහාර ගැනීමට පෙර ලුණූ කැඳ බීම ඉතාම ගුණදායකය.
  2. අමූ ඉඟුරු සමග සහිඳ ලුණූ අඹරා (බටූගෙඩියක් පමණ) කෑමට දීම.
  3. බෙලි මල්, අතිවිඩයම්, කෙලිද හාල්, වියළි ඉඟුරු, කළාඳුරු අල කළඳ බැගින් ගෙන මැදට අට බැගින් ගෙන වතුර පත 8-1 ට සිඳ පෙරා සීනි, මී පැණි දමා දෙවේල බැගින් කසාය කිහිපයක් බොන්න.
  4. අරළු බැඳ, කුඩූ කර පොල් කිරි මිශ්‍ර කර කෑමට දෙන්න.
  5. වියළි ඉඟුරු චූර්ණය සමග බෙලි ගැට මද චූර්ණය (කුඩූ) එක පමණ ගෙන මෝරු සමග කෑමට දෙන්න.
  6. මේ අතර අරවින්දාසවය, පිප්පල්‍යා ද්‍යාසවය, වැනි අරිෂ්ටයන් මේස හැඳි 1 1·2 බැගින් බීමට දෙන්න.


වෛද්‍ය ශිරෝමනී පණ්ඩිත කවිරාජ් බී. වයි. වික්‍රමාරච්චි
(ගම්පහ බෙහෙත් ශාලාව - කිරිබත්ගොඩ)

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment