ලස්සන රූ සපූවක් සඳහා කොණ්ඩයට නිසි ප්‍රතිකාර


කොණ්ඩයට නිසි ප්‍රතිකාර ලබාදීම වැදගත් දෙයක්. විශේෂයෙන් ලෝකයේ සීඝ්‍රයෙන් වෙනස් වන විලාසිතා එක්ක පෙරට යන යූවතියන් තමන්ගේ කොණ්ඩය තවත් ලස්සන කරගන්න මහන්සි වෙනවා.

කොණ්ඩා ස්ටේ‍රිටි කිරීම, ෆර්ම් කිරීම, රිබොන්ඩින් කිරීම සහ වර්ණ ගැන්වීමේදී කොණ්ඩය ලස්සන වෙනවා වගේම හානිකර තත්ත්ව පවා ඇතිවෙනවා. ඊට අමතරව කොණ්ඩය නිතර නිතර ගැලවීයාම, වර්ණය වෙනස්වීම සහ කොණ්ඩ ගස් අග පැලීම රෝගී කොණ්ඩයක ලක්ෂණ.

කෘතිම ආලේපන නිසා හානි වූ කොණ්ඩයකට ඩිප් ප්‍රෝටීන් සාත්තුවක් කර ගැනීම ගොඩක් හොඳයි. මෙම සාත්තුව සූමානෙකට සැරයක් නිවසේම කරගන්න ඔබට පූළුවන්.

මීට පෙර පාඩමකින් අපි කියල දුන්නා ෂැම්පූ සහ කන්ඩිෂනර් නිවැරදිව පාවිච්චි කරනවිදිය. ඊට අමතරව අද වෙළෙඳ පොලේ විවිධ වෙළෙඳ නාම යටතේ තියෙන එමල්ෂන් සහ සූපර් ආලේපන පාවිච්චි කරන ආකාරය ගැන දැනූවත් වීම වැදගත්.

එමල්ෂන් කී්‍රම් පාවිච්චි කරන්නේ හිස් කබලේ ආරක්ෂාවටත් කෙස් ගස්වල මූල් ආරක්ෂාවටත් පමණයි. මෙම කී්‍රම් ස්වල්පයක් අරගෙන හිස් කබලේ ආලේප කරලා විනාඩි දහයක් පහළොවක් පිරිමදින්න. පසූව පිරිසිදු වතුරින් සෝදන්න.

මූළු කොණ්ඩයටම පාවිච්චි කරන පෝෂ්‍යදායි කී්‍රම් වර්ගය තමයි සූපර් කියලා අපි හඳුන්වන්නේ. මූළු කොණ්ඩයේම ආලේප කරන සූපර් කී්‍රම් හිස කෙස්වල ආලේපයෙන් පසූව ස්ටීම් කරන්න. ඔබට ස්ටීමර් එකක් නොමැති නම් උණූ වතුර පොඟවූ තුවායක් ඔළුවේ ඔතා තියන්න. විනාඩි දහයකින් පහළොවකින් පසූව සෝදා ඉවත් කරන්න. මෙම ප්‍රතිකාර සති දෙකකට වරක් කිරීම ගොඩක් හොඳයි.

ඊට අමතරව පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා ගැනීම නිරෝගි කෙස් කළඹකට වඩාත් හොඳයි. වැඩිපූර පලතුරු, එළවළු සහ පලා වර්ග ආහාරයට එකතු කරගන්න. ඔබ සැළකිලිමත් වෙන්න ඕන. දිනකට වතුර වීදුරු 8 වත් පානය කරන්න. ඔබට උදේට උදේට ගොටූකොළ යූෂ වීදුරුවක් පානය කරන්න පූළුවන් නම් හරිම ගුණදායකයි. ඒ වගේම පෞද්ගලික පිරිසිදු තාවය ගැනත් සැළකිලිමත් වන්න.



උපදෙස් රූපලාවන්‍ය ශිල්පි
පේ්‍රමසිරි හේවාවසම්

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment