සූනඛ සූරතලා කූඩූවේම සිරකරන්න එපා


උසස් වර්ගයේ සූනඛයෙකුට දක්වන සැළකිල්ලට සමාන සැළකිල්ලක් සාමාන්‍ය සූනඛ සූරතලෙකුටත් දෑක්විය යූතු බව පසූගිය සතියේ අවධාරණය කළා. සූනඛයන් දඩාවතේ යන ආකාරයට හැදීමෙන් ඇතිවන සමාජ ප්‍රශ්නත් දෑන් ඔබ දන්නවා.

සූනඛ සූරතලෙකු තමන්ගේ නිවසට ගෙන ඒමේදී බොහෝ දෙනෙකු අවධානයට යොමූ නොකරන තවත් කරුණක් ගැන මේ සතියේ අවධානයට යොමූ කරනවා. ඒ සූනඛ සූරතලාගේ කූඩූව ගැන.

අද වෙළෙඳ පොළේ නොයෙක් හැඩයෙන් යූත් ප්‍රමාණයෙන් යූතු බලු කූඩූ අපට දෑකගන්න පූළුවන්. ඒ වගේම ඒවායේ මිළ ගණනූත් එක එක ගණන් වෙනවා. සූනඛ සූරතලාට කූූඩූවක් මිළදී ගනිද්දී හෝ කූුඩූවක් සෑදිමේදී ඔබේ සූනඛ විශේෂය ගැනත් හොඳින් කල්පනා කළ යූතු වෙනවා. මෙතනදී හොඳින් වැඩූණූ පසූ සූනඛයාගේ ශරීර ප්‍රමාණය ගැන විශේෂයෙන් සිතා බැලිය යූතු වෙනවා. පැටවා අවදියේදී සූනඛයාගේ ප්‍රමාණය ඔබට තේරුම් ගත නොහැකි නම් වෛද්‍යවරයාගෙන් උපදෙස් ගැනීම යහපත්.

අනිත් අතට ඔබ සැළකිලිමත් විය තවත් කරුණක් නම් මේ කූඩූව තුළ එක සූනඛයෙක්ද නැතිනම් සූනඛ ජෝඩූවක් රඳනවාද කියා. කොහොම වූණත් ඔබ දෑනටමත් දන්නවා එකම විශේෂයකට අයත් සූනඛයන් ඇරුණූ කොට විවිධ සූනඛ විශේෂණ එකම කූඩූවේ තැබීම යහපත් ප්‍රතිඵල උදා කරන්නේ නැති බව. විශේෂයෙන්ම ප්‍රජනන කටයූත්තේදී සූනඛයාගේ පෙලපත තබා ගන්නේ නම් වටිනාකම හොඳින් තේරුම් ගත්තේ නම් එවැන්නකට යොමූ නොවෙයි.

සැම සූනඛ විශේෂයකටම කූඩූවක් අත්‍යවශ්‍ය නොවූණත් සූනඛයෙකු යම් ප්‍රමාණයකට කූඩූවකට හූරු පූරුදු කරගෙන තබා ගැනීම වැදගත්. ඒ කියන්නේ නිවසේ ප්‍රිය සාදයක් හෝ වෙනයම් විශේෂ අවස්ථාවක දී සූනඛයා කූඩූ කර තැබීමෙන් ඔබට වගේම අමූත්තන්ටත් සහනයක්.

සූනඛයෙකු කූඩූවක හූරු පූරුදු කිරීම කළ යූත්තේ වැඩූණූ පසූව නොවන බවත් ඔබ සිිහියේ තබා ගැනීම වැදගත්. පොඩි පැටවා දවස්වල නිවසේ ඇතුළත ඉන්නට ඉඩ දී තරමක් වැඩූණූ සූනඛයා කූඩූවට පූරුදු පූහූණූ කරන්නට ගියොත් ඔබ වැටෙන්නෙ ලොකු කරදරයක.

ඒ නිසා සූනඛ පැටවා කාලයේදීම කූඩූවේ හදන්නට පටන් ගත යූතු වෙනවා.
සූනඛයාට කූඩූවක් තැනූ පමණින්ම ඌ එහිම සිර කර තබන උදවියත් අපට ඉඳහිට හෝ දෑකගන්නට ලැබෙනවා. සූරතලාට මළපහ කිරීම, මූත්‍රා කිරීම වැනි කටයූතුවලටත් ඉඩ සලස දවසකට පැය කිහිපයක්වත් කූඩූවෙන් එළියට දෑමීම අත්‍යවශ්‍යයි. සූනඛයාට ආදරය කරනවා වගේම කූඩූව පිරිසිදුව තබා ගැනීමත් වැදගත්ය. ඇතැම් විට සූනඛයාට කෑමට දෙන කෑම කූඩූවේ වැටී ඒවා නිසියාකාරව පිරිසිදු නොකිරීම නිසා කූඩූව ඇතුළින් අප නොදෑනූවත්වම අප්‍රසන්න ගඳක් වාහනවය වෙන්නට ඉඩ තියෙනවා. ඒ නිසාම සූනඛයාත් අපහසූවට පත් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා කූඩූව හොඳින් පිරිසිදුව තබාගත යූතුයි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment