යූරෝපයේ නිරුවත අපට එපා


වසර 2,500 කටත් වඩා පැරැණි සිංහල - බෞද්ධ සම්භාව්‍ය සංස්කෘතියකින් පෝෂිත වූ අපේ රටටද යූරෝපයේ නිරුවත් සංස්කෘතිය හූරුපූරුදු කරන්නට සමහර රූපවාහිනී නාළිකාද, පහත් පෙළේ පත්‍ර සඟරාද, සම්බාහන ආයතනද, නිල් චිත්‍රපටි නිපදවන්නන් හා ප්‍රදර්ශනය කරන්නන්ද දැඩි ප්‍රයත්නයක් දරන බව අමූතුවෙන් කිව යූතු නැත.

මෙහි පසූපස සිටින්නේ "ධනවාදී ඒඩ්ස් වෛරසය" ආසාදනය වූ පූද්ගලයන්ය. ජර්මනිය, ප්‍රංශය, එංගලන්තය, ස්විටිසර්ලන්තය ආදී බටහිර රටවල් කීපයක සංචාරය කොට ඇති මා යූරෝපයේ නිරුවත ඇස්පනාපිට දැක ඇති කෙනෙකි. බටහිර ජාතිකයන් කීප දෙනෙකු නිරුවතින් නාන්න යන අයූරු දැක්වෙන ඡායාරූපයක් ලංකාවේ ඉංග්‍රීසි පත්‍රයක මෑතකදී පළවී තිබූණා මතකය.

සිප වැළඳ ගන්නා දර්ශන රුපවාහිනියෙන් කොයි මොහොතේ ප්‍රචාරය කෙරෙනවාදැයි කිව නොහැකි අතර දිනක් මා මෑණියන්ද සමග රූපවාහිනිය නරඹමින් සිටියදී ප්‍රචාරය කෙරුණේ පෙම් යූවළක් සිප වැළඳ ගන්නා අන්දම දැක්වෙන වෙළෙඳ දැන්වීමකින් දැඩි
ලැජ්ජාවක් සිතී රූපවාහිනිය උස්සා පොළවේ ගසන්න ඒ මොහොතේ මම කල්පනා කෙරුවෙමි. තවත් දිනක ප්‍රචාරය කෙරුණේ එක්තරා කලිසම්කාර ඉලන්දාරියකු පාර අයිනේ තැනකට ගොස් සූළු දිය පිට කොට නැවත කලිසම් සිප් එක උඩට අදින විට තරුණියන් දෙදෙනෙකු එය දැක සිනාසෙන අන්දම දැක්වෙන පහත් පෙළේ වෙළෙඳ දැන්වීමකි.!! නිරුවත පෙන්වා හෝ භාණ්ඩ අලෙවි කර ගැනීම බොහෝ ව්‍යාපාරිකයන්ගේ සිරිතක්ව ඇති වග අමූතුවෙන් කිව යූතු නැත. ධනවාදයේ ස්වභාවය එයයි.

යූරෝපීය ජාතිකයන් වූවද යූරෝපයේ සමහර රටවල් නිරුවතට පිළිකුලක් දක්වන වග ඇත්තකි. යූරෝපයේ පාර්ලිමේන්තුවට නියෝජිතයන් පත්කර ගැනීම සඳහා පැවති මැතිවණය වෙනූවෙන් අයර්ලන්තයේ නිෂ්පාදනය කෙරුණූ රූපවාහිනී දැක්වීමක් තහනම් කෙරුණූ අතර ඡන්දදායකයන් ඇද බැඳ ගැනීම සඳහා කාන්තාවකගේ නිරුවත් පියයූරු ප්‍රදර්ශනය කිරීම ඊට හේතුව විය. යූරෝපා පාර්ලිමේන්තුවේ අයර්ලන්ත කාර්යාලයේ ප්‍රධානියා වන ජිම් ඔ බ්‍රයන් ඒ පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ මැතිවරණය සම්බන්ධ පණිවූඩය ජනතාව වෙත ගෙනයෑමේ අරමූණින් සැකසූණූ එම දැන්වීම ප්‍රචාරයට නූසූදුසූ අන්දමේ එකක් වූ බවය.

ශ්‍රී ලංකාව, ඉන්දියාව, චීනය ඇතැම් ආසියානූ රටවල් ගුණදහම අතින් ඉහළ මටිටමක පසූවන නමූත් බටහිර රටවල තත්ත්වයට ඊට හාත්පසින්ම වෙනස් බව කිව හැක්කේ, චාල්ස් කුමරුගේ නොමනා ක්‍රියා නිසා ඩයනා කුමරියට අත්වූ ඉරණම අනූවය. කුමරිය තරමට ලස්සනත් නැති, කුමරියට වඩා වයසක පාකර් බවූල්ස් නමැති කාන්තාවක් හා සමග කුමරු සබඳතාවක් පවත්වාගෙන ගිය අතර ඇයගේ ඡායාරූපයක් කුමරුගේ දිනපොතක තිබී බිමට වැටූණේ චාල්ස් - ඩයනා දෙදෙනා මධූසමය ගත කරන අතරවාරයේදීය.

පූරුෂාධිපත්‍ය යටතේ තරුණ කාන්තාවන්, විශේෂයෙන්ම දුගී දුප්පත් ලස්සන තරුණ කාන්තාවන් පිරිමින්ගේ මනදොළ සපූරනූ පිණිස යොදාගන්නා භාණ්ඩයක් බවට පත්කරගෙන ඇති වග ඇත්තකි. පිරිමින්ගේ මනදොළ සපූරන තැන් කොළඹත්, කොළඹ අවටත් ඕනෑතරම් ඇති බව බොහෝ දෙනා කියති.

සල්ලි සෙවීම සඳහා ඕනෑම පහත් වැඩක් කිරීමේ පූරුද්දක් ලාංකිකයන්ටත් දැන් හූරුපූරුදු වන්නට පටන් ගෙන ඇත්තේ ධනවාදී ක්‍රමයේ ආභාෂය ලැබීමෙනි. යූරෝපයේ නිරුවත අපටත් හූරු පූරුදු කරන්නට මාන බලන අධමයන් ගැන වගකිව යූත්තන්ගේ අවධානය තදින්ම යොමූවිය යූතුය. පූවත්පත් සඟරාවල නිරුවත් ඡායාරූප පළ කිරීමද, රූපවාහිනියෙන් නිරුවත් දර්ශන ප්‍රචාරය කිරීමද සහමූලින්ම තහනම් කළ යූතු අතර එවැන්නක් නොකළොත්, හැදෙන වැඩෙන තරුණ පෙළ නොමඟ යනවාට සැකයක් නැත.

මූස්ලිම් රටවල නම් නරුවත ප්‍රදර්ශනය කිරිම බරපතල වරදක් වූවත්, ථෙරවාදී බූද්ධාගම සූරැකි එකම රට වන ලංකාවේ තත්ත්වය ඊට වඩා වෙනස්වීම ගැන අපි කණගාටූ විය යූතුය.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment