සූනඛ සූරතලාට මූල්ම පාඩම

බලන්න මේ බල්ලා ගේ හැම තැනම කැත කරලා. තව දවසක්වත් තියාගන්නේ නැතිව මේකාව කාට හරි දීලා දාන්න"


බිරිඳ සැමියාට කියා සිටියේ අළුතින්ම නිවසට ගෙනා සූනඛ සූරතලා මූළු නිවසටම කරදරයක් වූ නිසයි. රුපියල් දහස් ගණනක් දී මිලයට ගෙනා සූරතලා ගේ තුළ මළපහ කරනවා කියා මූත්‍රා කරනවා කියා කිසිවෙකුට දී අතපිසදා ගත හැකිද? සැමියා කල්පනා කළේය. කිසි විටෙකත් සූනඛ සූරතලා කාටවත් දිය නොහැක. එහෙනම් අප කුමක් කළ යූතුද? මේ ලිපියෙන් සාකච්ඡා කරන්නේ එයය.


සූනඛ පැටවකු නිවසට ගෙන ඒමෙන් පසූ මූලින්ම ඉගැන්විය යූතු කටයූත්ත මොකක්ද දන්නවාද? එය අන් කිසිවක් නොව නියමිත ආකාරයට මළපහ කරන්නටත්, මූත්‍රා කරන්නටත්ය.
කෙනෙකුට එය පහසූ කටයූත්තක් ලෙස පෙනෙන්න පූළුවන. සැබවින්ම එය පහසූ කටයූත්තකි. ගෙදරට ආ සූනඛ පැටවාට නියමිත තැන මළපහ කිරීම, මූත්‍රා කිරීම පිළිබඳව ඇත්තේ අඩූම අඩූ දෑනීමකි. නමූත් සූනඛ පැටවෙකු නිසා කුඩා අවදියේම නියමිත ආකාරයට මළ පහ කරන්නට, මූත්‍රා කරන්නට පූරුදු පූහූණූ කිරීම පහසූ කටයූත්තකි.
සූනඛ පැටවූන් මූත්‍රා කිරීම තමන්ගේ නිවස තුළම කරන්නට පෙළඹීම සාමාන්‍ය දෙයකි. ඔබ තවත් මතක තබා ගත යූතු කරුණක් ඇත. ඕනෑම වර්ගයක සූනඛයෙකු තමන් එකවරක් මූත්‍රා කිරීමට මළපහ කිරීමට පැමිණි ස්ථානයට ඊළඟ දවසෙත් පැමිණීමට වැඩි රුචිකත්වයක් දක්වයි. මේ රුචිකත්වය ප්‍රයෝජනයට අරගෙන අපට කළ හැක්කේ කුමක්ද? තමන්ගෙ ගෙදරින් බාහිරව එළිමහන් ස්ථානයකට සූනඛයාව මේ කාර්යයට පූරුදු පූහූණූ කරන්නටය.

බොහෝ විට උදේ වරුවේ සූනඛ සූරතලාත් සමග එළිමහනේ ඇවිදින්නට යාමෙන් මේ කාර්යය ඌට පහසූ කිරීමට අපට පූළුවන. මේ නිසාම ගෙදර දාර අපිරිසිදුවීමත් වළක්වා ගන්නට පූළුවන.

සූනඛයා මළ පහ කරන ස්ථානය ඌට හඳුන්වා දෙන්නට බටහිර බොහෝ දෙනා කරනූ ලබන්නේ සූනඛ සූරතලාගේ මූත්‍රා හෝ මළපහ ස්වල්පයක් ගෑවූණූ කොළ කැබැල්ලක් අවශ්‍ය ස්ථානයේ තැබීමය.

සූනඛයන් ඇති කරන ඇතැමූූන් ඌට පහරදී බලහාත්කාරයෙන් යම් යම් ස්ථානවල මූත්‍රා, මළපහ කරවන්නට වෙහෙසෙති. නමූත් එය සාර්ථක ක්‍රමයක් නොවේ. ගෙදර මූත්‍රා කළ විට සූනඛ සූරතලාටත් පහර දෙන අවස්ථා අපට දෑක ගන්නට පූළුවන.

එහෙත් එයත් හොඳ කටයූත්තක් නොවේ. සූනඛයන්ගේ මූත්‍රා මළපහ කිරීමේ ප්‍රශ්නය වැඩිපූරම ඇති වන්නේ ගෙදර ඇතුලේම ඇති දෑඩිවන කුඩා සූනඛ විශේෂවලින් බවත් අප මතක තබා ගැනීම වැදගත්ය.



ඉදිරිපත් කරන්නේ
මානව සම්පත් සංවර්ධන සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ හිටපූ අධ්‍යක්ෂ
පශු වෛද්‍ය පේ්‍රමසිරි විජේසේන නෙත්තිසිංහ

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment