දුම්පානය කරන පූද්ගලයෙක්ව බඳිනවද - නැද්ද ?


විශේෂයෙන් ගැබිණි මව්වරු මත්පැන් හා දුම්පානයෙන් වැළකී සිටිය යූතුමයි. බොහෝ කාන්තාවන් මත්ද්‍රව්‍ය ගන්නේ නැහැ. නමූත් තමන් නොගත්තට පරිසරය විසින් තමන්වත් තමන්ගේ කුස තුළ සිටින දරුවාවත් අනාරක්ෂිත කරලා තිබෙනවා. යටත් පිරිසෙයින් සිය සැමියා තමා ළඟ සිට දුම්පානය කරන්නේ නම් දරුවා බිහිවන දරුවන් ඔහූට දුම්පානයෙන් වළක්වා ගැනීමට මවූවරුන් ක්‍රියා කළ යූතුයි. එය අත්‍යවශ්‍ය කටයූත්තක් බව දන්වා සැමියා දැනූවත් කරගන්න.


යම්කිසි පූද්ගලයකු දුම්පානය කරනවා නම් එම දුම්පානය නිසා ඔහූගේ ශුක්‍රානූවල විවිධ විකෘතිතා ඇති කරනවා. එයත් තමන්ගේ දරුවාට බලපාන්න පූළුවන්. හොඳම දේ තමයි දුම්පානය කරන පූද්ගලයෙක්ව බඳිනවද - නැද්ද කියලා හිතන එක. බඳිනව නම් අඩූ ගානේ දුම්පානය නවත්තලා බඳින්න ඕන. ඒ වගේම දුම්පානය නවත්තලා මාස කිහිපයක් යනතුරු දරුවෙකු හදන්නෙ නැතුව සිටිය යූතුයි. මන්ද දුම්පානය නිසා ශුක්‍රාණූවලට හානි සිදුවී තිබිය හැකියි.


ඒ වගේම පරිසරයෙන් සිදුවන දුම්පානය පිළිබඳව බැලුවොත් කාන්තාවන් ඒ සඳහා තමන්ගේ අයිතිය පාවිච්චි කළ යූතුයි. සෑම කෙනෙකුට පොදු ස්ථානවල දුම්පානය කිරීම තහනම්. තමන්ගෙ දරුවා ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම කාන්තාව දැනගෙන සිටිය යූතුයි. මේ දේවල්වලට විරුද්ධ වී තමනූත් තමන්ගේ දරුවාවත් ආරක්ෂා කර ගැනීම කාන්තාවක් වශයෙන් ඔබගේ යූතුකමක්. දැන් එන්න එන්නම දරුවන් ලැබීමේ ප්‍රවනතාවය අඩූවෙමින් පවතිනවා. මෙයට මූලිකම හේතුව වශයෙන් බලපාන්නේ පිරිමින්ගේ දුම්පානය. මෙයින් සියයට විසි හතරක් විතර ශුක්‍රාණූවල ප්‍රමාණය අඩූවෙනවා. දුම්පානය කරන්නන්ගේ ශුක්‍රාණූවල ශක්තිය අඩූවෙනවා. විකෘතිතාවය ඇති ශුක්‍රාණූ සෑදෙනවා. මෙයින් සිදුවෙන්නේ හදන දරුවා එක්කො විකෘතිතාවයන්ගෙන් බිහිවීම නැතිනම් දරුවන් සෑදීමට හැකියාව නොලැබී යාම. මේ පිළිබඳව ඔබේ අවධානය යොමූ කරන්න.




වෛද්‍ය මනෝජ් ප්‍රනාන්දු
විධායක අධ්‍යකෂ
ශ්‍රී ලංකා සූමිත්‍රයෝ ආයතනය.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment