රැකියාවට යනවා නම් ඇඳුම ගැන සැලකිලිමත් වන්න

රැකියාවක නියුතු වීමේදී ඇඳුම ගැන විශේෂ සැලකිල්ලක් දැක්වීම අනිවාර්ය දෙයකි. එක අතකින් එය ඔබේ ආයතනයේ ගෞරවයටත්, ඔබේ පෞරුෂයටත් යම් ආකාරයක බලපෑමක් ඇති කරයි. නමුත් කාර්යාලය යනු විලාසිතා ප්‍රදර්ශනාගාරයක් නොවිය යුතු බව මතක තබා ගන්න. ඒ වගේම තරුනියක් විදියට ඔබ ඇඳුම් පැළඳුම් තෝරාගත යුත්තේ නවතම විලාසිතාවක්ද නැද්ද යන්න ගැන පමණක් සිතා නොවෙයි. එහිදී විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු කාරණා කිහිපයක් ගැන දැන් කතා කරමු.

ඵළමුවෙන්ම එය ඔබට පහසුවෙන් ඇඳ සිටිය හැකි ඇඳුමක් විය යුතුයි. එසේ නොවීමෙන් රාජකාරි කටයුතු මනා අවධානයෙන් කිරිම ඔබට අපහසිු වනු ඇත.
රැකියාවකින් උසස්වීම් ලැබීම හුදෙක් සුදුසුකම් සහ කැපවී සේවය කිරිම මත පමණක් රදා පවතින්නේ නැහැ. ඔබේ පි්‍රයමනාප බව ඇතැම්විට ආයතනයට විශාල වශයෙන් වාසිදායක වාතාවරණයක් ගොඩනගයි. එවිට ආයතනය ඒබ ව හදුනාගෙන ඒ වෙනුවෙන් ප්‍රතිලාභ ලබාදීම සිදුකරයි. උදාහරණයක් ලෙස ඇඳුම් සාප්පුවක සේවය කරන ඔබ ඉතා පි්‍රයමනාප ලෙස, ගැළපෙන වර්ණයන්ගෙන් පිළිවලට ඇඳ පැළඳ ගෙන පැමිණිම දකින පාරිභෝගිකයන් සිතන්නේ ඔබට ඇඳුම් පිළිබද මනා අවබෝධයක් ඇති බවය. ඒ නිසා ඔඛෙන් ඔවුන් සහය බලාපොරොත්තු වෙයි. ඒ ආකාරයෙන් ඇඳුමේ ගැළපීම, වර්ණ මෙන්ම මෝස්තර ගැළපීම පිළිබදවද ඔබ දැනුවත් විය යුතුයි. ඒ සදහා එතරම් අවබෝධයක් ඔබ සතුව නොමැති නම් අන්තර්ජාලය හෝ විලාසිතා සගරා වෙත ඔබේ අවධානය යොමු කරන්න. ඔබ අදින පළදින විදය අනුව ඔබේ තත්ත්වය හා ආයතනයේ ස්වරූපය පිළිබද පැහැදිලි මානසිකත්වයක් අන් අයට ඇතිවෙයි. ඒ නිසා ලැඛෙන පළියට හෝ මුදල් ඇති පළියට දකින දකින විලාසිතා තමන් සතු නොකර ගැනීමට ඔබ දැනුවත් විය යුතුයි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment