මාරාන්තික නොවූවත් බරවා රෝගය භයානකයි

බරවා කියන්නේ මාරාන්තික රෝගයක් නොවෙයි. ඒ වගේම වසංගත රෝගයකුත් නොවෙයි. ඒ කෙසේවූවත් උපතින් ලැබෙන පියකරු සිරුර අංග විකල කරන අවලස්සන කරන රෝගයක් ලෙසට බරවා හඳුන්වන්න පූළුවන්. වාර්තා වී ඇති අන්දමට ලෝකයේ බරවා රෝගීන් මිලියන 40000 ක් පමණ ඉන්නවා. බරවා නිසා රූපය විරූපී වී මානසික වද වේදනා විඳින තරුණ තරුණියන් රාශියක් අපේ රටෙි ඉන්නවා. මේ අය සමාජයෙන් පමණක් නොවෙයි ගෙදර අයගෙන් පවා කොන් වී කාලය ගත කරනවා. බරවා රෝගයට බොහෝ දෙනා ගොදුරුවන්නේ ඒ අයගේම වරදින්. ඉතින් ඉදිරියටත් බරවා රෝගයෙන් තරුණ තරුණියන් වගේම කුඩා දරුවන් බේරා ගැනීමටයි මේ බරවා එක් දින ප්‍රතිකාරය කරන්නේ. බරවා එක්දින ප්‍රතිකාරය ගැන බරවා රෝග මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය ටී. තිලකා ලියනගේ මහත්මියගේ අදහස්ය.
බරවා රෝගය හඳුන්වනවා නම්බරවා වසංගත රෝගයක්වත් මාරාන්තික රෝගයක්වත් නොවෙයි. එහෙත් මිනිසාට මානසික වද වේදනා දී සමාජයෙන් පවා කොන් කරන රෝගයක්. මේ රෝගය ඇතිකරන්නේ මිනිසාගේ වසා පද්ධතිය තුළ ජීවත් වන කුඩා පරපෝෂිතයකුගෙන් , රෝගියෙකුගෙන් නිරෝගී අයකුට බෝවෙන්නේ මදුරුවෙකු මගින්. මේ රෝග කාරක පරපෝෂිත පනූවා වූවචේරියා බැන්ක්‍රොටි යන නමින් හඳුන්වනවා. රෝග වාහකයා තුත්තනම් බෝකරන්නේ මදුරුවෙක්. මේ රෝගයේ ධාරකයින් දෙදෙනෙක් ඉන්නවා. රෝග ධාරකයා කියන්නේ රෝගය වැළඳෙන තැනැත්තා, මේ රෝගයේ නිත්‍ය ධාරකයා මිනිසා වන අතර මදුරුවා අතරමැදි ධාරකයායි.


රෝගය පතුරුවන මදුරුවා පිළිබඳ තොරතුරු කියනවානම්ගැහැණූ මදුරුවා බිත්තර දමන්නේ අපිරිසිදු ජලයේ, ඒ කියන්නේ වැසිකිලි වලවල්, ජලය ගලා නොයන කාණූ අපිරිසිදු ජලය පිරුණූ ටින්, පොල් කෝම්බ, පොල්ලෙලි වලවල්, වැනි ස්ථාන ප්‍රධාන තැනක් ගන්නවා.


රෝගය බෝවෙන අයූරු පහදනවා නම්මිනිසූන්ට දෂ්ට කර ලේ උරා බොන්නේ ගැහැණූ මදුරුවායි. ඒ උන්ගේ බිත්තර මේරීමට මිනිස් රුධිරය අවශ්‍ය නිසා පිරිමි මදුරුවා පැළෑටි යූෂ ආහාරය වශයෙන් ගන්නවා.


බෝහෝ විට මේ ගැහැණූ මදුරුවන් මිනිසාට දෂ්ට කරන්නේ රාත්‍රි 8. 00 සිට පාන්දර 4 පමණ දක්වා කාලය තුළයි. දහවල් කාලයේද මේ ගැහැණූ මදුරුවා නිවෙස් තුළ එල්ලා තිබෙන ඇඳුම් දොර රෙදිවලත් මේස ඇඳ පූටූ වැනි තැන්වලත් සැඟ වී සිට රාත්‍රියේද මිනිසූන්ට දෂ්ට කිරීමට එළියට එනවා.


රෝගි අයකුගෙන් නිරෝගි අයකුට රෝගය පැතිරෙනවාද?බරවා රෝගය වැළඳෙන්නේ මිනිසාට පමණයි. සතුන්ට වැළඳෙන්නේ නෑ. ඒ නිසා මිනිසා නියත ධාරකයා වශයෙන් හැඳින්වෙනවා.


රෝගය බෝවීමට පරපෝෂිතයා, වාහක මදුරුවා සහ මිනිසා යන සාධක තුන අවශ්‍ය වෙනවා. රෝගියෙකුගේ ශරීරයේ වසා ග්‍රන්ථි තුළ ජීවත් වන පරිනත ගැහැණූ පනූවන් ක්ෂූද්‍ර පනූවන් විශාල ප්‍රමාණයක් බෝ කරනවා. ගැහැණූ මදුරුවන් රෝගි මිනිසෙකුගෙන් ලේ උරා බොන විට මදුරුවා මගින් නිරෝගී පූද්ගලයාගේ ශරීරට ක්ෂූද්‍ර පනූවන් ඇතුල් වෙනවා.


මේ පනූවන් කෙලින්ම වසා ග්‍රන්ථි තුළට ඇතුල් වී වර්ධනය වී පසූව වසා ග්‍රන්ථිවලින් පිටවී වසා ප්‍රනාල දිගේ ගමන් කර රුධිරයට ඇතුලු වෙනවා. රාත්‍රි කාලයේදී මේ පනූවන් නිදහසේ සැරිසැරීමට ප්‍රිය කරනවා.

සාමාන්‍යයෙන් ක්ෂූද්‍ර පනූවකු තවදුරටත් වර්ධනය වීමට මදුරුවෙකු තුළට ඇතුළු විය යූතුමයි. මදුරුවාගේ ශරීරයට ඇතුළුවන ක්ෂූද්‍ර පනූවන් මදුරුවාගේ උදරය තුළත් උරස් පේශීවලට ගමන් කර එහි තවදුරටත් වර්ධනය වෙමින් දින 10 න් 20 ත් අතර ප්‍රමාණයක් ගත කරනවා. මෙයින් පසූවයි නිරෝගි පූද්ගලයෙකුට ආසදනයක් කිරීමේ හැකියව ක්ෂූද්‍ර පනූවන්ට ලැබෙන්නේ.


බරවා පනූවන් සහිත මදුරුවෙකු මිනිසෙකුට දෂ්ට කළ විට මිනිසාගේ සිරුර තුළ සිදුවන ක්‍රියාව සඳහන් කළොත්
මදුරුවෙකු දෂ්ට කරන විට රෝග කාරක පනූවා මිනිසාගේ සමට යටින් දිවෙන වසා ප්‍රනාල තුළට ඇතුළු වෙනවා. මෙසේ ඇතුළුවන රෝග කාරක පනූවන් වසා ප්‍රනාල ඔස්සේ වසා ගැටිතිවලට ඇතුළු වෙනවා. විශේෂයෙන් මොවූන් වැඩිපූර සිටින්නේ උදරයේ සහ ඉකිලි පෙදෙස්වල තිබෙන වසා ගැටිතිවලයි. වසා පද්ධතියේ පෝෂණය වෙමින් එහි මාස 6 සිට 9 දක්වා වූ කාලයක් ගත කරනවා. මේ කාලය වන විට උන් වැඩූණූ පනූවන් වශයෙන් හඳුන්වනවා.


මේ අවස්ථාවේදී මේ පනූවන් දෙවර්ගයම එක්වී තවත් ක්ෂූද්‍ර පනූවන් රාශියක් බෝ කරන්න සමත් වී රුධිරයට ඇතුළු වෙනවා.

රෝග කාරක මදුරුවා නිසා මිනිස් සිරුරේ හට ගන්නා වෙනස් වීම් ගැන කිව්වොත්වසා ග්‍රන්ථි තුළ රෝග කාරක පනූවන් ක්‍රමයෙන් වැඩෙන විට උන් පිට කරන අපද්‍රව්‍ය සහ රසායනික ද්‍රව්‍යවලටත් ශරීරය තුළ අසාත්මිකතාවක් ඇති කරනවා.

මේ ස්වභාවය ප්‍රතිවිරුද්ධව ක්‍රියා කරන්න මිනිස් සිරුරේ ප්‍රතිදේහ නිපදවනවා. ඒ වගේම ඔවූන් වර්ධනය වන වසා ප්‍රනාල සහ වසා ග්‍රන්ථි සූදු රුධිර ෙසෙල සමග සටන්කිරීම නිසා කුද්දෑටි ඉදිමීමක් ශරීරයේ වේදනාව වැනි ොර්ග ලක්ෂණ මතු වෙනවා.

අප නිතර දකින බරවා රෝග ලක්ෂණ හටගන්නා අසාත්මිකතාවේ ප්‍රතිඵලයක් හැටියටයි. මේ අතරෙ සියූම් වසා ප්‍රනාවලවල බිත්ති ක්‍රමයෙන් සතු වී ප්‍රනාල කුහර කුඩා වෙනවා. එසේත් නැත්නම් පටූ වී වැසී යනවා. කුහර වැසී යාම නිසා කුහරයේ කපාට අක්‍රිය වී රෝගයට ගොදුරු වූ අවයවය තුළින් වසා තරලය ගලා යාමට අපහසූතා ඇති වෙනවා. ඊට ඔබ්බෙන් එකතු වන වසා තරලය වසා ප්‍රනාල වල බිත්ති හරහා පටක ෙසෙල අතරට ගලා යනවා. මේ ගලා යාමේ ප්‍රතිඵලයක් හැටියට තමයි මිනිසූන්ගේ වෘෂණකෝෂ අත්පා ස්තී්‍රන්ගේ පියයූරු ආදිය ඉදිමෙන්නේ. මේ ආකාරයට ------- ෙසෙල වර්ග සමග වසා තරලය ක්‍රියාකිරීම නිසාත් නිතර නිතර සිදුවන ආසාදන ක්‍රියාවලියන් නිසා ශරීර අවයව විශාල වී ඝන වන්නට පටන් ගන්නවා. මේ ක්‍රියාවලිය නිසා ශරීරයේ ඕනෑම ස්ථානයක ඕනෑම ඉන්ද්‍රියකම බරවා ආසාදනය ඇති වෙන්න පූළුවන්. ඒ කිය්නනේ මොළය හෘදය මූත්‍රා ප්ධතිය වැනි ඉන්දිය පද්ධතින් ආසාදනය වෙන්න ඉඩ තිබෙනවා.


බාහිරින් පෙන්වන රෝග ලක්ෂණ මොනවාද?මස් පිඬූවල නැත්නම් මාංශ පේශින්ගේ වේදනාව, සමේ මාංශ පේශීන්ගේ වේදනාව, සමේ වේදනා ගෙන දෙන රතු ලප ඇතිවීම, උණ ගැනිම කිහිලිවල ඉකිලිවල කුද්දෑටි හට ගැනීම නැත්නම් වසා ග්‍රන්ථි ඉදිමීම, ආසාදනය වූණූ අවයව ඉදිමිම හා වේදනාව.

මෙහිදී වෘෂණ කෝෂවල වසා ප්‍රනාල අවහිර වීම නිසා වෘෂණ කෝෂ ඉදිමීම පිරිමින්ට බහූලව දක්නට ලැබෙනවා.

මේ ක්ෂූද්‍ර පනූවන් පෙනහලු තුළ ජීවත් වීම නිසා ට්‍රොපිකල් පැල්ටෝනර් ඉයොසිනෝ පීලියා නැත්නම් ටී පී ඊ රෝගය ඇතිවිය හැකියි.


බරවා රෝගය මර්දනය කිරීමට ගත යූතු පියවර මොනවාද?මෙහිදී කළ යූතු උපක්‍රම කීපයක් තිබෙනවා. මදුරුවන් පාලනය කිරීම. මදුරු දෂ්ටයෙන් වැළකී සිටීම, සහ රෝග ලක්ෂණ සහිත රෝගීන් හා රෝග ලක්ෂණ නොපෙන්වන රෝගීන් වෙන් වශයෙන් හඳුනා ගැනීම හා ඔවූන්ට ප්‍රතිකාර කිරීම.

මේ සේරටම වඩා වැදගත් වන්නේ පරිසරය පිරිසිදුවට තබා ගැනීමයි. මදුරුවන් බෝවන තැන් සොයා ඒවා විනාශ කර දෑමීමයි.

බරවා රෝගය තුරන් කිරීම සඳහා දෙන එක්දින ප්‍රතිකාර ක්‍රමය කියන්නේ මොකක්ද?එක්දින ප්‍රතිකාර ක්‍රමයට ඖෂධ පෙති වර්ග දෙකක් ලබා දෙනවා. ඒ වර්ග දෙක ඩසිඊතයිල් කාබමයිසින් සිටේ‍රිටි හෙවත් ෘෑක යනූවෙන් හඳුන්වන අතර අනෙක ඇල්බෙන්ඩසෝල් යනූවෙන් හැඳින්වෙනවා.
මේ ඖෂධ ලබා දීමේදී වයස් ප්‍රමාණය අනූව මාත්‍රාවක් තිබෙනවා.


අවූරුදු 12 වැඩි වැඩිහිිටියෙකුට
ෘෑක මිලි ග්‍රෑම් 300 ක් ලබා දීමට නිර්දේශ කර තිබෙනවා.

මේ මිලිග්‍රෑම් 300 ම මිලිග්‍රෑම් 100 පෙති 3 ක් හෝ මිලිග්‍රෑම් 50 පෙති 6 ක් අයත් වෙන්න පූළුවන. මේ සමග ඇල්බෙන්ඩසෝල් මිලිග්‍රෑම් 400 පෙති 1 ක් ද ලබා දෙනවා.

අවූරුදු 2 සිට 12 දක්වා වූ ළමයින්ට ෘෑක පෙති මිලිග්‍රෑම් 150 ක් ලබ දීමට නිර්දේශ කර තිබෙනවා. මේ මිලිග්‍රෑම් 150 ට මිලිග්‍රෑම් 50 පෙති 3 ක් අයත් වෙන්න පූළුවන්. ඒ සමගම ඇල්බෙන්ඩසෝල් මිලිග්‍රෑම් 400 පෙති 1 ද ලබා දෙනවා.


මේ ඇල්බෙන්ඩසෝල් පෙත්ත පනූ බෙහෙතක්. මේ පෙත්තට ක්ෂූද්‍ර පනූවන් නැසෙනවා. ඒ වගේම ආහාර මාර්ගයේ සිටින සියලුම පනූවර්ග විනාශ වෙනවා. මේ පෙත්ත කුඩා ළමයින්ට විශේෂත්වයක් ගන්නවා. එයට හේතුව තමයි ළමයින්ගේ පනූ රෝග නැතිවීම. මේ ඖෂධ ලබා දීමේ වාසි කීපයක් තිබෙනවා. ඒ තමයි ඖෂධ ගන්ාන සියලුම දෙනාගේ පනූ රෝග නැතිවීම. අනාගත පරපූර බරවා රෝගය වැළඳීමෙන් වළක්වා ගැනීම අනෙක බරවා රෝගය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීම.


මේ ඖෂධ ලබා ගැනීමට නූසූදුසූ අය කාටද?අවූරුදු 2 අඩූ දරුවන්ට ගැබිනි මවූවරුන්ට සහ අවූරුදු 2 අඩූ දරුවන්ට කිරිදෙන මව්වරුන්ට ඒ වගේම අසාධ්‍ය රෝගීන්ට සූදුසූද?


මේ ඖෂධ ලාබ ගැනීමේද අතුරු ආබාධ ඇතිවෙනවාද?මේ ඖෂධ ඉතා දිගුකලක් පරිපෝෂණයට ලක්කර අත්හදා බලා ඇති බැවින් අතුරු ආබාධ ඇතිවන්නේ ඉතා අඩූවෙන්.

බොහෝ විට ආබාධයක් ඇතිවෙනවා නම් ඇතිවන්නේ බරවා පනූවන් ශරීරය තුළ සිටින අයට පමණයි.

හිසරදය, ඔක්කාරය, කරකැවිල්ල, බඩේ දෑවිල්ල සමේ පළු දෑමීම සහ කැසීම මේ අතුරු ආබාධ අතුරින් ප්‍රධාන වෙනවා.

ඖෂධ ලබා ගැනීමෙන් පසූ කවර හෝ ආහාරයක් ලබා ගැනීමෙන් පසූ මේ අතුරු ආබාධ වළක්වා ගන්න පූළුවන්. ඒත් අතුරු ආබාධ වැඩියෙන් මතු වූණොත් වෛද්‍යරයෙකු හමූ විය යූතුයි.


එක්දින ප්‍රතිකාරය දීම අගෝස්තු 8 දින බස්නාහිර පළාත දකුණූ පළාත සහ වයඹ යන පළාත් තුනේ පැවැත්වෙනවා. මෙයට ප්‍රධාන හේතුව තමයි මේ පළාත් තුනේ බරවා රෝගය බහූලව ව්‍යාප්ත වී තිබීම.

නියමිත දිනට පෙර ස්වේච්ඡා සේවයකයින්, ඔබගේ නිවෙස්වලට පැමිණ තොරතුරු 8 දිනට ඔවූන් නියම කරන ස්ථානයට ගොස් ඖෂධ ලබා ගැනීමයි. ඔවූන් ඔබ වෙනූවෙන් ඖෂධ ලබා දීමට බැදී සිටිනවා ඒ නිසා ඉල්ලා සිටිනවා නොපමාව බරවා එක්දින ප්‍රතිකාරය ලබා ගන්න කියා.


බරවා රෝග මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ 
වෛද්‍ය ටී. එස්. ගමගේ මහත්මිය

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment